• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සසර ගමනේ ස්වභාවය

March 15, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සසර ගමනේ ස්වභාවය
Share on WhatsAppShare on Facebook

සංසාර ගමන බොහෝ සේ දිගය. මේ දීර්ඝ සංසාර ගමනේ පුංචි තාවකාලික නවාතැනක් විතරයි. මේ මනුෂ්‍ය ආත්මය. මැරෙන බව දැනගත්තද මරණයේ ස්වභාවය නිවැරැදිව හඳුනාගත නොහැකි අපි සංසාර ගමන කෙසේ හඳුනා ගන්නද? මරණය හඳුනා ගන්නා තැනැත්තාට සසර ස්වභාවය හඳුනා ගැනීම එතරම් අපහසු නැත. අප කරන අකුසල් තමයි මතු භවයකදී විඳවන්නේ. කෙනකුට හිතෙන්න පුළුවන් මම මැරෙනවා. මගේ මරණින් පස්සේ උපදින්නේ මම නොවෙයි වෙන කෙනෙක්. ඒ නිසා කර්මය පලදීමක් සිදුවන්නේ නැහැ කියලා.

ඒත් ඒ පිළිබඳ බුද්ධ වචනය මෙහෙමයි. ‘නව සෝ නව අඤ්ඤෝ’ තමාද නොව අන් අයකුද නොව යන්නයි. තමාගේ රූපකාය මතු භවයේ නොමැති නිසා තමන් නොවේ. එහෙත් නාම ධර්මයන් හෙවත් සිතුවිලි පරම්පරාව එලෙසම පවතින නිසා තමන්ම වෙයි. ඒ නිසා අකුසලයේ විපාක තමන්ට නොවේ යැයි කියා කෙනකුට ඉන් කෙසේවත් මිදිය නොහැකිය.

බුදුරජාණන් වහන්සේ ඉතා වටිනා ධර්ම කාරණා දෙකක් සංයුක්ත නිකායේදී දේශනා කළා. මහණෙනි, මහා කාරුණික බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම නිසා බොහෝ පිරිසක් පින්කර ගන්නේය. එවැනිම තවත් පිරිසක් පව් පුරවා ගන්නේය. සම්මා සම්බුදු කෙනකුගේ පහළවීම නිසා බොහෝ දෙනෙක් භව ගමනින් එතෙරව සැනසිල්ල සහනය ලබනවා සේම සම්මා සම්බුදු නමකගේ පහළවීම නිසා අපායගාමී පිරිසකුත් සිටින බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙයි. එනම් සත්පුරුෂ ක්‍රියාවක යෙදෙන විට තමා ගෙන ආ කර්ම ශක්තිය අනුව අපායගාමී පිරිස් සිටීම නොවැළැක්විය හැකිය. සංසාර ගමනේ පින් පුරවාගෙන පැමිණි පිරිස් බුදු පාමුල අරහත් මගඵල ලබා සසර ගමනින් එතෙර වනවා සේම බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට අවමන් කරමින්, අකුල් හෙළමින් සිටි අය අපායේ වැටෙති. බුදුරජාණන් වහන්සේ ඒ ගැන තැවෙන්නට, කම්පා වන්නට නොගියේය. අපායගාමී වන්නන් හැමදෙනා බේරාගන්න උන්වහන්සේ වැඩම නොකළහ. අංගුලිමාල බේරාගත්තද, දෙව්දත් බේරා ගැනීමට උන්වහන්සේ ඉදිරිපත් නොවූ සේක. මේ තත්ත්වය තමයි ලෝකයාට උරුම ලෝක ස්වභාවය. ලෝක ස්වභාවය වෙනස් කරන්නට බුදුන් වහන්සේ ඉදිරිපත් නොවූ සේක.

‘මේ ලෝකයම අපට හොඳ කරන්න බැහැ.’ සසර ගමනේ අප කළ, කී දේ අනුවයි සෑම දෙයක්ම සිද්ධ වන්නේ. පින් පුරපු පිරිස් හොඳ වන්නා සේම පව් පුරවා ගත් පව්කාර පිරිස් අගතිය කරා යන්නේය.

කෙනකුට හිතෙන්න පුළුවන් මම හොඳයි. ඇයි මගේ ගෙදර අයට හොඳ වෙන්න බැරි? ඇයි මගේ අසල්වැසියන්ට හොඳ වෙන්න බැරි? අපේ පවුලේ පිරිස හොඳයි. එහෙම නම් ඇයි ගමේ පිරිසට හොඳ වෙන්න බැරි කියලා. මනුෂ්‍ය ශරීරයක් අරගෙන මනුෂ්‍ය වර්ගයා අතර ඉපදුණත් එක් එක් පුද්ගලයා තුළ තිබෙන පින්දහම් විවිධාකාරයි. සියලු මනුෂ්‍යයෝ ශරීර හැඩයෙන්, රූප ස්වභාවයෙන් එක වගේ වෙන්න පුළුවන්. බාහිර ගමනින් එක වගේ වෙන්න පුළුවන්. ඒත් ගති පැවැතුම්වලින් එක වගේ වෙන්නේ නැහැ කවදාවත්. ඒ ඒ පුද්ගලයා සසර ගමනේදී රැස්කර ගත් කුසල – අකුසල අනුවයි ඒ ඒ පුද්ගලයාගේ ජීවිත සකස් වන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවේ අපි ලෝකයාට කල්‍යාණ මිත්‍රයෝ වුණත් ලෝකයේ සිටින තාක් තමාගේ ගුණධර්ම රැකගෙන ජීවත් විය යුතුයි කියලා.

අපිට පුළුවන් පහසුවෙන්ම ලෝකයාට අසත්පුරුෂයන් වෙන්න. එවිට ලෝකයේ සිටින සත්පුරුෂයාටත්, අසත්පුරුෂයාටත් අපි පතුරුවන්නේ අසත්පුරුෂකම. එහෙම නොවී අසත්පුරුෂ ජන සමාජ මැදදීත් සත්පුරුෂ ගුණ වර්ධනය කරගන්න පුළුවන් නම් එය අප ලබන නියම ධර්මානුකූල ජයග්‍රහණයයි. එනිසා අපි ධර්මයට අනුව නැවැත නැවැතත් මෙසේ මෙනෙහි කරමු. ‘මම ගුණවන්ත වෙනවා. මගේ ගුණවත් ජීවිතයෙන් ගුණවතුන් හට යහපතක් සිද්ධ වෙනවා වගේම අගුණවන්තයන්ටත් යම් යහපතක් සිදුවේවි. කිසිම ආකාරයකින් මම මගේ ගුණවත්කම නැතිකර ගන්නේ නැහැ.’ එහෙමයි සත්පුරුෂ පිරිසක් විදියට අප ලෝකයේ ජීවත් විය යුතු වන්නේ. එසේ නොවුණහොත් මාරයාගේ පිරිස වැඩි වෙනවා සේම සසර ගමන නිමාකරන පිරිස හිඟ වෙනවා.

වනාන්තරයක වන සිවුපාවුන් මැද කොටුවී ජීවිත බේරාගත නොහැකිව සිටින පිරිසක් ගැන හිතමු. ඒ පිරිස මහා දුකින් මරණ භයෙන් පීඩිතව මඟ සොයා ගැනීමට නොහැකිවයි මෙලෙස අතරමංව සිටින්නේ. ගෙවෙන තත්පරයක් තත්පරයක් පාසා මේ පිරිසේ ඉන්න බුද්ධිමත් කෙනෙක් හිතනවා මේ වනයේ වන සිවුපාවුන් බහුලයි. ඉක්මනින් මෙයින් මිදීමේ මඟක් සොයාගත යුතුයි කියලා. මෙහෙම හිතලා බේරිලා යන්න පුළුවන් මාර්ගයක් සොයා ගන්නවා. මේ පණිවුඩය අතරමං වූ පිරිසේ හැමෝම පිළිගනීවිද? සමහරු අධෛර්යමත්ව මේ පුවත ඉවත දමාවි. තව කෙනෙක් වනය ගම්මානයට වඩා හොඳ යැයි පවසාවි. ඉතා සුළු පිරිසක් ගම්මානය සොයා යන දුෂ්කර ගමනට එක්වේවි. එයිනුදු සමහරකු අධෛර්යමත්ව ගමන හමාර වීමට ප්‍රථම ගමනෙන් ඉවත් වේවි. අවසානයේ ඉතා ස්වල්ප දෙනකු මහ වනයෙන් මිදී ගම්මානයට පැමිණ නැවැත ඒ රුදුරු වනය දෙසට නොයන ලෙසට අන් අයට පවසාවි.

අපිදු එසේමය. මහා විසකුරු සර්පයන් බඳු දුක් ගොඩක් මැද ඒ දුක නොදැන මේ භවය ගෙවන්නෙමු. බුදුරජාණන් වහන්සේ මේ සසර භය දැන එයින් මිදී අවුත් අපටද සසර බයෙන් මිදෙන ලෙස ධර්මය දේශනා කළ සේක.

මහණෙනි, මම සසර ගමන හඳුනාගෙන එයින් මිදුණෙමි. නුඹලාද සසර ගමනින් මුදා ගනු පිණිස අනුශාසනා කරන්නෙමි. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා මේ ස්වභාවය හැඳින ගත්තද එයින් මිදීම පිණිස අනුශාසනා කළද එය වටහා ගන්නා පිරිස ඉතාම අල්පය. වනයෙන් මිදී ගම්මානයට පිවිසෙන්නේ ස්වල්ප දෙනෙක් සේම අනන්ත සසර සැරිසරන සත්වයා අතරින් සසර ගමන නිමා කරන්නෝ අල්ප වෙති.

සසර ගමනේ ස්වභාවය යම් තරමකට හෝ අවබෝධකර ගැනීම පිණිස අප නිතර නිතර වෙහෙස විය යුතුය. මහා සර්ප වළල්ලකට කොටු වී පුංචි ඉඩකඩක ඉන්න වෙලාවක යන්තම් හරි ගල් කැටයක් විසි වුණොත් මේ සර්පයෝ විෂ පුප්පාගෙන අප දෙසට ඒවි. ඒ අවස්ථාවේ අපට දැනෙන බයත් එක්ක පිපාසය දැනුණොත් දිය පොදක් බොන්නේ කෙසේද? වෙනත් අවශ්‍යතාවක් සපුරා ගන්නේ කෙසේද? සසරත් මේ වගේමය. මේ සසරේ විෂඝෝර සර්ප විමානයක් මැදයි අපි ජීවත් වන්නේ. ඒ බව දැන දැන අපි ගෙවල් දොරවල් හදනවා. ආහාර, ඇඳුම් සොයනවා. ඒකේ වරදක් තියෙනවද? එහෙත් නාග විමානේ මැද ඉන්න අපි දිය පොදට රණ්ඩු සරුවල් වුණොත් මොකද වෙන්නේ? ඒ වගේ නොවේද වර්තමාන සමාජය? ජාති, ජරා, ව්‍යාධි, මරණ නමැති මහා නාගයෝ සතර දෙනෙක් මැදයි අපි හැමෝම ජීවත් වන්නේ. මේ මහා විසකුරු නාගයෝ හතර දෙනා සතර දිසාවේ තබාගෙන අපි රණ්ඩු නොකර ගන්නේද? බැණ නොගන්නේද? වෛර නොකරන්නේද? ඊර්ෂ්‍යා නොකරන්නේද? මේ සියල්ල අපි කරන්නෙමු. මේ තත්ත්වය නිවැරැදිව හඳුනාගෙන නාගයෝ සතර දෙනෙක් මැද කෙතරම් බුද්ධිමත්වද අප සමාජයේ ජීවත් විය යුතු වන්නේ. එක් නාගයෙක් දෂ්ට කළ විට විෂ දැනෙනවා. එහෙත් ඉක්මනින් ඒ බව අමතක වෙනවා. මුළු සංසාර ගමනම මේ දේ තමයි අපි කරමින් ආවේ. මේ බව බුද්ධියෙන් යුතුව තේරුම් ගන්නේ නම් ලොව්තුරා බුදු කෙනකුන් ලෝකයේ පහළ වීම නිසා බොහෝ දෙනෙක් කුසල් රැස්කර ගනිති. එහෙම නම් ඇයි තව පිරිසක් පව් පුරවා ගන්නේ? මේ විෂඝෝර නාගයෝ සතර දෙනා සතර පැත්තේ පටලවා ගත්තා පමණක් නොව ඒ බව කියා දෙන උත්තමයාටත් දොස් පවරමින්, උරණ වෙමින් බොහෝ අකුසල් රැස්කර ගන්නේය. බුදු කෙනකුන් ලෝකය තුළ පහළ වූ විට සසර භය දැන එය තේරුම් ගෙන සසරින් මිදීමට කුසල් දහම් රැස් කරන පුද්ගලයන්ද එයින් මුදා නැවැත අකුසලයට ළං කිරීම පිණිස වෙහෙස ගනිමින් සසර ගමන දිගු කරන්නෝද වෙති.
පූජ්‍ය සිරිසුමංගල අනුනාහිමි

SendShareShare
Previous Post

මම නිර්මාණය කරන්නේ ජීවිතය එක්ක බැඳුණු කතා

Next Post

පාස්කු ප්‍රහාරයට ගෑවුණු ‌ප්‍රබල දේශපාලකයන් ගැන ‌ෆොන්සේකා කරපු ‌මහා හෙළිදරව්ව

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.