• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායකගෙන් පාස්කු ප්‍රහාරය ගැන බරපතළ ප්‍රකාශයක්! ගෝඨා සහ රනිල් දෙන්නටම ‌එකම චෝදනාව! මෙන්න ප්‍රකාශය! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 18, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
විපක්ෂනායකගෙන් පාස්කු ප්‍රහාරය ගැන බරපතළ ප්‍රකාශයක්! ගෝඨා සහ රනිල් දෙන්නටම ‌එකම චෝදනාව! මෙන්න ප්‍රකාශය! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේම ජනතාව ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටින මොහොතක පාස්කු ප්‍රහාරය හා ඉන් උද්ගත වූ තත්ත්වය කිසිදු දේශපාලනීකරණයකට ලක් නොකොට පරම සත්‍ය සෙවීම විපක්ෂයේ අරමුණ බවත් රජය විසින් මෙහි කරුණු හා දත්ත සැගවීම තුළ විපක්ෂ නායකවරයා ලෙස තමා ද මෙහි නිවැරදි සත්‍ය කරුණු නොදන්නා හෙයින් විපක්ෂය ඉල්ලා සිටින්නේ ද මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙහි සත්‍ය සඟවනවා යනු එය අතේ ලේ තැවරුනු පුද්ගලයන්ගේ කුමන්ත්‍රණයක් බවට සැක මතුවන බවත් රජය ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති වුවත් මෙහි සත්‍ය සැගවීම පමණක් සිදු කර ඇති හෙයින් දේශපාලන වාසි නොතකා කෙසේ හෝ මෙහි පරම සත්‍ය අනාවරණය කර ගැනීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (18) විපක්ෂයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී අදහස් දක්වමිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපති හා මහමැතිවරණ ජනවරමේ දී පාස්කු ප්‍රහාරයේ සුළ මුල සොයා ඊට සම්බන්ධ සියලු දෙනා සොයා වරද සම්බන්ධ සියලු දෙනාට දඩුවම් දෙන බව පැවසූ නිසා 69 ලක්ෂයක ජන වරමක් ලැබුවත් ඔහු එම සත්‍ය නොසොයා මේ ත්‍රස්ත ක්‍රියාව සම්බන්ධයෙන් පරීක්ෂණ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් එම කටයුතුවලින් ඉවත් කළ බවත් පසුගිය කාලයේ සිදුවූ විවිධ ක්‍රියාකාරකම් දෙස බලන විට පෙනී යන්නේ සත්‍ය සොයනවාට වඩා සත්‍ය සැගවීම සිදු කර බවත් මේ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එම සත්‍ය සොය යෑමේ වගකීම ද පැහැර හැර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම වත්මන් රජය සහ ජනාධිපතිවරයා ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කරමින් පාස්කු ප්‍රහාරයේ සත්‍ය වසන් කරමින් සිටින් බවත් විපක්ෂ නායකවරයා ලෙස තමාගේ කැමත්ත වන්නේ අවංක විශ්වාසනීය අපක්ෂපාතී දේශීය පරීක්ෂණයක් වුවත් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් දෙස බලන විට දේශීය පරීක්ෂණ සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් නොමැති බවත් එවන් තත්ත්වයක් තුළ ජාත්‍යන්තර පරීක්ෂනයකට යායුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු පිටපත පමණක් එළියට දුන්නත් දෙවැනි හා තෙවැනි පිටපත් අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හෝ විපක්ෂ නායකවරයාට හෝ පරිශීලනය කිරීමට තහනම් බවත් පාර්ලිමේන්තු මහලේකම්ගේ අධීක්ෂණය යටතේ පමණක් එය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දීම තුළ මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද පවා උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේ ම මේ ප්‍රහාරයෙන් විපතට පත් කතෝලික ජනතාව සහ කාදිනල් තුමා විසින් රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධ චැනල් ෆෝ වීඩියෝව පිළිබඳ සොයා බැලීමට පත්කිරීමට නියමිත නව කමිටුවට ද අප්‍රසාදය පළ කර ඇති බවත් මෙසේ නව කමිටු ස්ථාපිත කිරීමෙන් ද සිදු වන්නේ සත්‍ය වසන් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම මෙවැනි ප්‍රහාරයක් සිදු වීමට මෙරට ඇති සියලුම ආගම් හා ජාතීන්හි සිටින අන්තවාදීන් ද වගකිව යුතු බවත් මේ අන්තවාදීන් නිසා මෙරට ජාතික ආරක්ෂාව අහිමි වූ බවත් මෙම ප්‍රහාරයේ සත්‍ය සොයා නොගන්නා තුරු එය ද ජාතික ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල කරන බවත් එම නිසා ආගම් ජාති අතර ඇති අවිනිශ්චිතතාව හා සැකය දුරලීම සඳහා සත්‍ය අනාවරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

මහ එවුන් පීලි පැන්නම දුම්රියට යටවෙන අපි I Sri Lanka Latest News

Next Post

තිලීපන් සමරුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීට පහර දුන් 6ක් අල්ලයි! Sri Lanka Latest News

MORE NEWS

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

Load More
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

දවස 2024 අගෝස්තු 20 වැනිදා. මේක රැස්වීමක්. රැස්වීමක් කිව්වට දේශපාලන රැස්වීමක්. දේශපාලන රැස්වීමේ කතා කර කර ඉන්නවා එවක විපක්ෂයේ හිටපු...

Read more
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.