ඊයේ (17) ත්‍රී කුණාමලයේ දි තිලීපන් සමරුවට පහර දුන් පුද්ගලයින් 06 දෙනෙක් පොලිසිය විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
චීනවරාය පොලිසිය මගින් සිවු දෙනෙක් ද, ත්‍රී කුණාමලය පොලිසිය මගින් පුද්ගලයින් දෙදෙනෙක් ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. චීන වරාය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තිදෙනෙකු ත්‍රිකුණාමලය විජේසේකරපුර පදිංචිකරුවන්ය. අනෙක් පුද්ගලයා සර්ධාපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි. ත්‍රිකුණාමලය පොලිසිය මගින් අත් අඩංගුවට ගත් දෙදෙනා මනයාවෙලි හා සුමේධංකරපුර පදිංචිකරුවන්වේ
ත්‍රීකුණාමලය සර්ධාපුර චීනවරාය දෙසට හැරෙන ධම්මරතන පිරිවෙන් මංසන්ධියේ දී මෙම පිරිස අදාල පහරදීම සිදුකර තිබිණි.
එම අවස්ථාවේ දී පෙළපාළියේ ගමන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ද පිරිසගේ ප්‍රහාරයට ලක්වීය.
එම පහරදිමෙන් අනතුරුව සෙල්වරාජා කජේන්ද්‍රන්ට පහරදුන් අපරාධකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රිගෙන් ඉල්ලා තිබිණි.
එමෙන්ම සුමන්තිරන් මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, පොලිස් නිලධාරීන් ඉදිරියේ සිදුවූ පහරදීම හෙළාදැක්කේය.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධව ඊයේ රාත්‍රියම පොලිසිපති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය පවසයි.
lankasara










