• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඔබ පිටතින් වගේම ඇතුළතිනුත් ජෙනුයින්ද?

March 12, 2020
in Business
Reading Time: 2 mins read
A A
ඔබ පිටතින් වගේම ඇතුළතිනුත් ජෙනුයින්ද?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම ලෙස ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් වෙතින් ගෙන්වා බෙදාහරින බජාජ් නිෂ්පාදන පිළිබඳව මෙරට පාරිභෝගිකයන්ට අමුතුවෙන් කිව යුතු නොවේ. දිවයින පුරා අස්සක් මුල්ලක් නෑර පැතිරී ඇති බජාජ් ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් සහ කියුට් රථ මෙරට ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලන හිතවත්ම සගයා බවට පත්වී ඇත.

තම බජාජ් වාහනය අලුත්වැඩියා සහ සර්විස් කිරීමේදී බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස්ම භාවිත කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් ‘මම ජෙනුයින්’ ලෙසින් පසුගියදා නවතම වැඩසටහනක් හඳුන්වා දෙන ලදී. තම වෙළෙඳ නාම ප්‍රචාරය කර ගැනීම පසෙකලා බජාජ් පාරිභෝගිකයන් දැනුවත් කිරීම සහ රැක ගැනීම සඳහා ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් වෙතින් හඳුන්වාදුන් තවත් එක් වැඩසටහනක් ලෙස මෙය හැඳින්විය හැකිය.

මේ ‘මම ජෙනුයින්’ වැඩසටහන පිළිබඳව ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ්හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අමතර කොටස් හා උපාංග) මංජුල ද අල්විස් මහතා සමඟ කරන ලද සාකච්ඡාවකි.

ප්‍රශ්නය – ඔබ ආයතනය විසින් බජාජ් වාහනවලට ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව හැම විටම පාරිභෝගිකයන් දැනුවත් කරනවා. වෙළෙඳ පොළේ ඇති ව්‍යාජ අමතර කොටස් ප්‍රතික්ෂේප කර ජෙනුයින් අමතර කොටස් යෙදීමේ ඇති වාසිය කුමක්ද?
පිළිතුර – බජාජ් වාහනයක් අලෙවි කිරීමේදී ඉන් ලබාගත හැකි උපරිම ප්‍රතිලාභ ලබා දීමට අපි පාරිභෝගිකයාට පොරොන්දු වෙනවා. එනිසා ඔබගේ බජාජ් වාහනයේ උපරිම ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි වන්නේ ජෙනුයින් අමතර කොටස් යොදා එම වාහනය නඩත්තු කළහොත් පමණයි. හේතුව වාහන නිෂ්පාදකයා විසින්ම නිපදවන ලද ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් පමණක්ම ඒ සඳහා යෙදුවොත් තමයි එහි ක්‍රියාකාරිත්වය වාහනයට ලැබෙන්නේ.

ප්‍රශ්නය – බජාජ් ජෙනුයින් පාර්ට්ස් භාවිත කිරීමේදී ප්‍රමිතිය පිළිබඳව ඔබට ලබාදිය හැකි සහතිකය කුමක්ද?
පිළිතුර
– සාමාන්‍යයෙන් අමතර කොටස් 1,500ක් වගේ ප්‍රමාණයකින් තමයි වාහනයක් නිපදවා තිබෙන්නේ. එසේම එහි නිෂ්පාදකයා විසින් වාහනය මුලින්ම එකලස් කිරීමට යොදා ගන්නා අමතර කොටසක් තමයි බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් ලෙස වෙළෙඳපොළට නිකුත් කෙරෙන්නේ. ඒ අනුව බජාජ් වාහනයක් අලුත්වැඩියා කිරීමේදී වාහනයේ මුල් නිෂ්පාදකයා විසින්ම නිපදවා වෙළෙඳපොළට නිකුත් කරන ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් යෙදුවහොත් මුල් කොටස්වල ප්‍රමිතිය ඒ අයුරින්ම ලැබෙනවා. එනමුත් ව්‍යාජ අමතර කොටස් භාවිත කිරීමේදී එම තත්ත්වය කිසිදා හිමි වන්නේ නෑ.

ප්‍රශ්නය – බජාජ් ජෙනුයින් පාර්ට්ස් මිලදී ගැනීමේදී ඔබ ආයතනය විසින් පාරිභෝගිකයාට සලසා ඇති පහසුකම් මොනවාද?
පිළිතුර
– අපි ලංකාව පුරා දහසකට අධික බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් අලෙවි ජාලයක් පවත්වාගෙන යනවා. එහිදී දිවයින පුරා ප්‍රධාන අලෙවිකරුවන් 350ක් පමණ සිටින අතර උප ප්‍රධාන අලෙවිකරුවන් 700ක් පමණ සිටිනවා. ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් විසින්ම ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන 16ක් පමණ පවත්වාගෙන යනවා. මීට අමතරව පැය 24 පුරා ක්‍රියාත්මක වන පාර්ට්ස්මාර්ට් ස්වයංක්‍රීය අමතර කොටස් අලෙවි යන්ත්‍ර දිවයින පුරා ස්ථාපිත කර තිබෙනවා. එසේම වර්තමානයේදී Speedy Delivery සේවාව තුළින් පාරිභෝගිකයන්ගේ අත ළඟටම බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් ගෙන්වා ගැනීමේ පහසුවද සලසා තිබෙනවා.

ප්‍රශ්නය – ව්‍යාජ අමතර කොටස් භාවිත කිරීමෙන් පාරිභෝගිකයාට සිදු විය හැකි හානිය පිළිබඳව පැහැදිලි කළොත්?
පිළිතුර
– අද රටේ හැම තැනම අනුකරණ පවතිනවා. අපි පාරිභෝගිකයාට පවසන්නේ තමන්ගේ වාහනය තමන්ගේ ජීවිතය වගේ හිතන ලෙසයි. ඔබ අහිතකර දේවල් ආහාරයට ගතහොත් සිදු වන දේ ඔබ හොඳින්ම දන්නවා. ඒ වගේ තමයි තමන්ගේ වාහනයත්. අපි අපේ වාහනය භාවිත කරන්නේ මහ මඟ ගමන් කිරීමට. එහිදී අපි ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් භාවිත කළේ නැත්නම් අපේ ජීවිතයට පවා හානියක් සිදු විය හැකියි. උදාහරණයක් ලෙස පැවසුවහොත් ඔබගේ වාහනයට ව්‍යාජ බ්‍රේක් උපාංග සවි කළහොත් එය අවශ්‍ය වෙලාවට නිසි පරිදි ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. එසේ වුවහොත් ඔබේ ජීවිතයට මෙන්ම ඔබේ පවුලේ අයට මුහුණ දීමට සිදු වන දේ පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැහැ. මහ මඟ ගමන් කරන අයද අපගේ වරදින් කරදරයට පත් විය හැකියි. සමහර වෙලාවට මුදලේ වාසියට ඔබ වාහනයට ව්‍යාජ අමතර කොටස් යෙදුවහොත් එමඟින් අනෙක් ජෙනුයින් කොටස්වලටත් හානි විය හැකියි. එසේ වුවහොත් සිදු වන්නේ මුදලේ වාසිය බැලීමට ගොස් ඔබ අනවශ්‍ය ලෙස මුදල් හා කාලය නාස්ති කර ගැනීමය.

ප්‍රශ්නය – පාරිභෝගිකයා වෙළෙඳපොළේදී ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් හඳුනාගන්නේ කෙසේද?
පිළිතුර
– බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් හඳුනාගැනීමේ ක්‍රම කිහිපයක් තිබෙනවා. පළමුව සඳහන් කළ යුතු වන්නේ මෝටර් සයිකල් ජෙනුයින් පාර්ට්ස් නිල් පැහැයෙන්ද, ත්‍රිරෝද රථ ජෙනුයින් පාර්ට්ස් කොළ පැහැයෙන්ද සමන්විත ඇසුරුම්වල එනවා. එසේම එහි රෝස පැහැති ලේබලයක් අලවා ඇති අතර එම ස්ටිකරයේ අමතර කොටසට අදාළ විස්තරය සඳහන් කර තිබෙනවා. මේ අතර අසුරනයේ ඇති වැදගත්ම දේ තමයි අලි පැංචා සලකුණ සහිත හොලෝග්‍රෑම් ස්ටිකරය. වෙන ඕනෑම ලේබලයක් ව්‍යාජව මුද්‍රණය කළත් හොලෝග්‍රෑම් ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කළ නොහැකියි. එසේම හොලෝග්‍රෑම් ස්ටිකරය සීරූ විට ලැබෙන රහස්‍ය අංකය 0777665577 යන අංකයට SMS කළ පසු ක්ෂණිකව ලැබෙන SMS පිළිතුර මඟින්ද එය ජෙනුයින් අමතර කොටසක් ලෙස වැඩිදුරටත් තහවුරු කර ගත හැකියි.

ප්‍රශ්නය – බජාජ් වාහන මෙන්ම ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් වෙතින් ලබා දෙන අලෙවියෙන් පසු සේවාව ගැන සඳහන් කළොත්?
පිළිතුර
– අපගේ වාහනවල ඉන්ධන පිරිමැස්ම, පාරිභෝගික ආරක්ෂාව, ගමනේ සුවපහසුව මෙන්ම දිගුකල් පැවැත්ම අපි තහවුරු කර තිබෙනවා. එසේම අප ආයතනය විසින් ලබා දෙන ජෙනුයින් අමතර කොටස් මෙන්ම අලෙවියෙන් පසු විශිෂ්ට සේවය හේතුවෙන් අන් අයට තව තවත් අපව සම කළ නොහැකි වී තිබෙනවා. පාරිභෝගිකයාට අලෙවියෙන් පසු උපරිම සේවය ලබා දිය හැකි පරිදි ලංකාව පුරා ස්ථාපිත කර ඇති අපගේ අලෙවි හා සේවා ජාලය අන් කිසිවකුට සම කළ නොහැකියි. එසේම ඒ හරහා ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර බජාජ් ජෙනුයින් අමතර කොටස් මෙන්ම බජාජ් සේවා කාර්යක්ෂමව ලබා ගත හැකි වන පරිදි අප ජාලය සකස් වී තිබෙනවා.

ප්‍රශ්නය – තවදුරටත් බජාජ් පාරිභෝගිකයන්ට ව්‍යාජ අමතර කොටස්වලට නොරැවටී බජාජ් ජෙනුයින් පාර්ට්ස් ගැන යමක් දැනගැනීමට අවශ්‍ය නම්?
පිළිතුර
– 0114700600 දුරකතන අංකය ඔස්සේ අපගේ පාරිභෝගික සේවා අංශය ඇමතීමෙන් ඒ පිළිබඳව ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබා ගැනීමට පුළුවන්.

SendShareShare
Previous Post

රාජපක්ෂ පවු‌ලේ තුන්වන ප්‍රහාරයත් එයි: බැසිල් මෛත්‍රිට වැටෙන්නම ගහයි (VIDEO)

Next Post

රනිල්-මහින්ද යට ‌ගේමක් හරීන් ‌හෙළිකරයි (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.