• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ පළමුවැනි මහා දන්සල දුන් පානදුරේ මහා රේන්දකාරයා ජෙරමියෙස් දියෙස් I Sri Lanka Latest News

September 14, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කන්නත් දීලා ශත 50ක් දුන්නා…

තමන්ගේ නිවෙසට යාබද ඉඩමේ වැඩකටයුතු, අවසන් වෙමින් පවතින විහාරස්ථානයේ කටයුතු උදෙසා මාස්පතාම තම ආතර් පුතා අතේ එහි නායක හාමුදුරුවන්ට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් යැවීම පොන්නහැන්නදිගේ ජෙරමියෙස් දියෙස් මැතිතුමා නොකඩවා සිදුකළ කටයුත්තකි. ඒ මුදල් නායක හාමුදුරුවන් අතට දී, ‘මේ සල්ලි අරක්කු සල්ලි නොවෙයි’ කියලා කියන්නැයිද එතුමෝ තම පුතාට කියා සිටියහ.(Sri Lanka Latest News)

තාත්තාගේ ව්‍යාපාරය මත්පැන් ජාවාරම බව ආතර් පුතා හොඳ හැටියට දන්නේය. තම පවුලට අයත් පොල් වතුවල ගස් රාවලට මැදගෙන ඒවා කල් තබා අරක්කු බවට පත්කරවාගෙන අලෙවි කිරීම තාත්තාගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. ප්‍රදේශයේ හා ඉන් පිටතද බලය ලබාගත් අරක්කු තැබෑරුම් මගින් ඒවා අලෙවි කිරීමද බෝතල් කර පිට ප්‍රදේශවලට සැපයීමද ඒ යටතේ නිතිපතාම කෙරෙන කටයුත්තකි. තම පවුලේ පිරිමි හතර දෙනාගෙන් අනෙක් තුන්දෙනා තාත්තාගේ ව්‍යාපාරයට සිය කාලය කැප කළ නමුදු ආතර් පුතා කුඩා කාලයේ සිටම එයට එතරම් කැමැත්තක් නොදැක්වූ බවද පියා දනී. එහෙයින්ම තාත්තා ආතර් පුතා යොදවා ගත්තේ පන්සලේ කටයුතු වැනි පින් අතේ කටයුතුවලට පණිවුඩ පනත්වලට යොදවන්නටය.

තම පවුලට අයත් තැබෑරුම්වලින් තම නිවෙස වන ‘එඩ්මන් හවුස්’ මන්දිරය වෙත තැබෑරුම්වලින් එකතුවන මුදල් සම්භාරය ගෙනෙන්නේ ගෝනිවල දමා කරත්තවලිනි. නෝට්ටු කොළ හා කාසි ඇතුළත් එම ගෝනි පිටින්ම අඩුක්කු කිරීමට නිවෙසේ එක් කාමරයක් වෙන්කර ඇත්තේය. සති ගණනාවක් ඉක්ම ගියායින් පසුවයි නොයෙක් විට එම සල්ලි ගෝනියක් එම කාමරයේ මේසය උඩට හලාගෙන ගණන් කරනු ලබන්නේ. එම සිද්ධිය සුපුරුදු ලෙස සිදුවන්නකි.

එහෙත් තමන් අතේ පන්සලට මුදල් යවද්දී මුදල් දී ‘මේවා අරක්කු සල්ලි නොවෙයි’ කියා නායක හාමුදුරුවන්ට කියන්නැයි තාත්තා හැම වාරයකම පාහේ කියන්නේ කුමක් නිසාදැයි ආතර් පුතාට ප්‍රශ්නයක් වූ නමුත් ‘එසේ නම් තාත්තා මේ සල්ලි මොන සල්ලිද?’ කියා අසන්නට ඒ කිසි දිනෙක පුතා පෙලඹුණේ නැත.

මේ අතර එක් දිනෙක නායක හාමුදුරුවන්ට පන්සල් කටයුතුවලට හදිසියේ මුදල් අවශ්‍යවී මුදල් එවන දිනට දින දෙකකට පෙර කෙනකු අත කියා එව්වේ ‘අද මුදල් තිබුණොත් හොඳයි’ කියාය.

එහෙත් එයට පියාණන් පණිවුඩකරුවට කීවේ ‘අද සල්ලි නෑ, හෙට හවස ගෙනත් දෙන්නම්’ කියලා හාමුදුරුවන්ට කියන්න කියලාය. ඉන්පසුව තාත්තා කෙනකුට කතාකර ‘අනිද්දාට එවන්නට තියෙන මුදල් හෙටට එවන්න’ යැයි කියා කවුදෝ කෙනකු අත පණිවුඩයක් යවනුද ආතර් පුතා බලාගෙනය. ගෝනි කනක්කුවෙන් කාමරයක් පුරා තිබෙන සල්ලිවලින් මෙයට නොගන්නේ මන්දැයි කුඩා ආතර් පුතාට ප්‍රශ්නයකි.

පසුවදා දහවල් පණිවුඩකරුගේ දැනුම්දීම අනුව කෙනකු මුදල් ප්‍රමාණයක් තාත්තා අතට ගෙනැවිත් දුන් විට එදා නම් තාත්තා එම මුදල් නායක හාමුදුරුවන්ට ගෙනගොස් දෙන්නට කියා ආතර් පුතාට දුන්නේ නැත. එදා පියා කළේ පුතාද සමගම මුදල් රැගෙන නායක හාමුදුරුවන් වෙත යාමය. ගොස් ඒවා පූජා කිරීමය. ඉන්පසු එතුමා කළේ ඒ ගැන මෙතෙක් කල් පුතා අතේ කියා එවූ කතාවේ නිදාන කතාව නායක හාමුදුරුවන් හමුවේ කියා පෑමය.

‘නායක හාමුදුරුවනේ, මම හැමදාම මුදල් මගෙ මේ පුතා අතේ ඔබ වහන්සේට එවන විටදි මේ මුදල් අරක්කු සල්ලි නොවෙයි කියලා කියන්න කියලනෙ කියල එවන්නෙ. මගෙ ගෙදර ගෝනි කනක්කුවේ තියෙන්නෙ අරක්කු සල්ලිනෙ. ඒත් මගෙ පුතාවත් කිසි දවසක මගෙන් ඇහැව්වේ නෑ එහෙනම් තාත්තෙ මේ සල්ලි මොන සල්ලිද කියලා. නමුත් මේකෙ නියම කතාව අද මම ඔබ වහන්සේ හමුවේ කියන්නම්. මම කුඩා කාලෙ ඉඳලම පොල් එකතු කරලා තෙල් හිඳලා විකුණලා මුදල් ප්‍රමාණයක් එකතු කළා. එහෙම කාලයක්ම එකතු කළ මුදලින් මම අක්කර අසූවක පොල්වත්තක් අරගෙන තියෙනවා.

ඊට පස්සෙ මම මෙහෙම මහා පරිමාණයෙන් වතු අරගෙන අරක්කු රේන්ද අරගෙන දියුණු වුණේ. ඉතින් මම ඒ මුදල් පන්සලේ කටයුතුවලට ගාවන්නෙ නැතුව අර මගේ සාධාරණ මුදල් තිබෙන පොල් වත්තෙන් ලැබෙන ආදායමෙන් තමා පන්සල් කටයුතුවලට වියදම දෙන්නේ. මම මේ කරන කටයුත්ත බුදු හාමුදුරුවෝ නොකටයුතු අසාධාරණ ව්‍යාපාරයක් බවට දේශනාකරලා තියෙනවනෙ. ඉතින් මට ව්‍යාපාරයෙන් ලැබෙන ඒ සල්ලි මෙහෙම පින් කටයුත්තට නොයොදා සිදු කරන්නයි මෙහෙම කරන්නෙ’ යනුවෙන් ඉන්පසුව එතුමෝ කියා සිටියේය.

මෙය පානදුරේ රන්කොත් විහාරයේ නාහිමියන්ටද අතිශය සතුටට කාරණයක්ද වූයේ පන්සලේ ප්‍රධාන දායකයාගේ එක්තරා අන්දමක ‘අමද්‍යප ප්‍රතිපත්තියක්ද’ මෙයින් හෙළිවුණු හෙයිනි.

‘බොහොම හොඳයි මුදලාලි මහත්මයා. ඔබතුමා තුළ තියෙන හොඳ ගතිගුණ පිළිබඳවත් මට කාලෙක ඉඳලම සැහෙන හැඟීමක් තියෙනවා. අදයි මේ ගුණය ගැන දැනගත්තේ. ව්‍යාපාරික වශයෙන් මොන මොන කටයුතු කළත් ඔබතුමාගේ හදවතේත් යහ පැවතුම් පැත්තක් තිබෙන බව මෙහෙම දැනගැනීමට ලැබීමත් සතුටක්’ යනුවෙන් කී නායක හිමියෝ වෙනදාටත් වඩා හැඟීමෙන් යුතුව තාත්තාටත් පුතාටත් සෙත් පිරිතක් කියා ආශීර්වාද කළහ.

මේ කතාව කටින් කට ප්‍රචාරය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් එක් දිනෙක කලින් පණිවුඩයක් එවා එඩ්මන් හවුස් මන්දිරය කරා වැඩම කළේ ප්‍රදේශයේ නමගිය මහා ස්ථවිර නමක වන රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේ නායක පූජ්‍ය වලානේ ධම්මානන්ද හිමිපාණන්ය. සෙලෙස්තිනා රුද්‍රිගු – ජරමියෙස් දියෙස් මැතිනිය හා එවේලේ එහි වූ දූදරුවන් වෙතින් මෙම මහා නාහිමියන් අතිඋසස් ලෙස පිළිගැනිණි. ගිලන්පස වැලඳීමෙන් පසුව නාහිමියෝ තමන් පැමිණි කාරණය පැහැදිලි කළහ.

‘මට ආරංචි වුණා මුදලාලි මහත්මයා රන්කොත් විහාරෙ කටයුතුවලට මාස්පතා මුදල් වශයෙන් දෙන්නෙ අමද්‍යප මුදල් බව. සාධාරණව හරිහම්බ කරපු මුදල් බව. ඔබතුමාගෙ ප්‍රධාන ව්‍යාපාරය බුදුන් වහන්සේ අකැප ව්‍යාපාරයක් වශයෙන් සඳහන් කළ එකක් වුවත් එහි යෙදෙන ගමන්ම මෙවන් ආදර්ශවත් කටයුත්තක් කිරීම ගැන අපටත් ආරංචි වුණාම ඒක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ සමග ඔබතුමාගෙ ධනයෙන් සිදු කෙරෙන ආගමික, ජාතික, සමාජ සේවා කටයුතු නිසාත් ඉතිහාසගත වන මහජන සේවයක් සිදුකෙරෙනවා. බොහොම හොඳයි.’

‘හොඳයි එහෙම නම් මම කියන්නම් අදහසක්. මේ ලබන වෙසක් පොහොයදා මුදලාලි මහත්මයත් හාමිනේත් පන්සලේ අටසිල් සමාදන් වෙන්න. එතකොට මේ දරුවන්ටත් ආදර්ශයක් වෙනවා. ඔබතුමා වගෙ අනිත් අයටත් ආදර්ශයක් වෙනවා. එදාට දරුවන්ට පුළුවන් දානමාන කටයුතු සම්පාදනය කරන්න…’ යනුවෙන් එවර නාහිමියන් කියා සිටි විට එය සියල්ලන්ගේම සිත්සතන් සතුටට පත්කළ කාරණයක්ද විය.

‘එහෙමයි අපේ නායක හාමුදුරුවනේ. ඔබ වහන්සේගෙ ඉල්ලීම මෙවර වෙසක් පොහොයදා අපි දෙදෙනාම ඉෂ්ට සිද්ධ කරනවා. ඒක අනික් අයටත් ආදර්ශයක් වන අයුරින්ම අටසිල් සමාදන් වෙනවා…’ යැයි එවර ඔහු කියා සිටියේ නාහිමියන් ළඟ යළිත් වරක් දණගසා වැඳ නමස්කාර කරමිනි.

එදායින් පසු ජෙරමියස් දියෙස් රේන්ද මහත්මයා හැසිරුණේ අමුතුවෙන්ම ආත්මයක් ලද්දකු පරිද්දෙනි. ස්වභාවයෙන්ම සැරපරුෂ අයකු වූ ඔහු ඉන්පසුව තම පවුලට පවුලේ දූදරුවන්ට මෙන්ම සේවක සේවිකාවනට තම ව්‍යාපාරයේ නියුතු අයට විශේෂ ආදරයක් කරුණාවක් දක්වන්නකු බවට පත්විය. වෙනදාටත් වඩා පිනට දහමට සමාජ සේවයට ඇප කැප වූවකු බවට පත්විය. එය සියල්ලන්ගේම සිත්වල එතුමා කෙරෙහි මහත් වූ භක්ත්‍යාදරයක් ඇතිවීමට හේතුවක්ද විය.

වෙසක් මාසයේ මුල සතියේ දිනෙක තමන්ගේ කටයුතු කලින්ම නිමවා දහවල් කෑමට මන්දිරය කරා පැමිණි ජෙරමියස් දියෙස් රේන්ද මහත්මයා කෑමෙන් පසුව තම මැතිනිය සෙලෙස්තිනා රුද්‍රිගු ජෙරමියස් දියෙස් මාතාව අමතා කීවේ අපූරු කතාවකි.

‘නායක හාමුදුරුවො කීවා වගේම අපි දෙදෙනාම වෙසක් දවසේ උදේම පන්සලට ගිහින් අටසිල් සමාදන් වෙමු. අපේ දරුවන්ට අපිට දහවල් දානෙ සකස් කරලා පන්සලට ගෙනෙන්න කියමු. ඒ ගමන්ම මම තවත් එක් කාරණයක් ගැන හිතුවා. ඒ නම් අපි දෙදෙනාට වගේම සිල් අරගෙන සිටින අනෙක් අයටත් දානෙ දෙන්න කටයුතු යොදමු. ඒ වගේම පන්සල ඉදිරියේ මඩුවක් ගහලා පන්සලට එන දුගී මගී යාචකාදීන්ටත් දානෙ දෙන්න කටයුතු යොදමු. ඒ කතාව කාට කාටත් වෙසක් දවසේ කාබී සතුටු විය හැකියි’ යනුවෙන් පියාණන් කියා සිටි විට එය අසා සිටි දූදරුවන්ට සතුටක් ඇතිවුණේ මෙසේ වූ වෙනස කාට කාටත් හොඳහිත පැතිරවීමටද හේතුවක් වූ නිසාමය.

මෙසේ පානදුරේ රන්කොත් විහාරයේ වෙසක්දා මහා දන්සලක්ද දෙන බව ප්‍රචාරය වූ හෙයින් අහල පහළ විහාරස්ථානවල නාහිමිවරුන් මෙන්ම දායකයන් තුළ ද අමුතුම හැඟීමක් ඇතිවූයේය.

මෙසේ වූ වෙසක් පොහෝදා ජෙරමියෙස් යුවලගේ අටසිල් සමාදන් වීමත් දුගී මගී යාචකාදීන්ටත් විහාරස්ථානයට වන්දනාමාන උදෙසා පැමිණෙන්නටත් ඇරුණු වෙසක් දන්සලත් කාගේත් කතාබහට ලක්වූයේය. වැඩි දෙනෙක් ඒ දැක ශ්‍රද්ධා සිත් වඩාගත්හ. තව තවත් පින්දහම් කෙරෙහි සිත් ඇත්තෝ වූහ.

රන්කොත් විහාරය ඉදිරිපිට පාර අයිනේ ඉදිකරන ලද වෙසක් දන්සල ගොක්කොළවලින්ද එයින්ම සාදන ලද පහන් කූඩුවලින්ද අලංකාර විය. එකල වෙසක් පහන් හෝ කූඩු ක්‍රමය ඇරැඹී තිබුණේ නැත.

මේ වසර වූයේ ක්‍රිස්තු වර්ෂ 1901 වැනි වෙසක් පසළොස්වක පොහොය දිනයයි. තමන්ගේ මවුපියන් පන්සලේ අටසිල් සමාදන්ව බණ භාවනාවලට යොමු වෙමින් සිටියදී පෙරදී කතාබහ කරගත්තා සේම ඔවුනගේ දූපුතුන් සියලු දෙනාම අටසිල්ගත් අනෙක් උපාසක උපාසිකාවන්ගේ කටයුතු මෙන්ම එදින වන්දනාමානයට සපැමිණි සැදැහැවතුන් වෙනුවෙන්ද තම යුතුකම් මනාව ඉටු කරන්නට යුහුසුලු වූහ. ඒ සමගම ප්‍රථම වරට වන්දනාකාර දුගී මගී යාචකාදීන් වෙනුවෙන් ඇති කරන ලද වෙසක් දන්සලේදී ඔවුන්ට සිතුසේ කෑමට බීමට සැලැස්සීම ගැනද ඔවුන් කටයුතු කළ බව පෙනිණි.

පියාණන් විසින් කලින්ම දූ දරුවන්ගෙන් ඉල්ලා සිටි පරිදිම එසේ කෑමෙන් බිමෙන් සංග්‍රහ ලද දුගී මගී යාචකාදීන් වෙනුවෙන් සත පනහ බැගින් මුදලක්ද බෙදාදීමට කටයුතු යෙදිණි. එයද ඔවුනට අතිශය සතුටට හේතුවක් වූයේ එකල සත පනහකින් පවුලකට දින ගණනාවක් ගතකිරීමටද හැකියාව තිබුණු හෙයිනි.

පානදුරේ ජෙරමියෙස් දියෙස් යුවල විසින් මෙසේ දෙන ලද වෙසක් දන්සල ඉන් පසු සෑම වෙසක් පොහොයක් පාසාම එසේ පවත්වාගෙන යන්නටද තීරණය කෙරිණි. මෙම වෙසක් දන්සල පිළිබඳ ඇසූ දුටු අනෙක් පළාත්වල පන්සල්වල දායක දායිකාවෝද තම තමන්ගේ ප්‍රදේශවල විහාරස්ථානවල මෙවන් වෙසක් දන්සල් පැවැත්වීමටද තීරණය කරගත්හ.

එය පහනින් පහන දැල්වෙනවා මෙන් පසු කලෙක වසරක් වසරක් පාහේ දිගින් දිගටම ගොස් මුළු රටේම නොයෙකුත් ප්‍රදේශවල වෙසක් දන්සල් පැවැත්වීමේ සාමූහික කටයුත්තක් බවටද පත්වූයේය. එය සෙන්පති ඕල්කොට්තුමාගේ ලංකාවතරණයත් හා සමගම ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයේ පශ්චාත් ඵලයක් ලෙසින් සැලකිය හැකිය. වෙසක් දන්සල් පමණක් නොව විශේෂයෙන්ම අනුරාධපුරයේ ‘පොසොන් දන්සල්ද’ බිහි වූයේ පසුකලෙක මෙය මූලාශ්‍ර කරගෙනය.

එම දානපති අම්මාත්, ආතර් පුතාත් එකතුව තම ධනය එකල මහා බෞද්ධ විදුහල් බවට පත්ව තිබූ මරදානේ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ලේ මහින්ද ආදී විදුහල්වල දියුණුව පිණිසත් ප්‍රදේශයේ විහාරස්ථාන දියුණුව පිණිසත් අත දිගහැර වියදම් කළහ.

මෙතෙක් කල් ලංකාවේ ධනවත්ම කාන්තාව වශයෙන් ‘පානදුරේ රේන්ද නෝනා’ නමින් ප්‍රකටව සිටි සෙලෙස්තිනා රුද්‍රිගු ජෙරමියෙස් දියෙස් මැතිනිය පසුකලෙක පානදුරේ විශාඛාව නමින් හැඳින්වෙන්නට කරුණු සැලසිණි. ඒ අනුව එතුමිය ප්‍රථමයෙන් වර්ෂ 1917 දී කොළඹ නගර සභාව අසල ආරම්භ කරන ලද කොළඹ බෞද්ධ කාන්තා මහා විද්‍යාලය පසු කලෙක වර්ෂ 1927 දී එවක සිටි ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරතුමා සහ ආර්යාව අතින් විවෘත කෙරුණේ බම්බලපිටියේ ‘විශාඛා විද්‍යාලය’ නමිනි. ඉන් පසුව එයින් ලංකාවට පමණක්ද නොව ලෝකයටද දැන උගත් බාලිකාවන් කාන්තාවන් රැසක්ම බිහිවිය.

මේ ගෙවීයන්නේ සෙලෙස්තිනා රුද්‍රිගු ජෙරමියෙස් දියෙස් මැතිනිය බිහිකළ ‘විශාඛා විද්‍යාලයේ’ සියවැනි සංවත්සරයයි. දැනුදු ඉහළම තත්ත්වයේ පවතින තම විද්‍යාලයේ දියුණුව පිළිබඳ මැතිනිය යහපත් තැනක සිට සතුටුවන බව කීම අතිශයෝක්තියක් නොවේ.

සෝමසිරි කස්තුරිආරච්චි

SendShareShare
Previous Post

4 වැනිදා ආරම්භ කළ අලුත්ම අරගලය ‘අත නොතබනු’ I Sri Lanka Latest News

Next Post

පහ වසරේ දැරියන්ට ලිංගික අතවර කළ 55 හැවිරිදි ඉංග්‍රීසි ගුරාට ඇප! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.