කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ කුරුණෑගල මූලස්ථාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් එම පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අද (14) නියෝග කළේය. (Sri Lanka Latest News)
මාවතගම අඹකොටේ රන්ගලගම පදිංචිකරුවෙකු වන රාජසිංහ නමැති 55 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ඇප මත මුදාහැරිණි. සැකකරු විවාහක දෙදරු පියෙකි.
තම දරුවන්ට සැකකාර ගුරුවරයා ලිංගික අතවර සිදු කළ බවට දෙමාපියන් පිරිසක් විසින් කරන ලද පැමිණිලි මත විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුණෑගල මූලස්ථාන පොලීසිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරීහු සඳහන් කළහ.
lankadeepa