චැනල් 4 නාලිකාව මගින් විකාශය කළ වීඩියෝවත් සමග මේ වන විට රට ඇතුළේ දේශපාලනය මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය මහත් කැලඹීමකට ලක්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම පසුගිය සතියේදී එම වීඩියෝවේ අඩංගු වී තිබූ කරුණු මුල් කරගෙන පාර්ලිමේන්තුව තුළ විශාල වශයෙන් සාකච්ඡා වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී වීඩියෝව මගින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳවද තොරතුරු අනාවරණ කර තිබූ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින් ලසන්තගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ආණ්ඩුව ඇතුළේ සිටින්නේද යනුවෙන් ප්‍රශ්න කර සිටීමටද පියවර ගත්තේය.Sri Lanka Latest News
මේ ආකාරයට ලසන්ත පිළිබඳ සජිත් පාර්ලිමේන්තුවේ කතා කිරීමත් සමග ඊට පසු දිනම සජිත්ගේ දුරකතනයට එක්තරා කෙටි පණිවුඩයක් ලැබිණි. එම කෙටි පණිවුඩය යොමුවී තිබුණේ වෙන කාගෙන්වත් නොව, ලසන්තගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංගගෙන්ය. අහිම්සා මේ වන විට ඇමෙරිකාවේ ජීවත් වන අතර, ලසන්ත වෙනුවෙන් ගෝඨාට එරෙහිව ඇමෙරිකානු අධිකරණය තුළ නඩු පැවරීමටද කටයුතු කොට ඇත. ඒ අනුව අහිම්සා සජිත්ට යැවූ කෙටි පණිවුඩයෙන් සිය පියා පිළිබඳ පාර්ලිමේන්තුවේ හඬ නැගීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පළකිරීමටද පියවර ගෙන තිබිණි.
රාජ්‍ය රහස්!










