• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

NMRA සභාපතිම පිළිගන්නවා බාල බෙහෙත් ගෙනාවා කියලා! ඉතින් කෙහෙළිය පන්නන එක හරිද වැරදිද? තීන්දුව මන්ත්‍රීවරු 225 අතේ! VIDEO I Sri Lanka Latest News

August 31, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කප්පරක් ප්‍රශ්න තියෙද්දී ඇමැති කෙහෙළිය සුපිරි හෝටලයකට මාධ්‍යවේදීන් ගෙන්නලා ටෙන්ඩර් ගැන දේශන දෙනවා! කව්ද මේකට වියදම් කළේ? කාගේ සල්ලිද? එතනදිත් කෙහෙළිය දැනදැනම කොළේ වහලා ගැහුවා! මාධ්‍යවේදියොත් ඒක ඇහුවෙ නෑ! හරි කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෙහෙළිය ආරක්ෂා කරනවද, අසරණ රෝගීන් ආරක්ෂා කරනවද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න 225ටම අවස්ථාවක් උදා වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විපක්ෂ නායක කාර්යාලයේ අද (31) පැවති මාධ්‍ය හමුවේ දී සදහන් කළේය.Sri Lanka Latest News

හිටපු මන්ත්‍රීවරයා ‌මෙසේද කීය.

වර්තමානයේ ඇතිවෙලා තියෙන සෞඛ්‍ය ගැටලු රැසකට ජනතාවට මුහුණ දෙන්න සිදු වෙලා සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු නිළධාරී මණ්ඩලය ගන්නා වූ වැරදි තීරණ නිසා රෝහලකට යන රෝගී ජනතාවට ඔවුන්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. රටට ගෙනාපු බාල ඖෂධ ගැටලු,ඖෂධ නොමැතිවීම, සෞඛ්‍ය උපකරණ නොමැති වීම, වෛද්‍යවරු ඇතුළු පහළ කාර්යමණ්ඩලය නොමැති වීමත් නිසා සම්පූර්ණම රෝහල් පද්ධතිය අසීරු තැනකට පත් වෙලා තියෙනවා. නමුත් විපක්ෂයක් විදිහට අපි ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් පසුගිය කාලය පුරාම මේ ගැටලු පෙන්වා දුන්නා නමුත් ඒ ගැටලුවලට විසඳුම් පෙන්වා දෙන ආකාරයත් පේන්නේ නැහැ. එම ගැටලු මතු කරාම සෞඛ්‍ය ඇමැතිවරයා නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ කරලා ඒවා මගහැරියා එම නිසාම විපක්ෂයක් විදිහට අපට සිදුවුණා සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න එය ලබන සතියේ විවාද කරන්න දින ලබා දීලා තියෙනවා එම නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන හෘදසාක්ෂියක් තියෙන මන්ත්‍රීවරු 225ට ම වගකීමක් තිබෙනවා මේ පිළිබඳව නිරවුල් තීන්දුවක් ලබා ගන්න. ඒ වගේම ඔවුන්ට පුළුවන් මේ දූෂිත සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු දූෂිත නිලධාරීන්ව ආරක්ෂා කරන්න තීන්දුවක් ගන්නවා ද එහෙම නැතුව ගමේ ඉන්න අසරණ රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරන්න තීන්දුවක් ගන්නවා ද කියන එක තීන්දු කරන්න මොකද තවදුරටත් මේ සෞඛ්‍ය ඇමතිවරයාව ආරක්ෂා කරගෙන ඉස්සරහට යනවද එහෙම නැත්නම් තව තව මේ රටේ රෝගී ජනතාවගේ ජීවිත බිල්ලට දෙනවද කියන එක පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ම වගකීමක් බව මතක් කරනවා.අපි දකිනවා යම්කිසි ආකාරය දැනුමක්, සංවේදීභාවයක් තිබෙන සියලු දෙනාටම පේනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අරබුද රාශිය ඇතිවෙලා කියලා එය කවුරු හෝ නැහැ කියනවා නම් ඔහුගේ සංවේදීතාව , දැනුම පිලිබඳව හා මොලේ පිලිබඳව පරික්ෂා කරන්න වෙනවා.

ඒ වගේම අද හැම රෝහලකම දොස්තර මහත්වරුන්ගෙ හිඟයක්, කාර්යමණ්ඩල හිඟයක්, අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් තියෙනවා. මෙවැනි අර්බුද රාශියක් අද වෙනකොට හෙළිදරව් වෙලා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයත් පිළිගන්නවා එහිදී ඖෂධ වර්ග දෙසීයකට වඩා හිඟයක් තිබෙන බව.එ අතරේ ගිය සතියේ අපි දැක්කා අසේල ගුණවර්ධන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇවිත් කිව්වා බාල ඖෂධ කියලා දෙයක් නෑ එය ලෝකයේ හදන්නෙත් නෑ කියලා නමුත් ඊයේ දිනයේ අපි දැක්කා ඖෂධ නියාමන කොමිසමේ සභාපති මහාචාර්ය ඩී ජයරත්න මැතිතුමා පිළිගත්තා ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනත් තියෙනවා කියන එක. එහිදී දැන් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා බාල ඖෂධ කියලා දෙයක් නැහැ කියලා අපිට මහාචාර්යතුමා කියනවා එහෙම එකක් තියෙනවා කියලා. එහිදී දැන් කවුද මේ නැති වෙච්ච ජීවිතවල වගකීම බාරගන්නේ මේ ඖෂධ ප්‍රශ්නය උඩ ජීවිත ගණනාවක් නැති වෙලා තියෙනවා. සමහර උදවියගේ ඇස් අන්ධ වෙලා තියෙනවා. සමහර උදවිය වෙනත් රෝගවලට ගොදුරු වෙලා තියෙනවා සහ පැරලයිස් වෙලා තියෙනවා. මේ වෙච්ච විනාශයට කවුද වගකියන්නේ ඇමතිවරයාද,?
දැන් මහාචාර්යතුමා කියනවා ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනත් තියෙනවා කියලා එය බරපතළ ප්‍රකාශයක් මම හිතනවා මීට වඩා කිසිදු ආකාරයේ සාක්ෂියක් ඕන නැහැ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ගේ විශ්වාසභංගය ජයග්‍රහණය කරන්න. ඒ වගේම කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ගේ ඇමතිකම ගලවන්නත් එම ප්‍රකාශය ප්‍රමාණවත් වෙනවා. අපි පහුගිය කාලයේ අපි ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න උදවිය කියපු දේවල් සහ රෝගීන් ඇවිත් කියපු දේවල් හැම එකක්ම සනාථ වෙනවා මේ මහාචාර්ය තුමාගේ ප්‍රකාශය නිසා. එහෙම නම් අපි ලබන සතියේ ගෙන්න තිබෙන ඒ විශ්වාසභංග යෝජනාව හෘද සාක්ෂියක් තිබෙන මන්ත්‍රීවරුන් මේ දූෂිත ඇමතිවරයා හා නිලධාරීන් අයින් කරන්න ඡන්දෙ දෙයි කියලා විශ්වාසයක් තියෙනවා.

ඒ වගේම අපි දැක්කා ආණ්ඩුව පැත්තෙන් ලහිලහියේ ඇමතිවරයා ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක් ආරම්භ කරලා ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා පොහොට්ටුවේ මන්ත්‍රී වරුන්ට කතා කරලා තියෙනවා කෙහෙළිය දිනවන්න සහයෝගය දෙන්න කියලා. ජනාධිපතිතුමා අද දූෂිත ඇමැතිවරුන් ආරක්ෂා කරන තැනට පත් වෙලා අපි මුලින්ම කිව්වේ ඒක තමයි ජනාධිපතිවරයා පොහොට්ටුව භාර ගත්තට පස්සේ ඔහුගේ ප්‍රධාන ක්‍රියාදාමය වෙලා තියෙන්නේ පොහොට්ටුවේ ඉන්න දූෂිත ඇමතිවරු හා දූෂිත ක්‍රියා කලාපයන් ආරක්ෂා කරන්න කියලා.

ඒ වගේම අපි දන්නවා ඖෂධය මැඩ පවත්වන්න මූලිකව ඇනවුම් කරන්නේ ඖෂධ රාජ්‍ය සැපයුම් අංශය දැන් එහි අධ්‍යක්ෂකවරයා දිගින් දිගටම විදේශගත වෙලා. ඔහු මෙවැනි ඖෂධ හිගයක් තෙබෙන වකවානුවේ එහි අධ්‍යක්ෂවරයා ලංකාවේ නැහැ එම නිසා වැඩ කරන අයට තීන්දු තීරණ ගන්න එක විශාල අර්බුදයක් වෙලා මොකද ඖෂධ සැපයුම් අංශය තමයි හිඟ වුණාම ඇනවුම් කරන්නේ දැන් එතුමා හැමදාම විදේශගත වෙලා ඉන්නවා ජූලි මස අගදී සැපයුම් අංශයේ පරිගණක පද්ධතිය මාරු කරලා එයට අලුත් පරිගණක පද්ධතියක් ඇතුලත් කළා දැන් එහි දෝෂ ඇති වෙලා එවැනි අවස්ථාවක වත් අධ්‍යක්ෂක තුමා ලංකාවේ නැහැ එහිදී අපි දකිනවා සෞඛ්‍ය ඇමතිවරයාත් පිටරට, ඖෂධ ඇනවුම් කරන අධ්‍යක්ෂවරයාත් පිටරට. ප්‍රධාන තීන්දු තීරණ ගන්න හැම කෙනාම පිටරට ඉන්නේ. ඉන්න අධ්‍යක්ෂක තුමා රට ගියාම ඖෂධ නැති වෙනවා තීන්දු තීරණ ගන්න විදියක් නැහැ ඊලගට කරන්නේ හදිසියේ මිලදී ගන්න එක එහිදී විශාල ලෙස ජනතාවගේ බදු මුදල් විදියට වියදම් වෙනවා.මෙහිදී අපට හිතෙනවා මේ අධ්‍යක්ෂකවරයා ඖෂධ හිගය මැඩ පවත්වන්න කටයුතු කරනවද එහෙම නැත්නම් හිතාමතාම ඖෂධ හිඟය ඇති කරන්න ඇමතිතුමා එක්ක එකතු වෙලා මේ වැඩ කරනවද කියන සැකයක් මතුවෙලා.

ඒ වගේම අද වෙනකොට ආණ්ඩුව ගනුදෙනු රාශියකට ගිහින් තියෙනවා. ඉන් එකක් තමයි ජනාධිපතුමා ඉන්දියන් සංචාරයේ යෙදුන්නාට පස්සේ ත්‍රිකුණාමලය සංවර්ධන කමිටුව ගිහින් කිව්වා සම්පූර්ණ නැගෙනහිර පළාත ඉන්දියාවත් එක්ක එකතුවෙලා සංවර්ධනය කරනවා කියලා. ඒ කරන ගනුදෙනුව ගිවිසුමක් අස්සන් කරලා තියෙනවා නම් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා නෑ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ නමුත් ජනාධිපතිවරයා තමන්ගේ විධායක බලය පාවිච්චි කරමින් හැම දෙයක්ම බලහත්කාරයෙන් කරන ස්වරූපයක ඉන්නවා කියන පැහැදිලිව පේනවා.ඊයෙ පෙරේදා වෙනකොට තොරතුරු වාර්තා වෙලා තියෙනවා ඉන්දියාවේ අදානි සමාගමත් එක්ක සූර්ය බල නිෂ්පාදනය සඳහා රටවල් දෙකක් එක්ක ගිවිසුමක් අත්සන් කරන ආකරයට කැබිනට් අනුමැතිය අරගෙන තියෙනවා කියලා අපි දන්නවා.

SendShareShare
Previous Post

අස්වැසුමෙන් අපහසුතාවට පත්වූ ග්‍රාම නිලධාරීන් විපක්ෂනායක සජිත් හමුවන්න එයි! ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අවුල් වෙලා! අස්වැසුමත් අවුල් කරගත්තා! ආණ්ඩුවට අස්වැසුම හරියට වුණත් එකයි නැතත් එකයි! මේ දේශපාලන සූදුව-බොරුව-වංචාව-හොර ගනුදෙනු වහා නතර කරන්න ඕනෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

පිළිකාවට එංගලන්තය එන්නතක් සොයාගනී! I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.