ඉන්දීය ආරක්‍ෂක අමාත්‍ය රාජ්නාත් සිං ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.Sri Lanka Latest News
මෙම සංචාරයේදී ත්‍රිකුණාමලයටද පැමිණීමට නියමිත අමාත්‍යවරයා එහිදී ඛනිජ තෙල් නිෂ්පාදන හුවමාරු කිරීම සඳහා දෙරට සම්බන්ධ කරන නල මාර්ගයක් ස්ථාපිත කිරීමේ අවසන් සාකච්ඡාවලට සහභාගී වීමට නියමිතව ඇති බව පැවසේ.
රාජ්නාත් මහතා සැප්තැම්බර් 2 වැනිදා හෝ 3 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව පැවසේ.
මෙම සංචාරයේදී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මීට අමතරව, ඉන්දීය අමාත්‍යවරයාගේ සංචාරය සැලසුම් කර ඇත්තේ චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂි යාන් 6’ පැමිණීමට පෙරය. ඉන්දියාව දැනටමත් ඒ ගැන කනස්සල්ල පළ කර ඇත.










