පිරමිඩාකාර මූල්‍ය ගනුදෙනුවක නිරත වන්නේ යැයි චෝදනා එල්ල වී මහ බැංකු විසින් හා රහස් පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරමින් ඇති MTFE ආයතනය විසින් රුපියල් බිලියනයක වැඩි මුදලක් නීතිවිරෝධී අයුරින් මහජනයාගෙන් එක්රැස් කරගෙන තිබෙන බව අධිකරණයට වාර්තා කර තිබේ. (Sri Lanka Latest News)
එම ආයතනය අධ්‍යක්ෂකවරයකු වන ආර්.ඩී.ඩී. තුෂාර ජයවංශ පසුගිය දිනවල නිකුත් කළ වීඩියෝවක්ද සමාජ ජාලාවල කතාබහට ලක්වූයේ ඔහු තමන්ව කැඩුණු ඉංග්‍රීසි බසින් හඳුන්වමින් කළ අමුතු කතාවක් නිසාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා ඇත්තේ මෙම ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් නොවන බවත් මෙරට විශාල පිරිසකගෙන් නීතිවිරෝධි ලෙස මුදල් එක්රැස් කරගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇති බවත්ය.
2022 වසරේ සමාගම් මැදුරේ සමාගමක් ලෙස මෙම ආයතන ලියාපදිංචි කර ඇතත් එම සමාගම කටයුතු කරන නිවැරදි ආකාරයක් දක්වා නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටී.
විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින එම ආයතනය අධ්‍යක්ෂ ආර්.ඩී.ඩී. තුෂාර ජයවංශ විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබේ.
gossiplankanews










