අවුරුද්දක් පමණ වයසැති තම සිගිත්තිය සමග වැවක පාවෙමින් තිබූ මවකගේ සිරුරක් අද (23) සොයාගත් බව ලිදුල පොලිසිය පැවසිය.Sri Lanka Latest News
මෙසේ මියගොස් ඇත්තේ ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වත්තේ පදිංචිව සිටි මගමනි දයානි (26) නැමති එක්දරු මව සහ ඇයගේ අවුරුද්දක් වයසැති සිගිත්තියයි.
සිය සැමියාගෙන් සහ සැමියාගේ පවුලේ ඥාතින්ගෙන් තමන්ට සහ දරුවාට හිරිහැර සිදු වන බව මගමනි දයානි විසින් පිටු තුනක ලිපියක් ලියා ඇති බවත් එම ලිපිය සහ ඇයගේ විවාහ සහතිකය සහ ජාතික හැදුනුම්පත වැව අසල තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
එම කාන්තාව සිගිත්තිය සමග ලිදුල ලෝගි වත්තේ ඇයගේ නිවස අසල පිහිටි වැවට පැන සියදිව හානි කරගන්නට ඇතැයි සැක කරන බව ලිදුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා කියා සිටියේය.
කාන්තාවගේ සිරුර වවෙහි පාවෙමින් තිබූ බවත්, සිගිත්තියගේ සිරුර වැවෙහි අතුරුදන් වි ඇති බවත් පොලිසිය කියා සිටියේය.










