හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි Watercare Technologies pvt Ltd ආයතනයේ හටගත් ගින්න සම්බන්ධයෙන් මේ වනවිට ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක්ම වාර්තා වෙමින් පවතින බවක් දැනගන්නට ඇත.Sri Lanka Latest News
මෙම Watercare Technologies pvt Ltd ආයතනයෙහි තීන්ත නිෂ්පාදනාගාරයක් සහ රෙදි පිළි නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති නමුදු එහි රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් එම ආයතනයට අවශ්‍ය බලපත්‍ර ලබාගෙන තිබුණේද යන්න පිළිබදව මේ වනවිට දැඩි කතාබහක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
එමෙන්ම එම රසායනික ද්‍රව්‍ය අනාරක්ෂිත ලෙස ගබඩා කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට Watercare Technologies pvt Ltd, ආයතනය වෙත දැඩි චෝදනා එල්ල වී ඇති බවක් දැකගන්නට ඇත.
ඊයේ (17) රාත්‍රියේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා හොරණ සහ කෝට්ටේ ගිනිනිවන ඒකකවල ගිනිනිවන රථ 07ක් යොදවා තිබු අතර පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනිනිවන ඒකකයේ රථ ද යොමුකර තිබුණි.








