• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ වාර්ෂික හමුවට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

August 11, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
ජනපති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ වාර්ෂික හමුවට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් තුළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

පසුගිය වසරේ ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ වාර්ෂික සමුළුවට පැමිණෙද්දි රට තිබුණේ අඳුරු තැනකයි. එදා ඔබ බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ප්‍රශ්නාර්ථයක් තිබුණා. නමුත් එය ආපසු හැරවීමට ඔබ සියලු දෙනාගේම සහයෝගයෙන් අපට හැකියාව ලැබුණා. ඒ පිළිබඳ මම ඔබට ස්තුතිවන්ත වෙනවා. පසුගිය වසරට සාපේක්ෂව අපට මේ වනවිට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. අප නිවැරැදි ආර්ථික කළමනාකරණයක් සිදු කළහොත් අනාගතය සුබවාදීව සැලසුම් කිරීමට හැකියාව ලැබෙනවා.
රටේ ආර්ථිකය කිසිදා නොවූ විරු අභියෝගයකට ලක් වන තුරුම රටක් ලෙස අප ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයා බැලුවේ නැහැ. ඒ නිසාම ආර්ථික ප්‍රශ්නය වර්ධනය වුණා. ආර්ථිකයට අදාළ නිවැරැදි තීන්දු ගන්න දේශපලන නායකයන් පසුබට වීම නිසාම තත්ත්වය උත්සන්න වුණා. ඒ වගේම මෙම ආර්ථික අර්බුදය ජනතාවට තදින් දැනුණා.
ඔවුන් මහ පාරේ උද්ඝෝෂණ ආරම්භ කළේ ඉන්පසුවයි. ඇතැම් උද්ඝෝෂණවලට වෙනම මුහුණුවරක් තිබුණු බව අරගලය අවසානයේදී අපට පෙනෙන්නට තිබුණා. මෙම තත්ත්වය තුළ නායකත්වයේ රික්තකයක් ඇති වුණා. එදා පැවැති ආණ්ඩුව බිත්තියට හිරවෙලා තිබුණේ. ඒ නිසාම එවකට අගමැතිවරයා ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉල්ලා අස්විමට සිදු වුණා. එවකට ජනාධිපතිවරයා විපක්ෂනායකවරයා කැඳවා ආණ්ඩුව භාරදීමට උත්සාහ කළා. නමුත් විපක්ෂ නායකයා එම අභියෝගය භාර ගත්තේ නැහැ.
ආණ්ඩු බලය දෙන්න ජනාධිපතිවරයෙක් වෙනත් අයෙකුට එලෙස ආරාධනා කළේ ලෝකයේ පළමු වතාවටයි. විපක්ෂ නායකයාවරයා එය ප්‍රතික්ෂේප කිරීමත් මම හිතන ආකාරයට ගිනිස් වාර්තාවක්.

ඉන්පසුව හිටපු ජනාධිපතිවරයා රට භාරගන්නා ලෙස මට ආරාධනා කළා. මම තනතුරු ඉල්ලුවේ නැහැ. නමුත් එදා රට තිබුනේ අර්බුදයකයි. රට නැවත ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමෙන් පසු රට පැවති තැනට නැවත ගෙන ඒමට අවශ්‍ය පියවර ගැනීමට මම කටයුතු කළා. ඒ අනුව මාසයක් ඇතුළත රටේ ආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුම් ලබාදීමට හැකි වුණා. පෝලිම් යුගය අවසන්කෙරුණා.
රටේ ආර්ථිකය මෙලෙස වේගයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට දායක වූ සහ සහාය දුන් සියලුදෙනාට ස්තූතිවන්ත විය යුතුයි. රටේ ආර්ථිකය ගොඩනැඟීමට ඔවුන් එම අවස්ථාවේ විවිධ අයුරින් උදව් උපකාර කළා. ජනාධිපතිවරයා ලෙස මට රටේ ආර්ථිකය ගොඩගැනීමට හැකිවෙයි කියන විශ්වාසය අනුව ඔවුන් කටයුතු කළා. ඒ අවස්ථාවේ දී මමත් සමඟ අභියෝග භාරගත්ත ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් ද සිටියා. වෘත්තීයවේදීන් එම වැඩපිළිවෙළට සහාය ලබා දුන්නා.
ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තවම අවසන් නැහැ. එම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට විවිධ පිරිස් උත්සාහ දරමින් ඉන්නවා. මෙම ණය ප්‍රශස්තකරණ වැඩසටහන නතර වුවහොත් සතියක් ඇතුළත බැංකු ඇතුළු සියලුම අංශ කඩාවැටෙනවා.
ණය ප්‍රශස්තකරණය ක්‍රියාවලියෙන් පසුව ආර්ථිකයේ ඉදිරි සැලසුම් සකස් කළ හැකියි. ඒ පිළිබඳ මා දැනටමත් කරුණු අනාවරණය කර තිබෙනවා. ශ්‍රී ලකාවේ ආර්ථිකය දියුණු කිරීමට අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් අවශ්‍යයි. ආර්ථිකය වේගයෙන් ඉදිරියට ගෙන යාමට නම් මූල්‍ය හා මානව ප්‍රාග්ධනය තිබිය යුතුයි.
ශ්‍රී ලංකාව යනු: වාණිජ යුගයට සම්බන්ධ වූ පළමු රටවලින් එකක්. 1940 සිට වාණිජ යුගයට ඇතුළත්වීමෙන් අපේ රට ප්‍රාග්ධනය ගොඩනගා ගැනීමට කටයුතු කළා. වාණිජ යුගයේදී ආරම්භ කරන ලද ව්‍යාපාර 1970දී රජයට පවරාගත් නිසා ඒ සියල්ල විනාශ වුණා. 1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වන විට නැවත ගොඩනැඟීමට බැරි තරම් එම ව්‍යාපාර බිඳ වැටී තිබුණා.
උදහාරණයක් ලෙස පෙන්වා දුන්නොත් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආර්ථිකය පිබිදීමට හේතු වුණේ එහි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුවයි. එම කාලයේදී ලංකාවේ ආර්ථිකය විවෘත කර තිබුණා නම් එවැනි ආයෝජන අපේ රටට පැමිණීමට තිබුණා. වසර 30කින් ප්‍රාග්ධනය ඉපයීම සඳහා ගෙනගිය වැඩපිළිවෙළ වසර 10කින් සාර්ථකව නිම කිරීමට හැකිවීම නිසා මහා භාරතයට විශාල ප්‍රාග්ධනක් උපයා ගැනීමට හැකි වුණා. එම නිසා නව අගනුවර ආරම්භ කර, සංචාරක ව්‍යාපාරය සඳහා විශාල ආයෝජනයක් සිදු කිරීමට මහාභාරතය කටයුතු කළා.
ශ්‍රී ලංකාව 1977 දී ආර්ථිකය විවෘත කර ප්‍රාග්ධනය රැස් කර ගැනීමට කටයුතු කළා. විදේශ ආයෝජන රැසක් එහිදි ලංකාවට ලැබුණා. අවාසනාවකට අපේ රටේ යුද්ධයක් ඇති වුණා. නමුත් 2009 වසරේ යුද්ධය අවසන් වූ පසුව ආර්ථිකය නැවතත් සෙමෙන් ඉදිරියට පැමිණීමට පටන් ගත්තා.
ඉන් අනතුරුව 2021 හා 2022 වසරවල ඇති වූ කොරෝනා වසංගතය හමුවේ ඒ සියල්ල නැවත බිඳ වැටුණා. රටේ ආර්ථිකය බංකොලොත් වුණා. 2019 වසරේදී රටේ ආර්ථිකය තිබූ තැන හා අද තිබෙන තැන අතර විශාල පරතරයක් තිබෙනවා. නමුත් අපේ රට 2019 වසරේ සිටි තැනට නැවත පැමිණෙමින් තිබෙන බව කිව යුතුයි.

තියුණු තරගකාරීත්වයක් සහිත ආර්ථිකයක් අප ගොඩනඟා ගත යුතුයි. ඒ වගේම පෞද්ගලික අංශය පෙරමුණ ගත් ආර්ථිකයක් පැවතියහොත් ආර්ථික කඩා වැටීම් සිදු වන්නේ නැහැ.අපට විදේශ ප්‍රාග්ධනය අවශ්‍යයි. අප විදේශ ප්‍රාග්ධනය උපයා ගන්නා තරමටම අපට දියුණුව කරා ළගා විය හැකියි. ආයෝජනය කරන සෑම ඩොලරයකින්ම, තවත් ඩොලරයක් උපයා ගැනීම අප තහවුරු කරගත යුතුයි.
ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව නව ආර්ථික කොමිසමක් නිර්මාණය කිරීමට පියවර ගෙන තිබෙන්නේ ඒ සඳහායි. අප අනිත් රටවල් හා සංසන්දනය කිරීමේදී ආයෝජනයට ආකර්ශනීය රටක් විය යුතුයි. බංග්ලාදේශය සහ ඉන්දියාව සමඟ තරග කරමින් ඉදිරියට යා යුතුයි. දකුණු ආසියාවේ සියලුම රටවල් සමඟ අපට විශාල තරගකාරීත්වයක් තිබෙනවා. අප ඒ සඳහා සූදානම් නැත්නම් කඩිනම් ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකියි. වේගයකින් දියුණු වන තියුණු තරගකාරීත්වයක් සහිත ආර්ථිකයක් අපට අවශ්‍යයි.
මේ දිනවල විශාල පිරිසක් රට හැර යනවා. ඔවුන් විදේශගත වන්නේ වඩා හොඳ අනාගතයක් ගොඩනඟ ගැනීමේ අරමුණ ඇතිවයි. කෙටි කාලීනව එය හොඳ දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන්. එලෙස රට හැර යන පිරිසෙන් ඇතැම් කොටසක් යමක් උපයාගෙන නැවත රටට පැමිණෙනවා. නමුත් එය එසේ වූ පමණින් ඔබේ ප්‍රශ්න විසඳෙයි කියා නොසිතිය යුතුයි.
අපට තිබෙන තවත් විශාල ප්‍රශ්නයක් වන්නේ මානව ප්‍රාග්ධනය ප්‍රමාණවත් පරිදි නොමැතිවීමයි. අප ඒ වෙනුවෙන් තරුණ තරුණියන් පුහුණු කළ යුතුයි. අපට ඒ වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් තිබිය යුතුයි.
විශ්වවිද්‍යාලවලත් අද විශාල ප්‍රශ්න රැසක් තිබෙනවා. ඉංජිනේරු, විද්‍යා ඇතුළු අංශවල වැඩි පිරිසක් සීඝ්‍රයෙන් රට හැර යනවා. එම නිසා විශ්වවිද්‍යාලවලට ආචාර්යවරුන්ගේ හිඟයක් ඇතිව තිබෙනවා. ඒ වගේම රෝහල්වලට ප්‍රමාණවත් වෛද්‍යවරුන් නැතිවී තිබෙනවා. ඊට විසඳුමක් ලෙස අප පෞද්ගලික අංශය හෝ වෙනත් නියෝජිත ආයතන සමඟ හෝ ඒකාබද්ධව අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි.
රට තුළ නව විශ්වවිද්‍යාල කිහිපයක් ඇති කිරීම පිළිබඳව අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. කුරුණෑගල තිබෙන “යුනිවර්සිටි කොලේජ්“ එක, විද්‍යා සහ තාක්ෂණ විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබෙනවා. පොළොන්නරුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපට මේ වන විට අයදුම්පත් ලැබී තිබෙනවා. අඩුම තරමින් අප විශ්වවිද්‍යාල 04ක් හෝ 05ක් අදාළ ආයතන සමඟ සම්බන්ධ වී අලුතින් ආරම්භ කළ යුතුයි. ඒ තුළින් මෙම ක්ෂේත්‍රයේ සිදුව තිබෙන හිඟය පියවා ගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා.
ඒ සඳහා නව ආයෝජන අවස්ථා විවර කරදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබේ සංගමයටද දායකවිය හැකියි. මේ තුළ ලාභ ලබන ව්‍යාපාර ඇති කළ යුතුයි. රටක ආර්ථිකය ගොඩනගන්න තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයේ ආර්ථිකයක්ද තිබිය යුතුයි. මහනුවර ප්‍රදේශයේ නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන ලෙස පසුගිය ඉන්දීය සංචාරයේදී මම චෙන්නායිවල තිබෙන තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයට (IIT) ආරාධනා කළා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විශ්වවිද්‍යාල ප්‍රමාණය වැඩි කරමින් තිබෙනවා. හරිත විශ්වවිද්‍යාලයත් එහෙමයි. නමුත් එය ප්‍රමාණවත් නැහැ. නව විශ්වවිද්‍යාල සඳහා අයඳුම්පත් ලැබී තිබෙනවා. වෛද්‍ය විද්‍යාල සඳහා ද ඉල්ලුම් පත්‍ර ලැබී තිබෙනවා. ලොස් ඇන්ජලීස්වල තිබෙන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාල හා ක්වාලාලාම්පූර්වල තිබෙන විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. අවම වශයෙන් විශ්වවිද්‍යාල හතරක් හෝ පහක් ආරම්භ කිරීමට රජයක් ලෙස අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.
ඒකාබද්ධ සහයෝගීතාවක් තුළ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ හැකියි. අපට මානව ප්‍රාග්ධනය ද අවශ්‍ය වෙනවා. මෙහිදී ශ්‍රී ලංකා වෘත්තීය සමිති සංවිධානයට (OPASL) විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.
පළාත් සභාවලට බලය බෙදීම පිළිබඳව මම පාර්ලිමේන්තුවේ දී කතා කළා. ඒ වගේම පළාත් සභා මට්ටමින් පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට ද නීතියක් ගෙන ආ හැකියි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතට අනුකූල වන තාක් කල් ආණ්ඩුකාරවරයාට අදාළ විශ්වවිද්‍යාල පිළිගෙන ස්ථාපිත කිරීමට හැකි නීතියක් අප ගෙන එනවා.
මූල්‍ය ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය නොමැතිව රටක සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැකියි. එසේම ඉහළ තරගකාරී ආර්ථිකයක් පිළිබඳ අපට සිහින දැකිය නොහැකයි. එබැවින් අපට ඉදිරියට යාමට අවශ්‍ය මානව සම්පතක් ඇති බව සහතික කිරීමට ශ්‍රී ලංකා වෘත්තීය සමිති සංවිධානය (OPASL) මහඟු කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ශ්‍රී ලංකා වෘත්තීය සමිති සංවිධානයේ (OPASL) නිලධාරීන් කිහිපදෙනකුට සමරුණ තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා වෘත්තීය සමිති සංවිධානයේ (OPASL) සභාපති නීතීඥ රුචිරා ගුණසේකර, ලේකම් නීතීඥ සුජීව ලාල් දහනායක, ශ්‍රී ලංකා වෘත්තීය සමිති සංවිධානය (OPASL) සදහා ඉදිරියේදී පත්වීමට නියමිත සභාපති නීතීඥ සරත් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-08-10

SendShareShare
Previous Post

ඉන්දියාව එපා කියද්දි එක පාරක් චීන නැවක් හම්බන්තොටට ඇවිත් මහා ජංජාලයක් වුණා! ඔන්න දැන් චීන යුද නැවක් කොළඹට ඇවිත්! I Sri Lanka Latest News

Next Post

නුවර පෙරහරේ ලයිට් බිල ආණ්ඩුවෙන් ගෙවනවා! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.