මහනුවර ඇසල මහ පෙරහර වීදි සංචාරය කරන දින 10ට අදාළව ගණනය කොට ඇති විදුලි බිල ගෙවා දැමීමට ආණ්ඩුව එකගතාව පළ කොට තිබේ.Sri Lanka Latest News
ඒ පෙරහරේ කටයුතු සම්බන්ධයෙන් පසුගිය දා දළදා මාළිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ පැවැති සාකච්ඡාවකදීය.
මීට පෙර ආණ්ඩුව දළදා මාළිගාවේ සහ සතර දේවාලවල විදුලිබිල වශයෙන් එක්කෝටි තිස් දෙලක්ෂයක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට තිබූ අතර එය පියවා දමන ලෙස දැනුම් දීමක් කොට තිබිණ.
නමුත් එවැනි මුදලක් පියවිය නොහැකි බවත්, මීට පෙර එවැන්නක් සිදුව නැති බවත් සතර මහා දේවාලවල බස්නායක නිලමේවරු දැනුම් දී සිටියහ.
ඒ අනුව අවසානයේ එක්කෝටි තිස්දෙලක්ෂයක විදුලි බිල හැත්තෑඑක් ලක්ෂය දක්වා අඩු කොට එම මුදල පියවීමට ආණ්ඩුව එකග වී ඇති බව දැනගන්නට ඇත.
Sri Lanka Latest News










