වෙඩි වැදී මියගිය තරුණ අඹුසැමි යුවලකගේ මෘත දේහ ඊයේ (07) රාත්‍රියේ නුවරඑළියේ නිවසක කාමරයක් තුළ තිබී නුවරඑළිය පොලිසිය විසින් සොයාගෙන තිබේ. (Sri Lanka Latest News)
මූලික විමර්ශනවල දී හෙළිවී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා බිරියට වෙඩිතබා මරා තමන් ද වෙඩි තබාගේන මියගොස් ඇති බවය.
මෙසේ මියගොස් ඇත්තේ ඇන්ටන් දාස් (28) නැමැති සැමියා සහ නාදන් රීටා ( 26) නැමැති බිරියය.
ඊයේ (07) රාත්‍රියේ 10.30ට පමණ අංක 05, ටොප්පාස්, නුවරඑළිය ලිපිනයේ පිහිටි නිවසේ කාමරයක් තුළ දි මෙම මරණ දෙක සිදුවී තිබේ.
සිද්ධිය සම්බන්ධව නුවරඑළිය පොලිස්ථානයට ලද දුරකථන පණිවිඩය අදාලව නුවරඑළිය පොලිස්ථානයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් නිවස පරික්ෂා කිරීමේදී නිවසේ කාමරයක් තුළ මියගොස් සිටි තරුණ යුවලගේ සිරුරුත්, මෙරට නිශ්පාදිත කුඩා වර්ගයේ ගිනි අවියකුත් හමු වී ඇත.
මේ වනවිට මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ තිබේ. මෘත දේහ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (08) සිදුකිරීමට නියමිතය.
lankasara










