• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදා වඩාගත් වඳුරු පැටවා ඉල්ලා කඳුළු සලන අම්පාරේ ගොවි මහතෙක් I Sri Lanka Latest News

August 3, 2023
in Exclusive, News
Reading Time: 14 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිවෙසේ ඇති කළ වඳුරකු වනජීවී දෙපාර්තමේන්තුවට භාරදුන් පුද්ගලයකු නැවත එම වඳුරා තමන් වෙත ලබාගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා තැබූ සටහනක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබිණි. එම සිද්ධිය සම්බන්ධයෙන් කළ කරුණු සොයා බැලීමකි මේ.(Sri Lanka Latest News)

අම්පාර දිස්ත්‍රික්කයේ පදිංචි චානක විජයරත්න තමන් මුහුණ පෑ සිදුවීම පිළිබඳ මෙලෙස විස්තර කළේය.

සිදුවීමේ ආරම්භය

‘හරියටම කිව්වොත් පසුගිය වසරේ ජුනි මාසේ 10 වැනිදා මම උදේ නිවෙසේ ඉඳලා ගොවිතැන් කටයුතු කරන තැනට යනවා. මම උක් ගස් වගාව කරන්නේ. මම වැඩකරන ඉඩමේ ඉඳලා මීටර් 75ක් පමණ දුරින් සතෙක් කෑගහන සද්දයක් ඇහෙනවා මට. මම ඊට පස්සේ ඒ ගැන විපරම් කරලා බලලා සතා කෑගහන තැන හොයාගෙන ගියා. යනකොට මම දැක්කා ලොකු වඳුරෙක් වැටිලා ඉන්නවා. ඒ වඳුරාගේ පැටියා ඇඟේ එල්ලිලා කෑ ගහනවා.

මේ වඳුරු පැටියා ඉපදිලා දවස් තුනක් වගේ වෙන්න ඇති කියලා මට හිතුණා. මම බලද්දී අර ලොකු වඳුරට වෙඩි තියලා, ඒ සතා මැරිලා හිටියේ. මම ටක් ගාලා මම ඇඳන් හිටපු ෂර්ට් එක ගලවලා යටින් ගැටයක් ගහලා අර වඳුරු පැටියව ඒකට දාගත්තා. පස්සේ මම අර වඳුරු අම්මව වළදැම්මා. ඊට පස්සේ මම ඒ පැටියව ගෙදර අරන් ආවා….’

‘ඒ වඳුරු පැටියා අවුරුද්දයි දවස් 13ක් අපේ ගෙදර හැදුණා. එයාට අනිවාර්යයෙන්ම එළකිරි ඕනෑමයි. දවසකට හතර පාරක්‌ දෙන්න ඕන. පොඩි කාලේ ඉඳන් එයා සූප්පුවෙන් එළකිරි බොන්නේ. එළකිරි දුන්නේ නැත්නම් ඇඟිල්ල කටේ ගහගෙන අනිත් පැත්ත බලන් ඉන්නවා. අපි කියන දේ එයාට තේරෙනවා, නමුත් එයාට කතාකරන්න බැරිකමයි තියෙන්නේ. ඕනෙ දෙයක් තේරෙනවා එයාට….’

සියලු දෙනා සාකච්ඡා කර ගත් අමාරු තීරණය

නිවෙසේ වසරකට වැඩි කාලයක් ගතකළ මෙම සත්වයා ඉදිරියේ දී නැවත ඔහුගේ නිජභූමිය වෙත මුදාහැරීමේ අරමුණින් වනජීවී දෙපාර්තමේන්තුවට භාරදීමට තීරණය කළ බව විජයරත්න පැවැසීය.

‘මම මගේ දරුවෝ දෙන්නයි, නෝනත් එක්කයි කතා කරලා මේ පැටියා අවුරුද්දක් විතර ගෙදර හැදුනානේ, එයාට එයාගේ ලෝකයේ ජීවත් වෙන්න ඕන කියලා තීරණයක් අර ගත්තා. දරුවෙක් වගේ හදලා මඩමකට ගිහින් දානවා වගේ හැඟීමක් හිතට ආවත්, අන්තිමේ දී මේ සතාව ඉකුත් ජුනි මාසයේ 23 වැනිදා අම්පාරේ වනජීවී කාර්යාලයට ගෙනහිල්ලා භාරදුන්නා. ඊට පස්සේ මමයි, පොඩි දරුවයි පහුවදා උදේ (ජුනි මාසයේ 24 වැනිදා) පැටියට දෙන්න කිරියි, තවත් පලතුරු එහෙම අරන් යනවා එතැන ඉන්න අනික් සත්තුන්ට දෙන්නත් එක්ක.

’‘වනජීවී කාර්යාලයේ ගේට්ටුවේ ඉඳලා මීටර් 100ක් විතර දුරින් තිබ්බ කූඩුවක තමයි වඳුරු පැටවාව දාලා තිබුණේ. අපිව ගේට්ටුව ළඟදී දැක්ක ගමන් දුර තියා අඳුනගන්නවා. ඊට පස්සේ එයා කුඩුවේ ඇතුළේ එහෙට දුවනවා, මෙහෙට දුවනවා. ඒ, අපි එයාව දාලා ගියා කියනා දුකටද, එහෙම නැත්නම් අපි ආවා කියන සන්තෝෂයට ද කියලා දන්නේ නැහැ…’

‘මෙයා ගෙදර ඉද්දී එක වෙලාවකට අපිට අත දෙනවා, තව වෙලාවකට කකුල දෙනවා, එහෙම නැත්නම් පිට හරවනවා අතගාන්න කියලා. එදා කූඩුව ළඟට ගියාට පස්සේ අර කූඩුවේ තියෙන පොඩි දැල් අතරින් අත එළියට දානවා, කකුල එළියට දානවා අතගාන්න කියලා….’

‘අපි ජුනි 25 වැනිදා උදේ එයාව බලන්න ගියා. එතකොට අපිට තේරුණා එයා කලන්තේ දාලා වගේ වැටිලා ඉන්නේ කියලා. අවුරුද්දක් අපි ළඟ හැදුණු නිසා අපිට එයාගේ වෙනස තේරෙනවා. පස්සේ මම එතැන හිටපු අයට මේ ගැන කියලා ගෙදර ආවා. ඇවිල්ලා මම මගේ නෝනා එක්කයි ළමයි එක්කයි මේ ගැන කියලා ආපහු ගියා පැටියව බලන්න.’

‘මට එතැනට ගියාම තේරුණා සතාට කෑමක් නැහැ, සාංකාව වගේ කියලා. පැටියා වැටිලා හිටියේ හොඳටම…. පස්සේ මගේ පවුලේ අයත් එක්කම ගිහින් ඒ නිලධාරීන්ට කිව්වා අපි සතාව ගෙනල්ලා දෙද්දී හොඳට හිටියා, දැන් සතා ඉන්නේ මෙහෙම කියලා. මේක අපිට ලොකු දුකක් හිතට, ඒ නිසා මේ සතාව නැවත අරන් යන්න ඕන කියලා….’

ඉල්ලීමට වනජීවීයෙන් ලැබුණු ප්‍රතිචාරය

වඳුරු පැටවා නැවත රැගෙන යෑමට කළ ඉල්ලීමට අම්පාර වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයාගෙන් ලද ප්‍රතිචාරය එතරම් සුබවාදී නොවූ බව ඔහු අපට පවසා සිටියේය.
‘නැවත වඳුරු පැටවාව රැගෙන යෑමට අවසර දෙන්න කියලා ඒ කාර්යාලයේ හිටපු පශු වෛද්‍ය නිලධාරිතුමාගෙන් ඉල්ලුවාට පස්සේ අකාරුණික විදිහට මට බැන්නා. මට ඒ වචන මෙතැන භාවිත කරන්න බැහැ. වෛද්‍යවරයෙක් වුණාට පස්සේ ඕනෑම කෙනෙක්ට මානුෂීය විදිහට කියන්න ඕන….’

‘එයා මගේ දරුවන් දෙන්නා ඉස්සරහා හැසිරුණු විදිහට මට හැසිරිලා මගේ දරුවන්ට නරක ආදර්ශයක් දෙන්න බැහැ. ඒ නිසා ඔහු හැසිරෙන්නේ ඔහුගේ මානසික ක්‍රමයට කියලා හිතලා වැඩිහිටියෙක් විදිහට මම නිශ්ශබ්දව එතැනින් පිටතට යන්න ආවා….’

‘එහෙම යන්න එද්දී ගේට්ටුව ළඟදී ඒ වෛද්‍යවරයා මට ආපහු කතා කළා මෙහෙ එන්න කියලා. කිව්වා ඔයාලා ආපහු මින් මත්තට මෙහෙට එන්න එපා කියලා. ඒ හේතුව මොකක්ද කියලා මම දන්නේ නැහැ….’

‘මම අවුරුද්දක් විතර දරුවෙක් වගේ හදාපු සතාව එක මිනිත්තු පහක් බලන්න දෙන්න එපා කියන එකෙන් එයාලගේ මානසිකත්වය කොයි තරම් පිරිහිලා ද කියලා හිතාගන්න පුළුවන් නිසා මම ඒ ගැන තර්ක කරන්න ගියේ නැහැ. ඒ වෙලාවේ මගේ නෝනා සහ ළමුන් දෙදෙනාත් හිටියා….’

වේදනාත්මක සමුගැනීම

වසරක් පුරා තමන් ඇතිදැඩි කළ වඳුරු පැටවා අවසන් වරට දැකගැනීමට ලැබුණු අවස්ථාව ගැන චානක විජයරත්න අප වෙත විස්තර කළේ හැඬූ කඳුළින්ය.

‘අපිට ආපහු එන්න එපා කිව්වට පස්සේ මම වඳුරු පැටියා දාලා හිටපු කූඩුව ළඟට ගියා. ගිහින් මම කිව්වා චූටි මැණික මම ඔයාට ලොකු අපරාධයක් කළා. හේතුව මම ඔයාව දරුවෙක් වගේ හදලා අනාථ මඩමකට ගෙනල්ලා දැම්මේ කියලා කිව්වා. කවදා හරි දවසක මට ඒක සාපයක් වෙලා හරි එයි කියලා කිව්වා. මට වෛර කරන්න එපා. මම කිව්වා චූටි මැණික ඔයාව බලන්න එන්න එපා කියනවා ආපහු. ඒ නිසා මට ඔයාගේ පින්තූරයක් අවසාන වතාවට අරගන්න දෙන්න. මම ඒක ගෙදර රාමු කරලා තියාගන්න කියලා….’

‘මම ෆොටෝ එක ගන්න ගියාම වඳුරු පැටියා කටේ ඇගිල්ල ගහගෙන අනිත් පැත්ත බලාගත්තා. එතකොට මට දැනුණු වේදනාව මගේ පපුවට අලවංගුවකින් ඇන්නා වගෙයි. මට එතැනදී හිතුණා මගේ චූටි මැණිකේව ආපහු දකින්න නොලැබෙයි කියලා. මම හිතාගත්තා මම පුළුවන් උපරිම ෆයිට් කරනවා ඔයාව අරගන්න කියලා…..’

‘මම කාගෙන්වත් මේ ගැන ඇහුවේ නැහැ. අහන්නේ නැතුවයි ඒ දේ කළේ. දැනුයි මට තේරෙන්නේ ඕනෑම දෙයක් තීරණයක් ගන්න කලින් දන්න කියන අයගෙන් අහල බලන්න ඕන කියලා….’

‘අපි මේ සතාව ගෙනිහින් භාරදුන්නේ මේ සතාව අපිට වඩා හොඳින් බලාගනීවි කියලා. එහෙම දෙයක් දන්නවා නම් කවදාවත් මේ සතාව භාර දෙන්නේ නැහැ….’

සංවාදයට තුඩු දුන් සමාජ මාධ්‍ය සටහන

ඔහු මුහුණදුන් සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබීමට කටයුතු කළ බව ඔහු පැවසීය.

‘ඒක ටික වෙලාවක් ඇතුළත වයිරල් වුණා’ ඔහු කියයි.

‘මේ වෙලාවේදී අර පශු වෛද්‍යවරයාගේ හිතවතෙක් මගේ සමාජ මාධ්‍යයේ පෝස්ට් එකක් දාලා තිබුණා ඔහුට කලින්. ඒකෙ තිබුණේ ‘අද සිට මේකේ සත්තු බලන්න කාටවත් දෙන්නේ නැහැ. කෑම අරන් සත්තු බලන්න එන්න එපා’ කියලා….’

‘පස්සේ මේ කමෙන්ට් එකට අනිත් අය පිළිතුරු දීලා තිබුණා, එම තීරණය ඔවුන් තමන්ගේ වාසියට ගත්තු එකක් කියලා. පස්සෙ ඔහු ඒ පෝස්ට් එක ඩිලීට් කරලා තිබුණා….’

වඳුරු පැටවා නැවත ලබාගන්නට ගත් උත්සාහය

වනජීවී භාරයේ සිටින ඔහු ඇතිදැඩි කළ වඳුරු පැටවා නැවත ලබාගැනීම සඳහා ඔහු වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දුරකතන ඇමතුම් ලබාදී ඉල්ලීම් කළ බව ද චානක විජයරත්න පවසා සිටියේය. ‘පස්සේ මම මේ ගැන කොළඹ සිටින වනජීවී එකේ ප්‍රධාන වෛද්‍යතුමා වන තාරක ප්‍රසාද්ට කතාකරලා විස්තරය කිව්වා. එතුමා කිව්වා ඔහු ඒ ගැන කතා කරලා බලලා මට නැවත ඇමතුමක් දෙන්නම් කියලා. මට තාරක ප්‍රසාද් මහත්තයා කිව්වා අපිට වඩා ඔයාලා ඒ සතාව හොඳින් බලගන්නව නම් අපට ප්‍රශ්නයක් නැහැ. මම කතා කරලා බලලා කියන්නම් කියලා…’

‘පස්සේ ඩොක්ටර් තාරක අම්පාරේ ඉන්න පශු වෛද්‍යවරයාට කතා කරලා මට ආපහු කෝල් එකක් දුන්නා. දීලා කිව්වා ඒ වඳුරු පැටියව ජුනි 25 වැනිදා රාත්‍රියේ දී කැලයට මුදා හැරලා කියලා….’

‘මම ඒ වෙලාවෙම ඩොක්ටර්ට කිව්වා ඒ කතාව බොරුවක් කියලා. මොකද මගේ යාළුවෙක් ඉන්නවා සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ. ඔහු ගිහින් තිබුණා ජුනි මාසේ 26 වැනිදා උදේ මේ ගැන කතා කරන්න වනජීවී කාර්යාලයට. ඒ වෙලාවේ පශු වෛද්‍යවරයා ඉඳලා නැහැ කාර්යාලයේ. ඔහු ඒ වෙලාවේ දී දැකලා තියෙනවා වඳුරු පැටවාව දාලා තිබුණු කූඩුවේ ඒ සතා හිටිය බව.’

‘මම ඔය කතාව දැනගත්තම ආපහු වනජීවී කාර්යාලය ඉස්සරහට ගියා. එතැන ගොඩනැගිල්ලක් ඉදිකරනවා. ඒකෙ වැඩකරන අය ආවා එතැන තිබ්බ තේ කඩයකට. ඒ වෙලාවේ මම මේ සිද්ධිය කිව්වා. පස්සේ ඒ ගොඩනැගිල්ලේ වැඩකරන අය කිව්වා එදා උදේ 11.40ට විතර අර කූඩුවේ හිටපු වඳුරු පැටවාව වනජීවී එකේ සේවකයෙක් කාර්යාලයේ පිටිපස්සට අරං යනවා දැක්කා කියලා…’

‘එදා ඉඳන් අද වෙනකම් මේ සතාව අපි කවුරුත් ඇහැට දැකලා නැහැ. අඩුම තරමින් ඒ සතා ජීවතුන් අතර ඉන්නවද කියලවත් දන්නේ නැහැ….’

‘අම්පාරේ වනජීවී එකේ පශු වෛද්‍යවරයා කමෙන්ට් එකක් දාලා තිබුණා මේ සත්වයා වනයට මුදාහරින්න බැරි තරම් නිවෙසේ හුරතල් වෙලා කියලා. එහෙම ප්‍රකාශයක් ඔහු කරලා තියෙද්දී දවස් දෙකක් ඇතුළත වඳුරව කැලයට හුරු කළේ කොහොමද? වන සත්තුන්ට හුරු කළේ කොහොමද?’

‘මේ අය කිව්වේ වඳුරව රෑ කැලයට මුදාහැරියා කියලා. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ සතා අපේ ගෙදර හතර දෙනා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එක්ක යන්නේ නැහැ. අඩුම තරමින් ගෙදර ඉස්සරහ තියෙන ගහක් උඩ තිබ්බත් අපි ළඟ ඉන්න ඕනෙ. එහෙම නැත්නම් ඒ සතා බයට පත්වෙනවා.’

‘මට මේ සිද්ධියේ දී ගොඩක් උදව් කළා හාමුදුරුවෝ. උන්වහන්සේ මාත් එක්ක වනජීවී කාර්යාලයට පවා ගියා. මාව ගේට්ටුවෙන් එළියේ තියලා ගියේ. පස්සේ ආවට පස්සේ උන්වහන්සේ වනජීවී එකේ උසස් නිලධාරීන් දෙන්නෙක්ට දුරකතනයෙන් කතා කළා. ඒ අවස්ථාවේදී ඒ නිලධාරීන් දෙදෙනා කියලා තිබුණා අම්පාරේ පශු වෛද්‍යවරයා කිව්ව විදිහට වඳුරු පැටවාව 25 වැනිදා රාත්‍රියේ දී කැලයට මුදාහැරලා නැහැ, සත්වයා ඉන්නවා කිව්වා. මේ මොහොතේ සත්වයා ඉන්නවා. ඒ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ…’

වනජීවී දෙපාර්තමේන්තුවට එල්ලවන චෝදනාවක්

වනජීවී දෙපාර්තමේන්තුව භාරයට පත්කරන සතුන්ට නිසි පරිදි ආහාර ලබානොදීම ගැන ඔහු සමාජ මාධ්‍යයේ පවා සටහන් තැබූ බවත්, ඊට හේතුව වූයේ ඔහු එය සියැසින් දැකීම බවත් චානක විජයරත්න පැසුවේය.

‘වනජීවී එකේ අය ඇඹුල් කෙසෙල් ගෙඩිය දෙකට කපලා කූඩුවේ ඉන්න සතුන්ට එක කෑල්ල ගානේ දාන්නේ. දවසටම ඔවුන්ට ලැබෙන ආහාරය ඒක තමයි. මම ඒක මගේ ඇස්වලින්ම දැක්කා. ඊට පස්සෙයි මම ඒක ගැන සමාජ මාධ්‍යයේ සටහනක් තැබුවේ….’

‘ඊට පස්සේ ඔවුන් වනජීවී එකේ ගේට්ටුව වසා දැමුවා. පශු වෛද්‍ය පුෂ්පකුමාර, හාමුදුරුවන්ට කියලා තිබ්බා වනජීවී අධ්‍යක්ෂවරයා කිව්වොත් සත්වයාව මුදාහරින්න පුළුවන් කියලා. මේ නිසා මගේ ළමයින් මානසිකව වැටිලා ඉන්නේ. මම වනජීවී එකේ අධ්‍යක්ෂවරයාගෙන් ඒ ගැන කියලා ලිඛිත ඉල්ලීමක් පවා සිදුකළා…’

‘අපි කරපු ලොකුම පවුකාර වැඩක් මේක කියලා මට හිතෙනවා. මට කාගේවත් රැකියාවලට හානියක් කරන්න ඕනෙ නැහැ….’

‘මට සමාජයේ ගොඩක් දෙනා බණිනවා ඇයි මෙහෙම කළේ කියලා. මම හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. පුදුම දුකකින් ඉන්නේ. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. මම හිතින් විඳව විඳව මැරී මැරී ජීවත් වෙන්නේ. පුදුම වේදනාවකින් ඉන්නේ….’

සිදුකර තිබෙන්නේ නීති විරෝධී වැඩක්

මෙම සිදුවීම සම්බන්ධයෙන් අම්පාර වනජීවී පශු වෛද්‍ය නිලධාරී නිහාල් පුෂ්පකුමාරගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ තමන්ට ඒ සම්බන්ධයෙන් කතා කිරීමට වෙලාවක් නොමැති බවයි. අනතුරුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන් කරුණු විමසූ අතර, ඔහු පැවැසුවේ මෙරට වන සත්වයෙක් ළඟ තබාගැනීම නීති විරෝධී වරදක් බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, ‘මේ කාරණාවට අනුව සමස්ත සිද්ධිය අරන් බැලුවොත් ඔවුන් කරලා තියෙන්නේ නීති විරෝධී වැඩක් අපේ පනතට අනුව’ යැයි ප්‍රකාශ කළේය.

‘එතකොට කවුරු හරි කෙනෙක් තමන්ගේ සන්තකයේ වන ජීවියෙක් කියලා හඳුන්වන මේ රටේ ජීවත්වන සතෙක් ළඟ තියන් ඉන්නවා නම් ඒක අනීතිකයි. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට විතරයි එහෙම අවසරයක් තියෙන්නේ….’

‘එතකොට මේ අයගේ ප්‍රකාශිත කාරණාවේ දී කියැවෙන්නේ මේ සතා අනතුරට ලක්වෙලා හිටියා කියලා. ඒ අය වැඩිහිටි පුද්ගලයෝ විදිහට ඒ සතාව වනජීවී දෙපාර්තමේන්තුවට භාරදෙන්න ඕනෙ. මොකද මෙයාලා ජීවත් වෙන අම්පාර ප්‍රදේශය කියන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගැන හොඳටම දන්නා දිස්ත්‍රික්කයක්. වනජීවී එකේ කටයුතු සිදුවෙන ආකාරය ගැන ඒ අය හොඳින්ම දැනුවත් වෙනවා. ඒ වගේම වැඩිහිටියෝ විදිහට රටේ නීතිය ගැන දැනුවත් වෙන්නත් ඕනෙ….’

‘එතකොට මේ සතා හදාවඩා ගත්ත එක වැරදියි. ඒ සතාව අපිට භාරදෙන්න තිබුණා. නොදැනුවත්භාවය කියන එක අපි පිළිගන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔවුන් ජීවත් වෙන ප්‍රදේශයේ තමයි වනජීවී කාර්යාල වැඩි ප්‍රමාණයක් පිහිටලා තියෙන අධික ක්‍රියාකාරකම්වලින් යුත් ප්‍රදේශයක්….’

‘අනෙක් කාරණාව තමයි මේ සතාව අපට භාරදුන්නා නේ. අපි ගිහින් අනීතික දෙයක් වටලලා ගත්තේ නැහැ. මොකද හේතුව අපි අනීතික දෙයක් ඔවුන් ළඟ තිබුණාට අපට ඒ ගැන තොරතුරු ඇවිත් තිබුණේ නැහැ. අපි ගිහින් වැටලීමක් කරලා අත්අඩංගුවට ගත්ත සතෙක් නෙමෙයි. එයාලම ඇවිල්ලා අපට භාරදුන්නා. එයාලා භාරදුන්නේ වනජීවී සතෙක්. ඒ සත්වයා ඔවුන්ගේ පරම්පරාව සිටින කැලයට මුදාහරින එකයි අපේ සංරක්ෂණ ක්‍රියාවලිය….’

‘හේතුව, ඒ සතාව අපි ළඟ තියාගෙන ඔහුගේ අයිතිවාසිකම් නැතිකරන එක නෙමෙයි අපේ කාර්යය. වනජීවී නිලධාරීන් වැඩකරලා තියෙන්නේ ඒ වෙනුවෙන්….’

‘ඔවුන් කියන තවත් කාරණාවක් තමයි සතාට සැලකුවේ නැහැ කියලා. ඒගොල්ලෝ දැනගන්න ඕනෙ කාරණාවක් තමයි ඔය සිද්ධියට අදාළව ස්ථාන භාරව ඉන්නේ මේ දෙපාර්තමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම පශු වෛද්‍යවරයෙක්. අත්දැකීම් බහුල, ඔය වගේ නෙමෙයි ඔයිට වඩා භාරදූර සංරක්ෂණ කටයුතුවලට දායකවුණු පශු වෛද්‍ය කෙනෙක්. ඒ වගේමයි එයාගේ කාර්ය මණ්ඩලයත්. ඔවුන් ඉතා අසීරූ සංරක්ෂණ ක්‍රියාවලීන්ට දායක වුණු අය…’

‘ඔවුන් මේ සතාව, සතාගේ නිදහස ලැබෙන විදිහට සලකලා සාමාන්‍ය පරිසරයට මුදාහරින්න අවශ්‍ය පුහුණුව තමයි කරලා තියෙන්නේ. එහෙම නැතුව ඒ සතාට කන්න, බොන්න නොදී අඩන්තේට්ටම් කරලා නැහැ….’

‘තමන් අතින් සිද්ධ වුණු වැරැද්ද වහගන්න අපේ නිලධාරීන්ට දෝෂාරෝපණය කරන එක වැරදියි. ඔහු අනීතික දෙයක් තමයි කරලා තියෙන්නේ. ඔහුට මේ සතා ගැන ප්‍රශ්න කරන්නවත් අයිතියක් නැහැ, නෛතික වශයෙන් වැරැද්දක් කරපු කෙනෙක්ට. මේ සතා ගැන එතුමාට සද්භාවයක් ඇති. නමුත් අපි සතාව ළඟ තියන් ඉන්නේ නැහැ. අවශ්‍ය සංරක්ෂණ කටයුතු කරලා ඒ සත්වයාව වනයට මුදාහරින්න කටයුතු කළා’ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

වන සතෙක් ළඟ තබාගන්න පුළුවන්ද?

වන සත්වයෙකු ළඟ තබාගැනීම සහ එහි නීතිමය තත්ත්වය පිළිබඳ අපි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදු කළෙමු.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රචාරණ අංශයේ ප්‍රධානි හසිනි සරත්චන්ද්‍ර ප්‍රකාශ කළේ, එලෙස වන සත්වයෙකු ළඟ තබාගැනීම හා ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී හා දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස වන සංරක්ෂණ හා වෘක්ෂලතා ආඥා පනතේ සඳහන් බවයි. ‘ආඥා පනතේ හැටියට එහෙම වන සතෙක් ළඟ තබාගැනීම හෝ ප්‍රදර්ශනය කිරීම සිදුකරන්න බැහැ. සතෙක් තුවාල වෙලා හෝ අතරමං වෙලා ඉන්නවා නම් ජනතාවට අපට 1992 කියන දුරකතන අංකය ඔස්සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න පුළුවන්. එවිට වනජීවී නිලධාරීන් ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සිදුකරනවා’ ඇය ප්‍රකාශ කළාය.

‘උදාහරණයක් විදිහට ගත්තම පහුගිය දවස්වල කොටි පැටවුන් දෙදෙනෙක් ගැන වාර්තා පළවුණා. ඒ වෙලාවට මිනිස්සු ඒ පැටවුන් ස්පර්ශ කළාම කොටි මව ඔවුන්ව භාරගැනීම ප්‍රතික්ෂේප කරනවා. හොඳම දේ තමයි ඒ වෙලාවට සත්තුන්ව අල්ලන්න යන්නේ නැතිව දෙපාර්තමේන්තුව දැනුවත් කරන එක. එවිට අපේ නිලධාරීන් ඇවිල්ලා නැවත ඔවුන්ව වනයට මුදාහරින්න අවශ්‍ය පියවර ගන්නවා….’

‘වන සතුන් ළඟ තබාගන්නා කෙනෙක්ට නීතියෙන් කටයුතු කරන්න පුළුවන්. අත්අඩංගුවට අරගෙන උසාවි දාලා දඩ නියම කරන්න හෝ සිර දඬුවම් ලබාදෙන්න හැකියාව තියෙනවා. එහෙම වනජීවී සතෙක් ළඟ තබාගැනීම තහනම්’ ඇය පැවැසුවාය.

පරිසර නීතිය පිළිබඳ විද්වතකු වන නීතිඥ ජගත් ගුණවර්ධන මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
‘වන සත්වයෙක් තියාගන්නවා නම් එයට බලපත්‍රයක් ගන්න ඕනෙ. තුවාල වුණු හෝ අතරමං වූ සතෙක් හම්බ වුණොත් වනජීවී එකට භාරදෙන්න ඕනෙ. ඒකයි සිදුකළ යුතු පළමු දේ….’

‘වනජීවී සතෙක් කියන්නේ රජයට අයිති සතෙක්. විශේෂයෙන් වඳුරන් වගේ සත්තුන්ව අතපත ගාන්න ගියාම ඔවුන්ව නැවත කැලයට මුදාහරින්න බැරි වෙනවා. එතකොට වනජීවී දෙපාර්තමේන්තුව පවා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා මේ සත්තුන්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක රඳවා ගන්න හරි එසේ නැත්නම් සත්වෝද්‍යානයකට දෙන්න වෙනවා. මොකද සත්වයා මිනිස් ඇසුරට පුරුදු වෙලා නිසා….’

‘වඳුරන් හා රිලවුන් මිනිසුන්ට පහර දෙන්න හදන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පහුගිය දිනවල සොයාබැලීම් සිදුකළා. එතකොට තේරුම් ගිය දෙයක් තමයි මේ සතුන් මිනිස් ඇසුරේ හැදුණු සහ පසුව අත්හැර දමාගිය අය ප්‍රචණ්ඩ වෙලා තියෙන්නේ කියලා. සත්ව චර්යාවන් ගැන අප සමාජ මාධ්‍යයන් හරහා ජනතාවට දැනුවත් කරන්නේ ඒ නිසයි. මිනිස්සු ඒ ගැන දැනුවත් විය යුතුයි…’ නීතිඥවරයා පැවැසුවේය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි කැපීම අසික්කිතයි! නින්දිතයි! දුර්දාන්ත වැඩක්! ව්‍යවස්ථාවත් කඩලා! මේ බිල අපි ගෙවනවා! විපක්ෂනායක සජිත් මිහින්තලාවට යළි විදුලිය දෙන්න පෙරට එයි! ජනාධිපතිගෙන් ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වතුර බිල වැඩි කරලා පැය කීපයයි! හෙට ගෑස් මිලත් නග්ගන්න වගේ හදන්නේ! I Sri Lanka Latest News

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.