ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව හෙට (4) මාධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.Sri Lanka Latest News
ලෝක වෙළෙඳපොලේ ගෑස් මෙටි්‍රක්ටොන් එක මිල ඇමරිකානු ඩොලර් 78 සිට ඩොලර් 85 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ද මිල සූත්‍රයට ඇතුළත් කර නව මිල ගණනය කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධායෙක් පැවසීය.
මෙම මස (අගෝස්තු) ගෑස් මිල හෙට (4) පෙරවරුවේ කොළඹ 2, පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කිරීමට නියමිතය. -ලංකාදීප