MAS Holdings සමූහයේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස, 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරේන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ. ඒ අනුව ඒ මහතා, දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදන සමාගම වන MAS Holdings සමූහයට නායකත්වය දෙන, නිර්මාතෘවරුන්ගේ පවුලේ සාමාජිකයකු නොවන ප්‍රථම ප්‍රධාන නිලධාරිවරයා බවට පත්වී සිටී. සමාගමේ වේගවත් වර්ධනයට සහ 2025 වසර සඳහා වන දැක්මට සමගාමීව නව ගමනක ආරම්භය සනිටුහන් කරමින් මෙම පත්වීම සිදුකර තිබේ.
සුරේන් ප්‍රනාන්දු මහතා මීට පෙර MAS Holdings සමූහයේ විශාලතම අනුබද්ධ ආයතනය වන MAS Holdings ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළ අතර එම ආයතනය ඇමෙරිකානු ඩොලර් 800ක වටිනාකමින් යුත් දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්කිරීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළේය. ක්ෂේත්‍රයේ විශාල පිළිගැනීමක් හා ගෞරවයක් දිනා ඇති සුරේන් ප්‍රනාන්දු මහතා මින් ඉදිරියට MAS Holdings සමූහයේ නව ගමන් මඟේ පෙරගමන්කරුවකු බවට පත්වනු ඇත.











