• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෝදිට විශ්වාසභංගයක්! Sri Lanka Latest News

July 26, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල් ඉන්දියාවට යන්න කලින් ලියුමක් මෝදිගේ අතට ගිහින්! පක්ෂ 6ක නායකයන් අස්සන් කරලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මනිපූර් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විපක්ෂය සමග ඇතිවී තිබෙන ගැටුම මධ්‍යයේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට සිදුවනු ඇත.

විපක්ෂ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් බදාදා (ජූලි 26) විශ්වාසභංග යෝජනාවක් සභාගත කළේ ය.

මෝදිගේ පක්ෂය සහ මිත්‍ර පක්ෂවලට පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බහුතරයක් පවතින හෙයින් ඔහුගේ රජය මෙම ඡන්ද විමසුමෙන් පරාජයට පත් නොවනු ඇත.

එහෙත්, විපක්ෂ නායකයින් පවසන්නේ, මෙම ක්‍රියාවලිය හරහා මනිපූර් ප්‍රචණ්ඩත්වය පිළිබඳව කතා කිරීමට අග්‍රාමාත්‍ය මෝදිට බල කෙරෙනු ඇති බව ය.

බහුතර මෙයිති ප්‍රජාව සහ ගෝත්‍රික කුකී සුළුතරය අතර මැයි මාසයේ දී ප්‍රාන්තය තුළ ඇති වූ වාර්ගික ගැටුම් පිළිබඳව ඔහු පාර්ලිමේන්තුව ඇමතිය යුතු බවට ඔවුන් බලකර ඇත.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තව ත් දසදහස් ගණනක් අවතැන් වී සිටිති.

පසුගිය සතියේ දී, මැර පිරිසක් විසින් කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර මාර්ගයක රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් ලෝක ප්‍රජාවගේ ප්‍රකෝපයට සහ හෙළා දැකීමට ලක්විය.

එමඟින් මනිපූර් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය නිශ්ශබ්දතාව බිඳ දැමීමට මෝදිට බල කෙරුණු අතර, මෙම සිද්ධිය “ඉන්දියාව ලැජ්ජාවට පත් කර ඇති” බව ත්, මැර පිරිසට ගැලවීමක් නොමැති බව ත් ඔහු පැවසුවේ ය.

එනමුත්, ප්‍රචණ්ඩත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට රජය සූදානමින් සිටි අතර විපක්ෂය එය වැළැක්වූ බවට ෆෙඩරල් ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මේ සතිය මුල දී පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාව හමුවේ චෝදනා කළේ ය.

2014 වසරේ බලයට පත්වීමෙන් පසු මෝදිගේ රජය විශ්වාසභංග යෝජනාවකට මුහුණ දෙන දෙවන අවස්ථාව මෙය යි. 2018 වසරේ දී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට විශේෂ වර්ගීකරණ තත්ත්වයක් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු (නීති සම්පාදකයෙකු) විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. පැය 12ක් පුරා පැවති විවාදයකින් පසුව එය පරාජයට පත් විය.

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ හැක්කේ ලෝක් සභාවට පමණක් වන අතර, එය භාරගනු ලබන්නේ, අවම වශයෙන් මන්ත්‍රීවරුන් 50 දෙනෙකු ඊට සහය පළ කරන්නේ නම් පමණි. එය භාර ගැනීමෙන් පසු දින 10ක් තුළ කතානායකවරයා විසින් ඡන්ද විමසීමේ දිනය නිවේදනය කරනු ලබ යි. බහුතරය ඔප්පු කිරීමට ආණ්ඩුවට නොහැකි වුවහොත්, එයට ඉල්ලා අස්වීමට සිදුවෙයි.

බදාදා දිනයේ දී, කොන්ග්‍රස් පක්ෂයේ සහ භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෝසම් දෙකක් ඉදිරිපත් කරනු ලැබූ අතර, පළමුවැන්න පිළිගනු ලැබී ය.

කතානායක ඕම් බිර්ලා ප්‍රකාශ කළේ, සර්ව පාක්ෂික නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු විවාදයට සහ ඡන්ද විමසීමට දිනයක් ප්‍රකාශයට පත් කරන බව ය.

“ඡන්ද ගණන ගැන සලකා බැලුවොත් අපට වාසිසහගත නැති බව අපි දන්නවා,” විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන මනෝජ් කේ. ජා බදාදා පැවසීය. “මේක ඡන්ද ගණන බලාගෙන ගේන විශ්වාසභංගයක් නෙවෙයි. විශ්වාසභංග යෝජනාව ගෙනාවා ම අගමැතිට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුව ඇතුළෙදි මේ ගැන කතා කරන්න.”

“විශ්වාසභංග යෝජනාවක් ගේන්න විපක්ෂයට සිද්ධ වුණේ, ඔවුන්ගේ අන්තිම තුරුම්පුව (ආයුධය) ඒක නිසා යි,” කොංග්‍රස් නායක මාණිකම් තාගෝර් පැවසීය.

SendShareShare
Previous Post

දින 200ක් සිරගත කොට සිටින කැළුම්-දිල්ෂාන් නිදහස් කරගන්න පාරට බැස්ස අන්තරේට අදත් ජල ප්‍රහාර! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෝල් ටයිටන්ස් කණ්ඩායමත් සමග රන්ජන් රාමනායකත් LPL ක්‍රිකට් තරගාවලියට පිවිසෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

Load More
“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

මෙරට රාජ්‍ය නායකයන් සහ දේශපාලකයන් කිහිප දෙනකුම සාහසිකයන් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳ අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද,...

Read more
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.