වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා ඊ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියට 18 වැනි වරටත් ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරය අනුග්‍රහය දක්වන බව පසුගියදා නිවේදනය කළේය.
මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නඟා සිටුවීමේ අරමුණ ඇතිව ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරය පාසල් ක්‍රීඩා මෙන්ම වෙළෙඳ සේවා ක්‍රීඩා සංවර්ධනය කිරීම සඳහා හැමවිටම අනුග්‍රහය දක්වයි. එසේම තම සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය සහ ප්‍රබෝධමත් ජීවන තත්ත්වය නඟාසිටුවමින් ඔවුන්ද ක්‍රීඩාවලට දිරි ගැන්වීමට ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරය කටයුතු කර ඇති අතර මේ වන විට වෙළෙඳ සේවා ක්‍රිකට්, මලල ක්‍රීඩා, වොලිබෝල්, හොකී, පැසිපන්දු, නෙට්බෝල් සහ බැඞ්මින්ටන් යන ක්‍රීඩා ඉසව්වලට ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම දායකත්වය ලබාදේ.











