සිංහල සිනමාවේ ප්‍රථම කතා නාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයෙන් පසුව මෙරට බොහෝ චිත්‍රපට බිහිවිණි. මේ අතර අප සමාජය තුළ සිදුවූ සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට කීපයක්ම අපට එදා මෙදාතුර නැරැඹීමට හැකි විය. දශක ගණනාවක් තුළ තිරගත වූ සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට අතර House Full පුවරුවට නිවනක් නොතිබුණේ ලෙනින් මොරායස් මහතා අධ්‍යක්ෂණය කළ ‘හිතුවොත් හිතුවාමයි’ හා ටයිටස් තොටවත්ත මහා අධ්‍යක්ෂණය කළ ‘මරුවා සමඟ වාසේ’ යන චිත්‍රපට දෙක වීම විශේෂත්වයකි. එම චිත්‍රපට දෙකම 77 වර්ෂය තුළ තිරගත වීම තවත් විශේෂත්වයකි.
සියලුම ආසන පිරී ඉතිරී යෑමෙන් එදා දුටු House Full පෙරළිය සිනමා රසිකයන්ගේ ඒ අතීත මතකය තුළ අදටත් නිසැකවම රැඳී ඇත.
70 දශකය සිංහල සිනමාවේ ස්වර්ණමය අවධිය බව අවිවාදයෙන් පිළිගැනෙන්නෙකි. එම කාලය තුළ ලාභ ලබන කර්මාන්තයක් ලෙස සිනමාව පවත්වාගෙන යෑමට පුරෝගාමී වූ වෙළෙඳ චිත්‍රපට ප්‍රවණතාවේ ප්‍රමුඛයන් අතර ඉදිරියෙන්ම සිටි සිනමා නිර්මාණකරුවෙකි ලෙනින් මොරායස් මහතා. ඔහු ‘සූරයන්ගෙත් සූරයා’ චිත්‍රපටයේ සිට ‘යුගයෙන් යුගයට’ යන චිත්‍රපටය දක්වා සිනමා නිර්මාණ ගණනාවක් මෙරට සිනමාවට දායාද කළේය.
ඔහුගේ සිනමා නිර්මාණ සියල්ලම කාමුක දර්ශනවලින් හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව විනෝදාස්වාදය ශිෂ්ට සම්පන්න ලෙස ප්‍රේක්ෂකයා වෙත කාන්දු කර තිබූ බව නොරහසකි. ඔහු දායාද කළ සිනමා නිර්මාණ ගොන්න අතර වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ්‍යධඹීෑ ත්‍ඹඛඛ පුවරුවට නිවනක් නොදුන්නේ ‘හිතුවොත් හිතුවාමයි’ චිත්‍රපටය විය හැක.
එම සිනමා පටයට පාදක වූයේ කලත්තෑවේ අපරාධ කැලැත්ත මෙහෙයවූ සොයිසාගේ ජීවිත කතාවයි. මෙහි සොයිසාගේ චරිතයට පණ පෙවීමට ප්‍රතාපවත් රංගන ශිල්පියකු සොයා ගැනීමට ලෙනින් මොරායස්ට සිදුවිය. එයට සුදුසුම නළුවා වෙනින් කවුරුවත් නොව විජය කුමාරණතුංගයන් යැයි ඔහු තීරණය කර ‘සොයිසා’, ‘ඉන්ස්පෙක්ටර් රාමනායක’ හා ‘චුක්කි’ යන චරිත නිරූපණය කිරීමට විජය කුමාරණතුංගයන්ටම භාර කළහ.
70 දශකයේ අවම පහසුකම් මැද නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ ඉහත කී චරිතවලට පණපෙවූ විජය කුමාරණතුංගයන්ගේ දැවැන්ත රංගන රටාව වර්තමානය තුළ බිහිවන සිනමා නිර්මාණවල දකින රංගනයන් සමඟ සසඳන විට ඉතා ඉහළ මට්ටමක එදා එය තිබූ බව සඳහන් කළ යුතුමය.
නිෂ්පාදක ලුසී ජේජ්ය. ගී පද රචනා ජෝර්ජ් ලෙස්ලි හා ඔගස්ටස් විනයාගරත්නම්ගෙනි. ගීත ගායනා කළේ එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොළ, වික්ටර් රත්නායක, ඇන්ජලින් ගුණතිලක ආදීන් විසිනි. සංගීත අධ්‍යක්ෂණය කළේ සරත් දසනායකයන්ය. ප්‍රධාන චරිත කීපයක් විජය කුමාරණතුංගයන් නිරූපණය කළ අතර ශ්‍රියානි අමරසේන, රෙක්ස් කොඩිප්පිලි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ජෝ අබේවික්‍රම, ඩොමී ජයවර්ධන ආදීහු සෙසු චරිත නිරූපණය කළහ.
රජයේ චිත්‍රපට අංශයට එක්වී එහි සංස්කරණ ශිල්පියකු ලෙස කලක් කටයුතු කර පසුව චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ටයිටස් තොටවත්තයන් ප්‍රථම වරට ‘රේඛාව’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.
සිනමාපට කීපයක්ම සංස්කරණය කළ ඔහු අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය වන්නේ ‘චණ්ඩියා’ චිත්‍රපටයයි. ඉන් නොනැවතී ‘හෙවන’, ‘හාර ලක්ෂය’, ‘සිහසුන’, ‘සාගරිකා’, ‘මංගලා’, ‘මරුවා සමඟ වාසේ’, ‘හඳයා’ වැනි නිර්මාණශීලී චිත්‍රපට ගණනාවක් ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලදී. එම චිත්‍රපට කීපය අතරින් මෙරට සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කළ ‘මරුවා සමඟ වාසේ’ සිනමා පටය එදා අතිශයින් ජනප්‍රිය වූවකි.
සිනමා අඹරේ රංගධරයන් බහුතරයක් මෙහෙයවා ඇති තොටවත්තයන් විජය කුමාරණතුංගයන් මෙහෙයවූ මුල් අවස්ථාව වන්නේ ‘මරුවා සමඟ වාසේ’ සිනමා පටය තුළින්ය. එයට පෙර තොටවත්තයන් නිර්මාණය කිරීමට සූදානම් වූ ‘පුරන් අප්පු’ චිත්‍රපටයට විජය තෝරාගෙන සිටි බව හා එහි පුහුණුවීම් කළ තොරතුරු හා ඡායාරූප පුවත්පත් මඟින් දැක ඇත. එම චිත්‍රපටය නිමාවී ප්‍රදර්ශනය වූවා නම් විජය සිනමාවට හඳුන්වාදීමේ ගෞරවය තොටවත්තයන්ට හිමිවනු ඇති බව මාගේ විශ්වාසයයි.
සිරිපාල හෙවත් මරුසිරාගේ චරිතයට විජය යොදාගෙන ගොඩනැඟූ එම දැවැන්ත සිනමා නිර්මාණය කලාත්මක සිනමා පටයක් ලෙස ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූවකි. 77 වර්ෂයේදී සිනමා හල්වල ්‍යධඹීෑ ත්‍ඹඛඛ පුවරුවට නිවනක් නොදුන් එම චිත්‍රපටය නැරැඹීමට ජනගඟ ඇදුණේ මහ වරුෂාව මැද සමාජයේ යහපත් මිනිසකු ලෙස ජීවත් වූ සිරිපාල පසුව අංගුලිමාලයකු ලෙසින් පැමිණීමත් අතර වූ විජයගේ රංගන පරාසය ඉතාමත් ප්‍රබලය. එවැනි ගැඹුරු චරිතයක් නිරූපණය කිරීම වෙනුවෙන් රංග කුසලතා :ධක්‍ෂක්* සම්මානයද විජයට හිමිවිය. නිෂ්පාදනය හේවා කුරුප්පු විසිනි. ගී සංකල්පනා කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්තිද අල්විස්, කේ.ඩී.කේ. ධර්මවර්ධනගෙනි. පසුබිම් ගායනා එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, අල්හාජ් මොහිදීන් බෙග්, ලතා වල්පොළ, මිල්ටන් මල්ලවආරච්චි, එම්.එස්. ප්‍රනාන්දුගෙනි. සංගීතය අර්නස්ට් සොයිසාගෙන්ය. මෙහි සිරිපාල හෙවත් ‘මරුසිරා’ගේ චරිතය විජය කුමාරණතුංග නිරූපණය කළ අතර ගීතා කුමාරසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ජෙනිටා සමරවීර, බන්දුල ගලගෙදර ආදීහු රංගනයෙන් දායක වූහ.
ගාමිණී වර්ණපුර











