• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කොණ්ඩදෙණිය හිමියන්ගේ වික්‍රම

March 1, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කොණ්ඩදෙණිය හිමියන්ගේ වික්‍රම
Share on WhatsAppShare on Facebook

කොච්චර අතුගෑවත් ඉවරයක් නෑ
ඒවා සමහර විට කැරකෙන බයිසිකල් රෝදයක ස්පෝක් අතුරුදන් වෙන තරමේ සරල සිදුවීම්ය. නමුත් මිනිස්සු එය මුලින්ම දුටුදා පුදුම වන්නට ඇත. සමහරවිට ලෝකේ අසිරිමත් සැමරුම් ලෙස පිළිගැනෙන ටාජ් මහල් වැනි විශාල ගොඩනැගිලි විනාඩි කීපයකට අතුරුදන් කරන්නට දක්ෂ මැජික් ශිල්පීන් ලෝකයේ සිටී. එහෙම නම් විශ්වාස කරන්නට බැරි හුඟක් දේවල් ලෝකයේ සිදු නොවෙනවා නොවේ. අප මේ කතා සොයා යන්නේ ඒ වෙනුවෙනි.
කොණ්ඩදෙණිය හාමුදුරුවො සහ චුට්ටේගේ කතාව මෙසේ ලියවෙන්නේ ඒ වෙනුවෙනි. මේ චුට්ටේ අපට කී කතාවය. මේ සියල්ල ඔප්පු කරන්න අපි ළඟ ඔහුගේ රූපය සහිත වීඩියෝ සාක්ෂි තිබේ.
“මට මේක මුල දී කියන්න අමතක වුණා..”
ඔහු තවත් කතාවකට මුල පුරන්නේ ඒ අයුරෙනි. එහි රස සමහර විටක පෙර කතාවට වඩා වෙනස්ය.
ඊළඟ කතාව ඊට වඩා වෙනස්ය. වැඩි රස කෝකදැයි නිශ්චය කිරීමෙන් වැඩක් නැත. රස විඳීම ඔබට අයිති වැඩකි. රස හොයා දීම අපේ රාජකාරියයි.
“මුලින්ම ගිහිල්ලා, උන්නාන්සෙ හමුවුණ වේලාවෙ. සමහර විට මම මේක කියන්නත් ඇති. උන්නාන්සෙ බැලුවෙ කකුල් දෙකේ ඉඳලා ඔළුවටම එක බැල්මයි…”
“මට කිව්වනෙ අතුගාන්න කියලා. මම පොඩි එකා වුණාට ඕවා ටික ටික දන්නවා. හැබෑවටම ඒ වංගියෙ පුංචි එවුන් දැන් වගේ නෙමෙයි. වැඩට පළට දක්ෂයි.
දැන් මං අතුගානවා. හෝගාලා අතුගානවා.
හාමුදුරුවො බලාගෙන ඉන්නවා. කොළ එහෙන් එනවා. මෙහෙන් එනවා. මට ඕක තේරෙන්නෙ නෑ. මොකක්දෝ එකක් වෙනවා කියලා. මම ඉතින් අතුගානවා…”
හාමුදුරුවො මොනවාවත්ම කියන්නෙ නෑ. හැබැයි බලාගෙන ඉන්නවා.
“කොයි ලෝකෙන් මේ තරම් කොළ ගොඩක් එනවද මන්දා කියලා මට හිතෙනවා. ඒත් ඉතින් මොනවා කරන්නද කියලා හිත හදාගෙන අතු ගෑවා…”
“ඔහොම රවුමක් අතුගාලා ආපහු එන කොට, මෙන්න බොලේ ආයෙමත් අර කතන්දරේම වෙලා. කොළ වැටිලා යමරෙට, මං උඩත් බැලුවා ගහ මැරිලද කියලා. අනේ නෑ ගහ එහෙම්ම තියෙනවා. ඊට පස්සෙන් පහු මං හිතුවා, කාරියක් නෑ, ගහේ කොළ එක්කෝ ඉවරයක් වෙන්නෙ නැතෑ කියලා”
“මං අර උඩ බලන කොට නායක හාමුදුරුවො මයෙ දිහා බලාන හිනැහුණා, මං හොර ඇහැට දැක්කා. ඒත් මට තරහ ඩිංගකුත් ගියා. යකොඩෝ මට මෙන්න මේ මෙච්චර නස්පැත්තියක් වෙලා උන්නාන්සෙ හිනා වෙනවා කියලා”
“මෙහෙම කොච්චර වෙලාවක් අතු ගෑවද දන්නෙ නෑ. අන්තිමට උන්නාන්සෙ මට කතා කළා”
“අතුගාලා ඉවරයැ?, කියලා”
“මං කිව්වා තව ඩිංගක් තියෙනවා හාංදුරුවනේ, කියලා”
“ආ ඒකෙ කාරි නෑ, එන්ටකො මෙහාට කිව්වා”
“මං ඉදල එහෙම්ම දාලා, උන්නාසෙ ළඟට ගියා”
“මොකෝ කොළ ගොඩගැහෙනකොට හිතුණෙ ඇහුවා, මං කිව්වා මොනවත් නෑ කියලා”
“තරහ ගියෙ නැද්ද, ඇහුවා”
“මං කිව්වා අප්පෝ නෑ, කියලා”
“ආ එහෙනම් බොහොම අගෙයිනෙ, කියලා උන්නාන්සෙ හිනැහුණා”
“මං අතුගාලා එන්නම් හාංදුරුවනේ, කියලා ඕං පැන ගෙන ආවා”
“හැබැයි ඇවිල්ලා බලන කොට කුණු රොඩු මොකොවත් නෑ, මං වට පිට බලලා පිටිපස්ස බලන කොට උන්නාන්සෙ පිටිපස්සෙ හිටන් ඉන්නවා.
“ආ ඕක බණ්ඩයියා අහක් කරන්ට ඇති. චුට්ටා ඕන් ඔහෙන් ඉන්ඩ කිව්වා”
“චුට්ටො, ඉවසීම හුඟාක් වටිනවා. ඔය කොළ කන්ද දැකලා ඉවසීම තිබුණා නම් ජීවත් වෙන්ඩ පුළුවන්, කියලා උන්නාන්සෙ කිව්වා”
“එදා ඒ කොළ ආවෙ ඉබේ නෙමෙයි, ඒක උන්නාන්සෙගෙ වැඩක්. ඒක තමයි මාව පරීක්ෂා කරපු විදිය. ඒ බැලුවෙ මගේ ඉවසීම…”
ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හච් මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් බල ගන්වයි

Next Post

සෙලින්කෝ ලයිෆ් 2019 සඳහා රුපියල් බිලියන 32.1ක ආදායමක් වාර්තා කරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.