• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙහේ මාධ්‍ය උඩ දදා කියපු විදිහට ඇත්තටම රජිණිකාන්ත් ලංකාවේ සංචාරයකට ආවාද? I Sri Lanka Latest News

July 17, 2023
in Exclusive
Reading Time: 19 mins read
A A
මෙහේ මාධ්‍ය උඩ දදා කියපු විදිහට ඇත්තටම රජිණිකාන්ත් ලංකාවේ සංචාරයකට ආවාද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි රංගන ශිල්පියෙකු වන රජිණිකාන්ත්, මේ දිනවල ශ්‍රී ලංකා සංචාරයක නිරත වීමට ලංකාවට පැමිණ ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනය පහතින්.Sri Lanka Latest News

සමාජ මාධ්‍ය සටහන් :

“දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුව රජිණි කාන්ත් ශ්‍රී ලංකාවට” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් හුවමාරු වූයේ රජිණි කාන්ත් ශ්‍රී ලංකා සංචාරයකට පැමිණි බවට අර්ථ දක්වමින්.

Facebook | Archived Link

එමෙන් ම එම වෙබ් වාර්තාව මෙතනින්. තවත් සටහනක් මෙතනින්

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එමෙන් ම මෙවැනි සටහන් හේතුවෙන් ෆේස්බුක් පරිශීලකයින් නොමග ගොස් ඇති බවට අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

මේ හේතුවෙන් මෙම සටහන් වල දැක්වෙන ලෙස රජිණිකාන්ත් මෙරට සංචාරයකට පැමිණ ඇත් ද යන්න පිළිබඳ පරීක්ෂාවක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළේ, දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි රංගන ශිල්පියෙකු වන රජිණිකාන්ත් ශ්‍රී ලංකා සංචාරයක් සිදු කරන බවට පුවත් වාර්තා කර ඇත්ද යන්නයි.

අපට දැකගන්නට ලැබුණේ පසුගිය මාර්තු 29 වන දා චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කේෂ්වරන් මහතා, රජිණිකාන්ත් මහතා හමු වී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඔහු වෙත පුද්ගලිකවම ආරාධනා කර ඇති බවත්, ඔහුගේ පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි පිටිවහලක් වන බවටයි. ඒ සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් පළ වී තිබූ ඉන්දීය ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙන් ම මෙරට මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

නමුත් ඉන් පසුව එම ආරාධනාව පිළිගැන සුපිරි නළු රජිණිකාන්ත් මෙරට පැමිණෙන බව ට පුවත් වාර්තා දැක ගන්න ට නොලැබුණි.

රජිණිකාන්ත් මෙරට සංචාරයක ට පැමිණි බව හඟවමින් ඉහත සටහන් වල පෙන්වා තිබූ ඡායාරූප රජිණිකාන්ත් මෙරට ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් සමග දැක්වෙන ඡායාරූපයක් බැවින් අප මේ සම්බන්ධයෙන් SriLankan Airlines නිල ෆේස්බුක් පිටුව හරහා පරීක්ෂා කරනු ලැබුවා. 

පසුගිය ජූනි 12 වන දා එහි ඡායාරූප සටහනක දක්වා තිබුණේ, රජිණිකාන්ත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි සිට මාලදිවයින යන ගුවන් ගමන අතර තුර එම ගුවන් යානය ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීම නිසා ඔහුට පැය කිහිපයක් ශ්‍රී ලංකා ගුවන් තොටුපළේ රැඳී සිටීමට සිදු වී ඇති බවයි. එහිදී රැජිනිකාන්ත්  කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබුණා

Archived Link

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මාධ්‍ය කළමණාකරු දීපාල් පෙරේරා ද ඉහත කරුණු සනාථ කරමින් තහවුරු කර සිටියේ රජිණිකාන්ත් මහතා ලංකාවට ඇතුළු වුයේ නැති බවත් පැය කිහිපයක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියක රැඳී සිට නැවත ඔහුගේ ගමනාන්තය වූ මාලේ වෙත ගමන්කරන ශ්‍රී ලංකන් ගුවන්යානයෙන් මාලදිවයින වෙත ගමන්ගත් බවයි.

එමෙන් ම, ඉන්දියානු වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන සහ සිනමා විචාරකයෙක් වන රමේෂ් බාලා විසින් ද, සිය ට්විටර් ගිණුම ඔස්සේ ඉහත ඡායාරූප පළ කරමින් සඳහන් කර තිබුණේ, සුපිරි නළු රජිණිකාන්ත් චෙන්නායි සිට මාලදිවයින බලා ගමන් කරන අතර තුර ලබා ගත් ඡායාරූපයක් බව ටයි.

#Superstar @rajinikanth on his way from #Chennai to #Maldives pic.twitter.com/0iVvxllSlc

— Ramesh Bala (@rameshlaus) July 14, 2023

එසේම ඇතැම් මාධ්‍ය වාර්තා කිහිපයක, රජිනිකාන්ත් ඇත්ත වශයෙන්ම පැය කිහිපයක් සඳහා කටුනායක ගුවන්තොටුපලෙහි රැඳී සිටීමක් පමණක් සිදුවූ සිද්ධිය නිවැරදිව වාර්තා කර තිබු ආකාරය ද අපට මෙලෙස දැක ගන්නට ලැබුණා.

FactCrescendo අප දමිළ බසින් මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු විමර්ශන වාර්තාව මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දකුණු ඉන්දියානු සුපරි රංගන ශිල්පී රජිණිකාන්ත් චෙන්නායි සිට මාලදිවයින සංචාරය සඳහා බලා පිටත් වීමේ ගුවන් ගමන් වාරය අතරතුර ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළේ පැය කිහිපයක් ගත කිරීම පමණක් සිදුව තිබු බවයි. නමුත් ඒ පිලිබඳ සිදුකර තිබු නොමඟ යවන සුළු වාර්තා ඔස්සේ, සැබවින්ම රජිනිකාන්ත් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවට ඔහුගේ රසිකයින් අතර ව්‍යාකූලත්වයක් ඇති වී තිබුණි.

සුපර්ස්ටාර් රජිනි කාන්ත් දිවයිනට! Sri Lanka Latest News
SendShareShare
Previous Post

‘සෞඛ්‍ය ඇමැතිතුමා සාර්ථකව වැඩ කරගෙන යනවා! ඉල්ලා අස්වෙන්න ඕන නෑ!’ පොහොට්ටුව කෙහෙළිය වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Next Post

කෙහෙළියගේ විශ්වාසභංගය සජබ මන්ත්‍රී කණ්ඩායමෙන් තහවුරු කරයි! Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.