• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

නිවැසියන් බියකල භූතයෙක්

March 1, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
නිවැසියන් බියකල භූතයෙක්
Share on WhatsAppShare on Facebook

බිලාසා… මෙහාට එනවා… කවුද මේ බිත්ති පුරාවට මේ තරම් ඉරි ඇන්දේ… නිවෙස් හිමි හැත්තෑහත් හැවිරිදි ජේ. කේ. ගුහා තරමක් කේන්තියෙන් නිවෙසේ සේවිකාව කැඳවූවාය.
ම්… මට… කතා කළාද?

කතා කළා තමා මොනවද මේ බිත්තිවල ඇඳල තියෙන ඉරි… කවුද මේව කළේ… ගුහා තරමක් කේන්තියෙන් විමැසුවාය.

අනේ මම නම් දන්නෙ නැහැ. අඳින කෙනෙක් දැක්කෙත් නැහැ.

නිවෙසේ සේවිකාව වූ පහළොස් හැවිරිදි බිලාසා එසේ නිදහසට කරුණු කීවාය.
මේක හරි වැඩක් නේ… එතකොට නිවෙසේ කවුරුත්ම දැකල නැහැනෙ… මේ බිත්තිවල ඉරි ඇන්දෙ කවුද කියලා…

නිවෙසේ ප්‍රධානියා එසේ කියත්ම නිවැසියෝ සියල්ලම හිස් වනා… එය නොදන්නා බව ඇඟවූහ.
සමහර විට මේක අපේ රිතුෂ්රිගේ වැඩක්ද දන්නෙ නැහැ.

එවර නිවැසියන්ගේ සැකය යොමු වුණේ නිවෙසේ හුන් රිතුෂ්රි නමැති තුන් හැවිරිදි දැරිය දෙසටය. ඇය නිවෙස් හිමි ගුහාගේ මිනිපිරිය වූවාය.

අපි ඈ ගැන කල්පනාවෙන් හිඳිමු. කතිකාව අවසානයේ නිවැසියෝ නිගමනයකට එළැඹුණහ.
ගුහාගේ ඉල්ලීම අනුව කුඩා රිතුෂ්රි දියණිය ගැන නිවැසියෝ පරීක්‍ෂාකාරී වූහ. මේවා ඇයගේම දඟ වැඩක් වෙන්න ඕනෑ කවුරුත් සිතූහ.

රිතුෂ්රි ගැන නිවෙසේ සියල්ලෝම එසේ දැඩි අවධානයකින් පසුවූහ. එයට දින ගණනකට පසු නිවෙසේ අල්මාරියක තිබූ වටිනා කියන පොත්පත් රැසක්ම කුඩා කැබැලිවලට ඉරා දමා තිබෙනු නිවැසියෝ දුටුවහ.

සතියක් හමාරක් ගත වන විට මෙකී තත්ත්වය තව තවත් නරක අතට හැරී ගියේය. ඒ වන විට නිවෙසේ තිබූ වටිනා කියන බඩුමුට්ටුද කඩා බිඳ දැමුණාය. එසේ කරන්නේ කවරෙක්දැයි නිශ්චිත වශයෙන් නිවැසියන්ට කිව නොහැකි විය. මුලදී දඟකාරකමට නිවෙසේ හුන් රිතුෂ්රි කුඩා දැරිය බිත්තිවල ඉරි අඳිනවා විය හැකි යැයි සැක කළද ඇය ගැන විමසිල්ලෙන් පසුවෙමින් සිටියදී එසේ වීමත් නිවෙසේ වටිනා කියන බඩු භාණ්ඩ කඩාබිඳ දැමෙන අයුරු දැකීමෙන් නිවෙසේ සිටින කුඩා දියණියට එවැනි ක්‍රියාවක් කළ නොහැකි බව පවුලේ සැමටම අවබෝධ වූහ.

පිරිස කුඩා දැරිය ගැන ඇස් ගසාගෙන සිටියදී එසේ වීම නිසා නිවැසියෝ මවිතයට පත්වූහ. කුඩා මිනිපිරිය නිවෙසේ විනාශකාරී ක්‍රියා නොකරන බව ඔවුහු අවබෝධකර ගත්තද සිදුවන විනාශකාරී කටයුතු නම් කිසිවකු නොසිතූ පරිදි දිනෙන් දිනම වර්ධනය වූවා මිස අඩු වූයේම නැත.

තවත් දවසක බලන විට පිටු හයසියයකින් යුතු පොතක් හරියටම දෙකට ඉරා දමා තිබෙනු කාටත් දැකගත හැකි විය. සැබැවින්ම ඒ පොත ගෙහිමියන් ඉතා ඕනෑකමින් ආරක්‍ෂා කළ වටිනා කියන පොතකි.

නිවැසියන් එසේ ඉරා දමා තිබූ පොත පරීක්‍ෂා කරන විට පෙනී ගියේ පොතේ පිටු හයසියයම එකට අල්ලා එකවර ඉරා දමා තිබෙන බවයි. ඒ විතරක්ද නොව එකී පිටු හයසියයේ පොත ඉරී තිබුණේ එකම තැනකින් වීමද කාටත් විමතිය දනවන්නට හේතුවක්ද විය.

අනෙක ඒ සා පිටු හයසියයක පොතක් එකවරම දෙපැත්තට අල්ලා ඉරා දමන්නට නම් එසේ කළ පුද්ගලයා බලවත්, ශක්තිවන්තයකැයි සිතූ නිවැසියෝ මෙම සිද්ධියෙන් පසු ඒවා කරන්නේ කුඩා රිතුෂ්රි නොවන බව තේරුම් ගත්හ. ඈ වගේ කුඩා දැරිවියකට එවැන්නක් කළ නොහැකි බව නිවැසියෝ නිගමනය කළේ ඒ පොත එසේ ඉරා දැමීම කළ හැක්කේ කුඩා දැරියකට නොව යම් බලයක් ඇති ශක්තිවන්තයකුට පමණක් බව නිවැසියෝ නිගමනයකට ආහ.

ඒ විතරක් නොව මෙය කිසියම් භූතයකුගේ වැඩක් විය හැකි යැයි අන්තිමේදී නිවැසියෝ සැක කළහ. අද්භූත බලයක් තමන් ජීවත් වන නිවෙසේ ක්‍රියාත්මක වන බව අවබෝධවත්ම නිවැසියෝ එතැන් සිට යම් භීතියකට පත්වූහ.

මෙම අද්භූත බලවේගය කෙතරම් බලවත්වීද යත් ඉබි යතුරු දමා සුරක්‍ෂිතව වසා දමා තිබුණු කබඞ්වල දොරවල් විවෘත වී ඒවා ඇතුළත සුරක්‍ෂිතව දමා තිබූ බඩු භාණ්ඩ, නිවෙස පුරා විසිරී යන්නට විය. තවත් එක් දිනෙක ගෙහිමි ගුහා භාවිත කළ සපත්තු ජෝඩු කිහිපයකින් එක් සපත්තුවක් අතුරුදන්ව තිබිණි. නිවෙස පෙරළා සෙව්වද එසේ නැතිවූ සපත්තුව නැවැත හමුවුණේම නැත.

එයට දවස් කිහිපයකට පසු එම නිවෙසේ පදිංචිව සිටි ගුහා නමැත්තාගේ ලේලියක් එක් රාත්‍රියක උණුසුම් ඇඳුමක් (ජර්සියක්) වියමින් සිට ඇත. එසේ වියමින් සිටි ජර්සියෙන් එකවරම පිටතට පස් වැටෙන්නට වී ඇත.

තවත් විටෙක පැය ගණනක් එක දිගට ජර්සිය වියා තිබියදී එකවරම එම වියමන් සියල්ල ලෙහී යන්නට විය. මෙම දසුන දැකීමෙන් ගුහාගේ ලේලිය බලවත් කම්පනයකට පත්වූවාය.

එම නිවෙසේ පැවැති මෙකී තත්ත්වය තවත් දරුණු අතට පත්වුණේ අදින් වසර තිස් අටකට පෙර එනම් 1982 වසරේ ජනවාරි මාසය පමණ වන විටය. මෙකී නිවැසියන් නිදා ගැනීමට සූදානම්ව නිදන කාමරවලට ගිය පසු ඔවුන් දුටුවේ ඇඳන් මත කිසිවකු මුත්‍රා කර ඇති බවය. ඇතමකුගේ ඇඳන් මත පස් විසුරුවා දමාද තිබෙනු ඔවුහු දුටුවහ.

ඔවුන් ඇඳන් මත මුත්‍රා කර තිබෙනු දැක ඒ ගැන විමසිලිමත් වුවද ඔවුන් පුදුමයට පත්වූයේ ඇඳන් තෙමී නොතිබුණු බව දැකීමෙනි.

නිවැසියන් මෙකී අත්භූත සිදුවීම් ගැන නිරතුරුව අවදියෙන්, කල්පනාකාරීව සිටි අතර, ඔවුනට පැහැදිලි වූයේ මෙකී සෑම අත්භූත සිදුවීමක්ම උදයේ හතේ සිට දහවල් එකොළහ අතරදීත්, සවස් වරුවේදී දෙක සහ තුන අතර කාලයේදීත් සිදුවන බවය.

නිවෙසේ තිබූ ශීතකරණයද මෙකී අත්භූත බලවේගයේ බලයට යටව තිබිණි. එය ඇතුළත තබා තිබෙන බිත්තර විටෙක අහසේ පියාඹා යන්නට විය. තවත් විටෙක සුරක්‍ෂිත කරගැනීම සඳහා ඒ තුළට දමා තිබෙන ආහාර ද්‍රව්‍ය භාවිතයට ගතනොහැකි වන අන්දමට නරක් වෙන්නට විය.

මෙකී තත්ත්වය වළක්වා ගනුවස් නිවෙස් හිමියෝ ශීතකරණයට යතුරු දැමූහ. එසේ කළද එතෙක් සිදුවූ භූත ක්‍රියා එකක්වත් නැවතුණේම නැත.

ඒ විතරක් නොව ඉන්පසු ඊටත් වඩා අරුමය දනවන සිදුවීම් වැලක් සිදුවූයේය. කුස්සියෙහි වෙනදා පරිදිම වෙන් වෙන්ව තිබූ සීනි, තේකොළ, පිටි වර්ග එකිනෙකට කලවම් වී තිබෙනු දක්නට හැකි විය. එසේම කුස්සියේ වෙන් වෙන් වශයෙන් තිබූ තුනපහ වර්ගද එකිනෙක කලවම්වී, මිශ්‍ර වී තිබෙනු දක්නට ලැබිණි.

එන්ට එන්ටම නිවෙසේ තත්ත්වය දරුණු වූයෙන් නිවැසියෝ නොයෙකුත් දේව පූජා යනාදිය පවත්වා නිවෙසට සෙත් ශාන්තිකර්ම රැසක්ද පැවැත්වූහ. එසේ වුවද ඒ කිසිදු කාර්යයකින් නිවෙසට ඇතිව තිබූ අත්භූත ක්‍රියාකාරකම් නවතනු නොහැකි විය.

මෙම සිද්ධිදාමය රටපුරා ප්‍රචාරය වන්නටද වූයේය. එයට හේතු කාරණා වූයේ මෙකී සිදුවීම් ජාලය රටේ විවිධ වූ පුවත්පත් මඟින්ද ඒ වන විට ප්‍රසිද්ධ වී තිබීමය.

මෙකී පුවත්පත් වාර්තා දැකීමෙන් මෙම භූත ක්‍රියාකාරකම් දැකබලා ගැනීමට විවිධ ප්‍රදේශවල ජනතාවද වැල නොකැඩී එන්නට වූහ.

එපමණක් නොව එබඳු භූත ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශන පවත්වන විiායතන කිහිපයක පර්යේෂක කණ්ඩායම්ද මෙකී නිවෙස සොයාගෙන ආහ.

මෙම නිවෙසේ සිදුවන භූත ක්‍රියාකාරකම් පිළිබඳ ගැඹුරු විමර්ශනයකට ලක්කළ එක් කණ්ඩායමක අදහස වූයේ මෙකී නිවෙසේම පදිංචි අයකුගේ මානසික ශක්තිය ප්‍රයෝජනයට ගෙන කිසියම් අත්භූත බලවේගයක් මේ පෙරළිකාර ක්‍රියා සිදුකරනු ලබන බවය.

මෙකී නිගමනයට පැමිණි ඉහත කී විමර්ශන කණ්ඩායම නිවෙසේ පදිංචිව සිටින සියලු දෙනා පිළිබඳවම සියුම් පරීක්‍ෂණයක් කළ යුතු බවට අන්තිමේ නිගමනය කළහ.

ඔවුහු පවුලේ සියලුම දෙනාගේ ක්‍රියාකාරකම් ඔවුනොවුන් කිසිවකුට නොදැනෙන ආකාරයට සියුම් නිරීක්‍ෂණයකට ලක්කළහ.

එකී නිරීක්‍ෂණයට අනුව මෙකී අත්භූත සිදුවීම් ක්‍රියාවලිය පිටුපස සිටිනුයේ පසළොස් හැවිරිදි වියේ පසුවන නිවෙසේ ගෘහ සේවිකාව වූ බිලාසා විය හැකි බව ඔවුන්ගේ බලගතු සැකය විය.
පර්යේෂණ කණ්ඩායමට ඇතිවූ බලගතු සැකයට අනුව එදින රාත්‍රියේම නිවැසියෝද එක්තරා නිගමනයකට ආහ. පර්යේෂණ කණ්ඩායමද කළ යෝජනාවකට අනුව එතෙක් එම නිවෙසේ ගෘහ සේවිකාව වූ බිලාසා එදින රාත්‍රියේම දුරබැහැරක ගමක අයකු වූ ඇය ඇගේ නිවෙසට පිටත්කර ඇරියාය.

මෙම සිද්ධිය වුණේ අදින් හරියටම වසර 38කට පෙර, එනම් 1982 ජනවාරි මස 25 වැනි දින රාත්‍රියේය. විමර්ශන කණ්ඩායමේ තීරණයට අනුව නිවැසියන් එම තීරණය ගත් අතර, ඊට පසු දින සිටම කිසිදු අත්භූත සිදුවීමක් එකී නිවෙසේ සිදු නොවීය.

එදිනෙන් පසු කිසිම ආකාරයක අත්භූත සිදුවීමක් එකී නිවෙසේ ඇති වූයේද නැත.

ඉහත කී අත්භූත සිදුවීම් වැල සිදුවූයේ මෙයට වසර තිස් අටකට පෙර ඉන්දියාවේ ඉන්ඩෝර් ප්‍රාන්තයට අයත්, නාගර් ජනපදයේ පිහිටි සොනාලි නමැති නිවෙසේය.
නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

බොලිවුඩයේ ආඩම්බරකාර තාත්තා

Next Post

MAS Holdings සමූහයට නව ප්‍රධාන විධායක නිලධාරිවරයකු පත්වේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.