• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ජේතවනාරාමයට මොකද වෙන්නෙ?

March 1, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ජේතවනාරාමයට මොකද වෙන්නෙ?
Share on WhatsAppShare on Facebook

ලෝකයේ ගඩොලින් කරපු විශාලතම ඉදිකිරීම මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් අපිට හුඟාක් ආඩම්බරයෙන් කියන්න පුළුවන් අනුරාධපුරයේ ඇති “ජේතවනාරාමය” දාගැබ කියලා. එවකට මහසෙන් රජතුමා හදපු ජේතවනාරාමයේ වත්මන් උස මීටර් 120ක් බවයි කියන්නේ. ඒ කියන්නේ අඩි නම් 400ක් විතර වෙනවා. ජේතවනාරාමය පාරිභෝගික දාගැබක් විදිහටයි හැඳින්වෙන්නේ. ඒකට හේතුව වෙන්නේ එදා බුදු රජුන් පැළඳ හිටපු පටි ධාතුවෙන් කොටසක් මේ දාගැබේ නිදන්කර තිබීම. කොහොම හරි ක්‍රි.ව. 4 වැනි සියවසේ රෝම අධිරාජ්‍යය බිඳවැටෙන සමයේ ලොව තිබුණු උසම ගොඩනැඟිලි අතරින් තුන්වෙනි තැනටයි ජේතවනාරාමය තිබිලා තියෙන්නේ. එදා අනුරාධපුරයේ තිබූ ජේතවනය දෙවැනි වෙලා තියෙන්නේ ඊජිප්තුවේ ගීසාහී පිරමීඩ දෙකට විතරයි. ඉතින් ලෝකයක් කතා කරන ජේතවනාරාමයේ කතාව එහෙම වෙනකොට මේ දවස්වල තවත් පැත්තකින් ටිකක් අසුබ කතාවක් පැතිරෙනවා. ඒ තමයි ජේතවනාරාමය ඉරිතළා ගිහින් කියන කතාව. දාගැබේ හතරැස් කොටුවේ සිට පහළට එම ඉරිතැළීම් මතුවෙලා කියලයි කියන්නේ. ඒ හින්දම එම කතාවේ ඇත්ත නැත්ත හොයන්නට අපි තීරණය කළා. ඉතින් එදා ඉඳන්ම අව්වට වැස්සට ඔරොත්තු දීපු ජේතවනාරාමයේ වත්මන් කතාව මෙහෙමයි.

ජේතවනාරාමය දාගැබ ඉරිතැළුණු කතාව ඇත්තද නැද්ද බලන්න මුලින්ම අපි හැරුණේ ජේතවනාරාමයේ විහාරාධිපති ඉහළ හල්මිල්ලෑවේ රතනපාල හිමියන් මාධ්‍යයට කියපු කතාව පැත්තට. උන්වහන්සේ කියන විදිහට ජේතවනාරාමයේ ඉහළම හතරැස් කොටුවේ ඉඳන්ම පහළට ස්ථාන හතරකින් පමණ පේසා වළලු දෙසට මීටර් ගණනාවක් දිගටම ඉරිතැළීම් තියෙනවා. 2019 නොවැම්බර් මාසයේ විතර තමයි මේ ඉරිතැළීම් මුල්වරට දැකලා තියෙන්නේ. පස්සේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වගේම මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු උපදේශකවරයකු වූ ඉන්ජිනේරු ගැමුණු සිල්වා මහත්තයා එම ඉරිතැළීම් නිරීක්ෂණය කරලා ඔහුගේ උපදෙස් අනුව බදාමයක් දාලා ඒ ඉරිතැළීම් වහනවා. ඒ බදාමය හදන්නේ හුනු ගල්, සිමෙන්ති සහ උළු කුඩු ආදිය මිශ්‍ර කරලා. නමුත් පසුගිය වර්ෂා කාලයේදී එම බදාමය වැස්සට හේදිලා ගිහින් ආයෙත් අර ඉරිතැළුණු ස්ථාන සුදු පැහැයෙන් මතුවෙනවා. හරියටම බැලුවොත් එම ඉරිතැළීම් යම් යම් තැන්වලදී අඟල් දහයක් දොළහක් තරමටම කිඳා බැහැලා තියෙනවා කියලයි අනුමාන කරන්නේ. දැනට ජේතවනාරාමයේ කතාව එහෙමයි.

මේ ජේතවනාරාමය දාගැබේ සංරක්ෂණ කටයුතු භාරව සිටින මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහත්තයා නම් කියන්නේ වසර කීපයකට උඩදී අකුණු සැර වැදීමක් නිසා ජේතවනාරාමය දාගැබේ ස්ථාන කීපයක් ඉරිතළා තිබුණු බවයි. පස්සේ ඊට විශේෂ බදාමයක් සකස්කොට එම ඉරිතැළීම් ඇතිවුණු ස්ථාන ප්‍රතිසංස්කරණය කළා කියලත් ඔහු කියනවා. ඒ වගේමයි මේ වෙද්දිත් ඔවුන් දාගැබ ගැන අවධානයෙන් පසුවෙන බවයි කියන්නේ. ඒ අතරේ ඉන්ජිනේරු ගැමුණු සිල්වා මහත්තයා සඳහන් කරන්නේ මෙවර ඉරිතැළීම් නම් අකුණු සැර වැදීමක් නිසා වෙලා තියෙන ඉරිතැළීම් නෙවෙයි කියලයි. ඒත් එක්කම දාගැබේ වත්මන් තත්ත්වය ගැන සඳහන් කරන ඔහු කියන්නේ ලෝකයේ ඇති සෑම ගඩොල් යොදාගත් ඉදිකිරීමක්ම කාලානුරූපීව විවිධ පරිවර්තනයන්ට ලක්වෙන බවයි. ඒ නිසා ඔහුගේ යෝජනාව වෙන්නේ දාගැබේ පේසා වළලුවලට අඩි තිහක් පමණ උසකින් හතරැස් කොටුව ආසන්නය දක්වා ගඩොල් එකිනෙක එකතුවෙන විදිහට බදාමයක් යොදන්න ඕනෑ කියලයි. එහෙම කළොත් මෙම දාගැබ මත වැහි වතුර රැඳීමේ අවදානමත් වළක්වා ගන්න පුළුවන් කියලයි ඔහුගේ අදහස.

ඇත්තටම ජේතවනාරාමය දාගැබ ඉරිතළා ගියේ ඇයි කියන්න අපි දන්නේ නෑ. ඒත් ඒක ගැන හොයලා බලන්න පුළුවන් විශාල වූ පිරිසක් අපේ රටේ වෙනම ඉන්නවා. සමහර විට එහෙම ඉරිතැළීම් නම් වෙන්න පුළුවන්. මොකද ජේතවනාරාමය දාගැබට තියෙන්නේ දැවැන්ත ඉතිහාසයක්. ඒ ඉතිහාසය දිහා අපි ආපහු හැරිලා බැලුවම ජේතවනාරාමය දාගැබේ පෞරාණික බව ඔප්පු වෙනවා. කොහොමින් හරි එදා ඉඳන්ම මේ ජේතවනාරාමය දාගැබ අව්වෙන් වැස්සෙන් ලොකුවට පීඩා වින්දා. මොකද අදටත් ජේතවනාරාමය දාගැබට ඉහළින් කිසිදු ආවරණයක් නෑ. එහෙම ආවරණයක් හදන එකත් ලේසි නෑ. ඉතින් ඔය වගේ හේතු හින්දම ජේතවනාරාමය දාගැබ මහා වැස්සට තෙමුණා. ආයෙත් ගිනියම් අව්වට වේළුණා. හැබැයි ඒ කියපු හැමදේටම ඔරොත්තු දීගෙන ජේතවනාරාමය විරාජමානව ඔන්න අද වෙනකල් තිබුණා. ඒත් පහුගියදා එම දාගැබ මතුපිට ඇතිවුණු ඉරිතැළීම් කිහිපයක් නිසා අපේ රටේ මිනිස්සු සෑහෙන්න කලබල වුණා. ඉතින් ඔවුන් ඔවුන්ගේ අතින් සාධාරණයි. මොකද අපේ රටේ මිනිස්සු ජේතවනයට දක්වන්නේ ඉමහත් ගෞරවයක්. ශ්‍රී ලාංකේය වර්තමාන අටමස්ථාන අතරටත් ජේතවනාරාම දාගැබ සුදුසුකම් ලැබුවේ අන්න ඒ ගෞරවය නිසයි.

19 වැනි සියවස වෙනකොට මේ ජේතවනාරාමය දාගැබ තිබුණේ මෙහෙම නෙවෙයි. ඒ කාලේ ජේතවනය කියන්නේ මහා රූස්ස ගස්වලින් වැහුණු පස් ගොඩක්. එය දාගැබක් තත්ත්වයට ප්‍රතිසංස්කරණ කිරීම ආරම්භ කරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්. අද වෙද්දී කැඩී ගියපු කොත් කැරැල්ල දක්වා ඉතිරි වී ඇති දාගැබ සංරක්ෂණය කරන්න හරියටම වසර විසි අටක දීර්ඝ කාලයක් අඛණ්ඩව ගතවෙලා තියෙනවා. ජේතවනය සංරක්ෂණය කරන මුල්ම කාලයේදී ලෝක ප්‍රසිද්ධ යුනෙස්කෝ සංවිධානය පවා ඊට අරමුදල් දුන්නු බව සඳහන් වෙනවා. පස්සේ ආචාර්ය රෝලන්ඞ් සිල්වා මහත්තයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට රාජකාරිය කරපු කාල සමයේදී මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවනවා. ඒ හරියටම 1986 වසරේ. ඉතින් එයින් උපයාගත් අරමුදල් තුළින් තමයි පස්සේ කාලේ ජේතවනාරාමය දාගැබේ සංරක්ෂණ කටයුතු සිද්ධ වෙන්නේ. කොහොමින් හරි ඔවුන්ගේ මහන්සියෙන් වගේම ශ්‍රමයෙන් එදා අතීතයේ මහා රූස්ස ගස්වලින් වැහුණු පස් ගොඩ ජේතවනාරාමය දාගැබ විදිහට මෙදා කලඑළි වෙනවා. අදත් කියවන ඔබ අනුරාධපුරය පූජා භූමියට ගියොත් ජේතවනාරාමය විරාජමානව තියෙන හැටි බලාගන්න බැරිකමක් නෑ.

අද ලෝකයම දන්න ජේතවනාරාමය අපි ඉහළින් කියපු විදිහට රූස්ස ගස්වලින් වැහිලා තියෙද්දී මුලින් කළේ දාගැබේ ගර්භය පාදාගන්න එක. පස්සේ ඉදිකිරීම් ආරම්භ කරනවා. එතැනදී යොදාගන්නේ පුලුස්සන ලද ගඩොල්. ඒ ගඩොල් නිෂ්පාදනය කෙරෙන්නේ අනුරපුර නගරයට නැඟෙනහිර දෙසින් පිහිටි ගල්කඩවල නම් ප්‍රදේශයෙන්. මේ දාගැබට ගඩොල් කැට නවකෝටි තිස් ලක්ෂයක් විතර යොදාගෙන තියෙනවා. ඒ වගේම එහි සංරක්ෂණ කටයුතු සඳහා දහසක පමණ සේවකයන් පිරිසක් වගේම යුධ හමුදාවේ සහ වන්දනාකරුවන්ද පැමිණි බව සඳහන්. අවසානයේ ජේතවනාරාම දාගැබ ප්‍රතිසංස්කරණ කරලා විවෘත කරන්නේ 2009 ජුනි 18 වැනිදා. මේ දාගැබ වටා බිම අක්කර අටක්. එහි එවකට ජේතවනාරාමය යන නමින් ලොකු ගොඩනැඟිල්ලක් තිබිලා තියෙනවා. එහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා තුන්දාහකට පමණ වැඩවසන්න පහසුකම් තිබුණු බව සඳහන්. දාගැබේ උස අඩි 400ක්. එහි එක් පැත්තක දිග අඩි 576ක්. ඒ වගේම හතර පැත්තෙන් ඇති පඩිපෙළ අඩි 28ක් පළලයි. දාගැබේ පාදම මීටර් හයක් ගැඹුරු වෙනකොට දාගැබේ විෂ්කම්භය අඩි 370ක් කියලයි කියන්නේ. ඉහළ හතරැස් කොටුවත් දිගින් සහ පළලින් මීටර් 23.2ක් වෙනවා. සම්පූර්ණයෙන් ගඩොලින් කළ ඉදිකිරීමක් වෙන ජේතවනාරාමය දාගැබේ අද කතාව ඔන්න ඔහොමයි.

ජේතවනාරාමය දාගැබේ ඉතිහාසය ගත්තම එක පිරිසක් හිතන් ඉන්නේ ඒ දාගැබ ඉදිකරලා තියෙන්නේ මිහිඳු හිමියන්ගේ ශ්‍රී දේහය ආදාහනය කළ ස්ථානයේ කියලා. ඒත් ඒ කතාව වැරැදියි. නමුත් මිහිඳු හිමියන්ගේ ශ්‍රී දේහය ආදාහනය කරලා තියෙන්නේ ජේතවනයට ටිකක් සමීපයේ කියලා නම් අපිට කියන්න පුළුවන්. ඒ තිස්සමහාරාමය ප්‍රදේශයේ. එදා මිහිඳු හිමියන් අපවත් වූ පසු එම ශ්‍රී දේහය ථූපාරාමය වෙත ගෙනැවිත් පසුව තිස්සමහාරාමයට නැඟෙනහිරින් පිහිටි ස්ථානයකදී ආදාහනය කළ බවයි දීපවංශයේ සඳහන් වෙන්නේ. අපි මුලින් කියපු විදිහට බුදු රජුන් පැලඳ සිටි පටි ධාතුවේ කොටසක් තමයි මේ ජේතවනාරාමය දාගැබේ නිදන් කරලා තියෙන්නේ. ඒකයි ඇත්ත. අන්න ඒ නිසා මෙම ජේතවනාරාමයේ ඉරිතැළීම් ගැන අපිට සහ අප රටට සුළුවෙන් හිතන්න බෑ. මොකද ජේතවනාරාමය දාගැබ කියන්නේ ලංකාවේ ඉතිහාස කතාවෙන් වැදගත්ම වූ කොටසක්. ඉතින් එම කොටස අනාගතයට පරිස්සම් කරන එක ජාතික වගකීමක් කියලා ආයෙත් කියවන ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

නොගැළපෙන සබදතා හදන කාම ග්‍රහයෝග

Next Post

සිනමා සක්විතිට ‘සරසවි’ සම්මාන අරන් දුන්නු නඩරාජා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.