• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පලටුපානත් ඥාති සංග්‍රහයට යටවුණාද? ජනපතිගේ අවධානය පිණිසයි

February 22, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
පලටුපානත් ඥාති සංග්‍රහයට යටවුණාද? ජනපතිගේ අවධානය පිණිසයි
Share on WhatsAppShare on Facebook

මේ රටේ සුවහසු දහසක් දෙනා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අසුනේ වඩා හිඳුවා තැබීමට සිත්සතන් තුළ පැළ පදියම් කරගෙන තිබුණේ දෘඪ අපේක්‍ෂාවකි. විශාල බලාපොරොත්තුවකි. ඒ තම තමන්ගේ සිත් තුළ පැවැති දුක්ඛ දෝමනස්සයන් දූරී භූතකර සැනසීමක්, අනාගත අභිවෘද්ධියක් අපේක්‍ෂාවෙනි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයේ රාජකාරි භාරගත් දා සිටම ඔහු ගත් තීන්දු තීරණ අනුව මහජනතාව තැබූ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධවන බව ප්‍රත්‍යක්‍ෂ වී තිබීම මහජනතාවගේ අමන්දානන්දයටද හේතු වී ඇති බව නොකියාම බැරිය.
ඔහු මහජන අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කරන නිලධාරීන් පිරිසක්ද එක් එක් ආයතන උදෙසා පත්කරනු ලැබුවේ රටේ සහ මහජනතාවගේ යහපත උදෙසාමය. ඇත්ත වශයෙන්ම එම තෝරා පත්කිරීම් ඉතා අගේ කළ යුතුය. පැසැසිය යුතුය. එහෙත් මෙ රටේ ආර්ථිකයේ මර්මස්ථාන කෙරෙහි විශේෂ අවධානයක් යොමු නොකළහොත් රටේ ආර්ථිකය කඩාවැටීම නොවැළැක්විය හැකි වෙයි. එය ආණ්ඩුවේ පැවත්මටද සුබපල ගෙන දෙන්නක් නොවන බව මධ්‍යස්ථ මතධාරීන් වශයෙන් අපි අවධාරණය කරන්නෙමු.
අප රටේ ආර්ථිකයේ දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරන්නකි, සංචාරක කර්මාන්තය, 2020 වර්ෂයේදී විදේශිකයන් විසි ලක්‍ෂයක් (20,000,000) පවා මෙරටට ගෙන්වා ගැනීම අපේක්‍ෂාවය. එසේ නම් එම කටයුත්තේදී විශාල මෙහෙයක්, කාර්යභාරයක් ඉටු කරනු ලැබිය යුත්තේ සංචාරක කර්මාන්තයට ඈඳුණු ආයතනයන්ය. එහිදී සංචාරක සංවර්ධන අධිකාරිය සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මහමෙහෙවරක් සේ නොසෙල්වී සිටිය යුත්තේය.
එහෙත් අපේ සංචාරක සංවර්ධන අධිකාරියේ ඇතැම් කටයුතු නිසා ප්‍රවර්ධනය නිවර්ථනයක් වන බවත්, අපට දකින්නට ලැබීම මෙසේ අනාවරණය කරන්නේ මේ රටේ මහජනතාව ජනාධිපතිවරයා කෙරෙහි තැබූ අපේක්‍ෂා ඒ අන්දමින්ම ආරක්‍ෂා කිරීමට සේම අපේ ආර්ථික දේහයට ඉහඳ පණුවන් විදීම වළක්වා ගැනීමේ අරමුණින් බවද කිව යුත්තේමය. ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැනුවත් කිරීමේද අපේක්‍ෂාවෙනි. මේ තත්ත්වයක් ඇති වී ඇත්තේ 2014 වසරේදී ආරම්භ කළ යාල පලටුපාන හෝටල් සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විට අතරමඟ නැවැතී ඇති බව දැනගන්නට ඇති හෙයිනි.
දැනගන්නට ලැබෙන අන්දමට සිද්ධිය මෙසේය.
යාල පලටුපාන හෝටල් සංවර්ධන නමැති ව්‍යාපෘතිය 2014දී එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව ඇරැඹුණකි.
ව්‍යාපෘතිය යටතේ කාමර දෙසිය අසූහයක් (286) ඉදිකිරීමට යෝජනා කෙරී තිබිණි. එසේ ඉදිකරනු ලබන්නේ ආයතන හතකිනි (7). වෛල්ඞ් කෝස්ට් ටෙන්ටඞ් ලොජ් යාල (Wild Coast Tented Yala) කාමර (Tent) (28) චේනා හට්ස් බයි උගා එස්කේපස් (Chena Huts By Uga Escapes) කාමර (Rooms) දාහහතරකි (14). සිනමන් වෛල්ඞ් යාල (Cinnamon Wild Yala) කාමර හැටඅටකි (68) ජෙට් වින්ග් යාල (Jetwing Yala) කාමර අසූවකි (80). හිල්ටන් යාල (Hilton Yala) කාමර හතළිස් දෙකකි (42).
ඉදිකිරීම් යෝජිත ආයතන දෙකකි (2) නම් මෙසේය. අබේපාල හොටෙල් ව්‍යාපෘතිය සහ එල්.ආර්. ලෙෂර්ය. ඉදිකෙරෙන කාමර පිළිවෙළින් විසිහතරක් (24) සහ තිහකි (30).
සංචාරක සංවර්ධන අධිකාරිය සිය ආයතනයේ කීර්ති නාමයට හානිදායක අන්දමින් කටයුතු කෙරෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් පසුව අධිකාරියේ සභාපති ධුරයට පත් කිමාලි ප්‍රනාන්දු මහත්මියගේ ක්‍රියාකලාපය හේතුවෙනි. වත්මන් සභාපතිනිය එල්. ආර්. ලෙෂර් (ඛග ඍග ඛැසිමරු) හෝටල් සංකීර්ණය ඉදිකිරීමට ඉඩ නොදෙන අන්දමේ ක්‍රියාකලාපයක් අනුගමනය කරන බවද දැනගන්නට තිබේ.
ලංකා රියැලිටි ලෙෂර් පෞද්ගලික සමාගම (Lanka Reality Leisure (Private& Limited) කාමර තිහක් (30) ඉදිකිරීම සඳහා 2014දී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉඩම් කොටසක් අවුරුදු අනූනවයකට (99) බදුගෙන තිබේ. එහෙත් පසුකලෙකදී ඉඩමේ බද්ද අවලංගු කළ බවට එම ආයතනයට සංචාරක සංවර්ධන අධිකාරියෙන් දන්වා තිබේ. අදාළ ඉදිකිරීම නියමිත කාල රාමුව තුළ ඉදිකිරීම සම්පූර්ණ නොකිරීම, බද්ද අවලංගු කිරීමට හේතුව වශයෙන් දන්වා තිබේ.
ඉදිකිරීම ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ අධිකරණයෙන් ලද නියෝගයක් නිසා බව (සංචාරක සංවර්ධන අධිකාරිය පවා දැනුවත්භාවයෙන් යුතු) හෝටල් පාර්ශ්වයෙන් පැහැදිලි කිරීම් නිසා කරුණු සමථයකට පත්වී තිබේ. එම හේතුව නිසා ඉදිකිරීම ප්‍රමාදවී තිබේ. ඒ සමඟම පසුගිය නොවැම්බර් ජනාධිපතිවරණයට පෙර දින එනම් නොවැම්බර් 15 දාතමින් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ එවකට අධ්‍යක්‍ෂ ජනරාල් (ඩී.ජී.) උපාලි රත්නායක මහතා හෝටල් ඉදිකිරීම් සමාගමට ලිඛිතව දන්වා ඇත්තේ ව්‍යාපෘතිය අත්හැර දමා ඇති බව සලකන බවයි.
එම ලිපියෙන් කැලඹුණු හෝටල් ඉදිකිරීමේ ආයතනය (රියලිටි ලෙෂර්) ඒ වන විට අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වූ චාන්දනී වේරපිටිය සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා (නීති) ඉනෝකා පුංචිහේවා යන මහත්මීන් හමුව තමන් පත්ව ඇති තත්ත්වය විස්තර කළ විට ඔවුන් යහපත් ප්‍රතිචාරයක් දක්වා නීතිපති විමසා හෝටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අධ්‍යක්‍ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව දන්වා ඇත.
එහෙත් ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නැත. ඒ අතරතුරේදී සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය සහ අධ්‍යක්‍ෂ ජනරාල් චාන්දනී වේරපිටිය මහත්මිය යන දෙදෙනා අතර රාජකාරිමය මත ගැටීමක් ඇතිවීමෙන් පසු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය චාන්දනී වේරපිටිය ඉල්ලා අස්වී තිබේ.
අපේ රටට ආර්ථිකය නංවන එක් මූල්‍ය උල්පතක් (Financial Resource) වන සංචාරක සංවර්ධන අධිකාරිය නමැති දේහයට පණුවන් ගැසූ කල මහජන සුබ සිද්ධිය කෙසේ විනාශ වේදැයි යන්න අනාවරණය කිරීම මාධ්‍යයේ වගකීමක් හෙයින් ඒ පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ අරමුණින් ‘මව්රට’ විසින් ප්‍රශ්න මාලාවක් පසුගිය ජනවාරි තිස් එක්වැනිදා (31දා) සභාපතිවරියට විiුත් තැපෑලෙන් ඉදිරිපත් කරනු ලැබිණි. එසේ ඉදිරිපත් කරනු ලැබුවේද ඇගේ ඉල්ලීමට අනුවය. ‘මව්රට’ පුවත්පත දුරකතනය මඟින් සිද්ධිය පිළිබඳව විමසන විට ඇය කීවේ ඒ සියල්ල ප්‍රශ්න මාලාවක් ලෙස ලිඛිතව ඉදිරිපත් කරන ලෙසටය. ඒ ඉල්ලීම එපරිද්දෙන්ම ජනවාරි 31 වැනිදා ඉටුකළෙමු.

කිමාලි සහ සැමියා මලික්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරියට ‘මව්රට’ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න මාලාව –
– ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රධාන අරමුණ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සහ එහි සාර්ථකත්වය පරිමාණ කිරීමයි. එහෙත් පසුගිය සමයේ ඒ සඳහා ගුණාත්මක ප්‍රමිතීන් ඇගැයීමේ දර්ශකයක් (Key Performance Indicator) අධිකාරියේ අධ්‍යක්‍ෂවරයා විසින් සැකසීම ගැටුමකට හේතුවීද?
– ගමේ ප්‍රදේශයේ (ඉඩමේ) කාමර දෙසියතිස්දෙකක් (232) ප්‍රයෝජනයට යොදා ගැනෙන බවද, තවත් කාමර පනස් දෙකක් සංවර්ධනය කෙරෙන බවද අපේ වැටහීමය. මෙසේ ඉදිකෙරෙන සුළු ප්‍රමාණයේ කාමර සංඛ්‍යාවේ ඉදිකිරීම් නවතනු ලැබුවේ මන්ද?
– ඔබේ සැමියා හෝටල් හිමිකරුවකු වන අතර, වනජීවී අධ්‍යක්‍ෂවරයෙකි. යාල කලාපයේ වන දේපොළක් හිමිකර ගැනීමට යෑම මේ ගැටුමට හේතුවක් නොවේද? මෙය වඩාත් තරගකාරිත්වයකට යෑමෙන් සහ විවෘත කිරීමෙන් වැළකී සිටීමට හේතුව මෙයද?
– යාල පලටුපාන කලාපය සංවර්ධනය සඳහා ආරම්භ කළ ව්‍යාපෘති හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නවතා දැමුවේද? ඊට හේතුව කුමක්ද? ඒ සඳහා ඔබ අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණයක් ගත්තේද?
– යාල ප්‍රදේශයේ ස්ථාපිත කළ හෝ අත්හැර දැමූ මෙවැනි වෙනත් ව්‍යාපෘති තිබේද?
– එසේ නම් එසේ ඉදිකිරීම් හැර (නවතා දැමීමට) ඔබ නිසි ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේද? මේ සඳහා සියලුම කරුණු මෙන්ම වාතාවරණයත් සැලකිල්ලට ගනු ලැබුවේද?
– මේ කරුණු යාල ප්‍රදේශයේ සපාරි ජීප් පාලනයට සහ සංචාරක වත්කම් ප්‍රවර්ධනය නොකිරීමට හේතු පාදක වීද?
– නව අධ්‍යක්‍ෂවරිය පත්වීම් ලද මාසයක කාලය ඇතුළතදීම ඇය සිය ඉල්ලා අස්වීමට ලිපිය ඉදිරිපත් කළේ මන්ද? එසේ කළේ කිසියම් අන්දමක ගැටුමක් නිසාද?
– මේ නිසා මහජනතාව ඥාති සංග්‍රහය සහ වර්තමාන රටේ පවත්නා පාලනය ගැන විවිධ අන්දමේ සැක පහළ කරති. ඔබේ පත්වීමට ඔබ සුදුසුද? ඔබ රාජකාරි කිරීමට තරම් සුදුසු අන්දමේ නිර්පාක්‍ෂික බව ඔබ විශ්වාස කරන්නේද?
– ප්‍රවර්ධනයෙන් ආයෝජන පහසුකම් සැපයීමෙන් සහ නිසි ක්‍රියාමාර්ගයකින් (ප්‍රතිපදාවකින්) බැහැරව විදේශීය ආයෝජන වළකාලීම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානියක් / අලාභයක් නොවන්නේද?
– මේ ක්‍රියාව වර්තමාන ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන බවට දුන් පොරොන්දුවට පටහැනි එකක් (පූර්වදර්ශයක්) නොවන්නේද?
– ශ්‍රී ලංකාවේ මේ අන්දමේ ව්‍යාපෘති අනුමත කිරීම ගැටලුවකට හේතු වන බව ඔබ නොසිතන්නේද? ඔබේ සැමියා මෙවැන්නකට සම්බන්ධවීම ගැටුමක් නොවන බව ඔබ නොසිතන්නේද?
එහෙත් මේ ප්‍රශ්නාවලියට පිළිතුරක් නොලද බැවින් අවස්ථා ගණනාවකදීම දුරකතනයෙන් ඇමැතුවෙමු. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම සභාපතිවරිය සම්බන්ධකර ගැනීමට නොහැකි විය. ‘මව්රට’ට දැනගන්නට ලැබෙන අන්දමට සභාපතිවරිය ලංකා රියලිටි ලෙෂර් සමාගමේ ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු කරන්නේ බැඳියා පිළිගැටුමක් (conflict of interest) හේතුවෙනි. කෙටියෙන් කියන්නේ නම් සිය කිට්ටුම ඥාතියකුගේ හෝටල් සංකීර්ණයක් ලංකා රියලිටි ලෙෂර් ආයතනයේ හෝටලය ආසන්නයේම ක්‍රියාත්මක බැවිනි. (එම හෝටල් ව්‍යාපෘතිය වෛල්ඞ් කෝස්ට් ටෙන්ටඞ් ලොජ් යාල වේ. එම ව්‍යාපෘතිය හිමි ආයතනය ලංකාවේ ප්‍රසිද්ධ සමාගමකි Dilmah Tea company.
දිල්හාන් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මෙරිල් ජෝසප් ප්‍රනාන්දු, මලික් ජෝසප් ප්‍රනාන්දු යන මහත්වරුන් තිදෙනෙක් එම සමාගමේ අධ්‍යක්‍ෂවරයෝය.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය සහ ඒ අධ්‍යක්‍ෂවරුන් අතර ඇති ඥාති සම්බන්ධය මෙසේය. මලික් ජෝසප් ප්‍රනාන්දු මහතා සභාපතිනියගේ සැමියාය. මෙරිල් ජෝසප් ප්‍රනාන්දු මහතා සභාපතිනියගේ මාමණ්ඩිය හෙවත් සැමියාගේ පියාය. දිල්හාන් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා සභාපතිනියගේ මස්සිනාය.
මේ ඥාති පිරිසගේ හෝටලයට බාධා පැමිණෙතැයි යන හැඟීමෙන් වෙනත් හෝටල් ව්‍යාපෘතියක් ඒ ආසන්නයේ ඉදිකෙරෙන විට ඉඩ නොදෙතැයි දැනගන්නට තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනියට හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීමද නීති විරෝධී ක්‍රියාවකි.

වසවර්ති මාර

SendShareShare
Previous Post

NIBM වෙනස් වෙන ලෝකය සඳහා නූතන පරම්පරාව පෙළගස්වයි

Next Post

කල්පය කොතරම් දිගද

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.