• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

COMING SOON නළු නිළි ‌කෝලම

February 21, 2020
in News, Politics
Reading Time: 7 mins read
A A
COMING SOON නළු නිළි ‌කෝලම
Share on WhatsAppShare on Facebook

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන මහජන නියෝජිතයන් අතර මේ වන විටද දැඩි තරගකාරී බවක් දක්නට ඇත. ඉදිරි මහ මැතිවරණයේදී මෙතෙක් දේශපාලනයේ නියැළුණු අය වෙනුවට නවක මුහුණු පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවට මතයක්ද සමාජයෙන් ගොඩ නැඟෙමින් ඇත. එම මතය දරණ බොහෝ දෙනාගේ අදහස වන්නේ පාර්ලිමේන්තුවට තේරී පත් වන 225ම විද්වතුන් විය යුතු බවය. එහෙත් පසුගිය දිනක මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර තිබුණේ මන්ත්‍රීවරුන් 225ම විද්වතුන් විය යුතු යැයි තමන් කිසිසේත්ම විශ්වාස නොකරන බවය.

ඒ හේතුවෙන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන බොහෝ දෙනකු ඉදිරි මැතිවරණය සඳහා සූදානම් වන ආකාරයද දක්නට ඇත. ඒ අතරින් ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍රය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තු වන කලාකරුවන් සහ ක්‍රීඩකයන් පිළිබඳ සමාජයේ වැඩි කතාබහක් නිර්මාණය වී ඇත. තමන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන බව ඇතැම් කලාකරුවන් සහ ක්‍රීඩකයන් ප්‍රසිද්ධියේ පවසද්දී, ඔවුන් කිසිවකු දේශපාලනයට පිවිසීම අනුමත නොකරන බව එම ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් පවසන ආකාරය දක්නට ලැබීමට විශේෂත්වයක් වී ඇත. එම අදහස දරණ පිරිස් පවසන්නේ ආගමික නියෝජිතයන් පවා පාර්ලිමේන්තුවට පත් කළ යුතු නැති බවය. මේ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන ජනප්‍රිය චරිත සහ එලෙස ඉදිරිපත් වීමට එරෙහිව අදහස් දක්වන ජනප්‍රිය චරිත අප සමඟ දැක්වූ අදහස්ය.

කලාකරුවන්ගෙත් නොවිසඳුණු ප්‍රශ්න විසඳන්න ඕනෑ -ඕෂධී ‌හේවාමද්දුම

“මම එකවරම දේශපාලනයට ආව කෙනෙක් නොවෙයි. මම 2010 සිට දේශපාලන වේදිකාවේ සිටින කෙනෙක්. 2010 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තියෙනකල් හුඟක් කලාකාරයෝ එතුමා සමඟ සිටියා. හැබැයි රාජපක්ෂ මහත්තයා පරාජය වුණාට පස්සෙ හුඟ දෙනෙක් හැලුණා. ඒ අය හැරගියා. පැරැදුණාට පස්සෙ හුඟ දෙනෙක් හැර යනවනෙ. ඉතිරි වුණේ බොහෝම අතළොස්සයි. අතේ ඇඟිලි ගානට. එතෙන්දි රාජපක්ෂ මහත්තයත් සමඟ ඉතිරි වුණ කෙනෙක් තමයි මම. 2015ට පසුව විපක්ෂයේ කලාකරුවන් හැටියට අපි හඬ නැඟුවා. ඒ පැරැදුණු අවස්ථාවල සාකච්ඡාවක් තියන්නවත් අපට ඉඩක් හෝ තැනක් ලැබුණේ නැහැ.
කලාකරුවන්ගෙත් නොවිසඳුණු ප්‍රශ්න විසඳන්න ඕනෑ. මැද පෙරදිග වගේ රටවල්වලින් බැහැරව ඉන්න අපේ කාන්තාවන්ට ප්‍රශ්න අඩුයි. නමුත් ප්‍රශ්න තියෙන කොටසකුත් ඉන්නවා.

අපේ රට ජාතිය රැකගන්න අවශ්‍යයි -අනුෂා දමයන්ති

“මම 2005දී දේශපාලනයට එන්නේ. මම දේශපාලනයට ආව හේතුවක් තිබුණා. මේ රටේ යුද්ධය නිමාකරමි කියන විශ්වාසය මත එයට ශක්තිය දෙන්න තමයි මම වේදිකාවට නැග්ගේ. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තමයි කැපවුණේ. එතුමා වීදුරු කූඩුවේ සිට කතාකරන කොට වේදිකාවෙ කවුරුත් හිටියේ නැහැ. මම එතුමා සමඟ වේදිකාවේ හිටියා. මොකද ඒ වෙනකොට බෝම්බ පුපුරයි කියා බය තිබුණා.
මහින්ද රාපපක්ෂ මහතාගේ දේශපාලන කඳවුරේ සිටින මගේ ඔ`ඵවට ආවේ අපේ රට ජාතිය රැක ගැනීමේ සංකල්පයයි. ඒ ආකල්පය ජනතාව අතරට ගෙන යෑමට අවශ්‍යයි. රට වෙනුවෙන් කරන්න බොහෝ දේ තියෙනවා. රැකීරක්ෂා ප්‍රශ්න තියෙනවා. මම දේශපාලන වශයෙන් හඳුනාගත් දෙයක් තියෙනවා. ඒක පළාතෙන් පළාතට හරි වෙනස්. කොළඹට අවශ්‍ය දේ නොවෙයි ඌව පළාතට අවශ්‍ය වෙන්නේ. මිනිසුන්ගේ අවශ්‍යතාවන් වෙනස් වෙනවා. මම හිතන්නේ දේශපාලනඥයන්ට අවශ්‍ය වන්නේ ඒ පළාත්වල මිනිසුන්ට අවශ්‍ය දේ හඳුනාගැනීමයි. ඒ පුද්ගලයන්ට උදව් කරන්න ඕනෑ. මා ගැන දේශපාලන වශයෙන් විවිධ ප්‍රචාර ගියද මම තවමත් මට නාමයෝජනා දෙන්න කියලා ඉල්ලා නැහැ. මම රටට කලාකරුවන්ට ආදරෙයි.”

අනාගතය ‌වෙනස් කරමු -උද්දික ‌ප්‍රේමරත්න

“මුඵ කලා ක්ෂේත්‍රයේම ප්‍රේක්ෂකයන් මට තියෙන ආදරය, ගෞරවය මම දන්නවා. එය මා ගොඩනඟා ගෙන තියෙනවා. මම ඒ අයගේ විශ්වාසය ආදරය කිසි දිනෙක බිඳ වට්ටවන්නේ නැහැ. මගේ කලාකාමී ජීවිතයෙන් ටිකක් එහාට ගිහින් මම කැමැතියි මගේ අනුරාධපුර ජනතාවට සේවය කරන්න. මොකද එහෙම වැඩකර දියයුතු තත්ත්වයකට අනුරාධපුර ජනතාව පත්වෙලයි ඉන්නෙ. මුඵ රටම සංවර්ධනය වන රටක් හැටියටයිනෙ හඳුන්වන්නේ. නමුත් අතීතය වෙනස් කරන්න බැරි නම් අනාගතය වෙනස් කරමින් අනුරාධපුර ජනතාවට සේවය කරන්නයි මම කැමැති.”

උත්තර ‌දෙන්න ‌වෙලාවක් නෑ -ටී. එම්. ඩිල්ෂාන්

“මේ දිනවල මගේ දේශපාලන කටයුතුවලට අදාළව සාකච්ඡා කරමින් ඒ ගැන සැලැසුම් කරමින් සිටින නිසා ඒ සම්බන්ධයෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙලාවක් නැහැ.”

නළු නිළියෝවත්, වෙන ක්ෂේත්‍රයේ කෙනෙක්වත් පාර්ලිමේන්තුවට සුදුසු නැහැ = නිල්මිණි ‌තෙන්නකෝන්

දේශපාලනයට සම්බන්ධ වෙන්න කියලා ඇරයුම් මට ආවේ අද ඊයේ නෙවෙයි. චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය ජනාධිපති විදියට ඉන්න කාලේ ඉඳන්ම මට ඒ වගේ ඇරයුම් ආවා. නමුත් ඒකට මගේ කිසිම කැමැත්තක් නැහැ. ටෙලි නාට්‍යයකින් හරි චිත්‍රපටියකින් හරි ජනප්‍රිය වුණාට රටේ දේශපාලනය කරන්න බැහැ කියන එකයි මගේ මතය. ඒකට පුළුල් දැනුමක් තියෙන්න ඕනෑ. හැබැයි ඒ දැනුම තියෙනවා නම් තමන්ට දෙයක් කරන්න පුළුවන් කියලා දැනෙනවා නම් ඡන්දය ඉල්ලුවට කමක් නැහැ. ඒත් තමන්ගේ පටු අරමුණු ඉටු කරවා ගැනීම සඳහාම ඡන්දය ඉල්ලනවා නම් ඒක වැරැදියි. අපේ කලාකරුවෝ ඡන්දය ඉල්ලන එකට සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් විවේචන එල්ල වෙලා තියෙනවා මම දැක්කා. ඒක එක එක අයගේ මතය. ඡන්දය කියන්නේ නිකන් රැල්ලට යන දෙයක් නෙවෙයි. ඒක රටේ අනාගතය තීරණය කරන දෙයක් වෙන්න ඕනෑ. ඒ හින්දා එහෙම කරන්න බැරි නම් නළු නිළියෝවත්, වෙන ක්ෂේත්‍රයේ කෙනෙක්වත් පාර්ලිමේන්තුවට සුදුසු නැහැ කියන එකයි මගේ මතය.

ප්‍රේමලාල් විජේරත්න – චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සයින් ‌නොකර මග නැවතුණ ‌මොකද්ද ‌මේ සයින්දමරුදු

Next Post

ගම්පහ යකඩ ගැහැනියගේ අර්බුදයට මුල වූ ක්‍රීඩාපිටිය ‌හොයාගෙන ‘මව්රට’ යයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.