• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සයින් ‌නොකර මග නැවතුණ ‌මොකද්ද ‌මේ සයින්දමරුදු

February 21, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
සයින් ‌නොකර මග නැවතුණ ‌මොකද්ද ‌මේ සයින්දමරුදු
Share on WhatsAppShare on Facebook

සයින්දමරුදුවලට නව නගර සභාවක් ලැබෙන බවට කතාවක් කරළියට ආවේය. මිනිස්සු පාරට බැස ඔල්වරසන් දුන්නේය. ඒ සතුට සහිත පින්තූර සමාජ ජාල ඔස්සේ දකුණට ආවේය. මිනිස්සු ඒ ගැන කතා දෙකක් කියන්නට පටන් ගත්තේය.
“ඒක හොඳයි”
“ඒක නරකයි”
ඒ කතා දෙකේ මූලික අර්ථය විය. හොඳ වෙනුවෙන් සමහරු තර්ක කරන අතර සමහරු නරක ගැන තර්ක කළේය. හොඳත් නරකත් අතර දේශපාලන මත පිරී තිබුණේය. මිනිස්සු හොඳය කිව්වෙත් නරකයි කීවේත් දේශපාලන හොඳ නරක මතය.
සයින්දමරුදුවට පහුගිය සුනාමියෙන් අතිශය නරක ප්‍රතිඵල ලැබුණේය. දහස් ගණනක් ජීවිතක්ෂයට පත්විය. අද ඇපල් ගාඞ්න් ලෙස හඳුන්වන වෙරළ උද්‍යාන ප්‍රදේශය එදා සම්පූර්ණයෙන්ම මළසිරුර ගොඩක් විය. නමුත් දැන් සයින්දමරුදු දියුණු නගරයක්. ප්‍රධාන පිවිසුම් මාර්ගය මඩකළපුව කොළඹ මාර්ගයයි.
සයින්දමරුදුවට ග්‍රාම නිලධාරි කොට්ඨාස 16ක් තිබේ. උතුරින් කල්මුණෙයි ග්‍රාම නිලධාරි කොට්ඨාසයත්, දකුණෙන් කරයිටිව් ග්‍රාම නිලධාරි කොට්ඨාසයත් සහ බටහිරින් සමන්තුරෙයි ග්‍රාම නිලධාරි කොට්ඨාසයත් සයින්දමරුදුවලට මායිම් වේ. නැඟෙනහිර මායිම ඉන්දියන් සාගරයයි. ජනගහනයෙන් 50.4%ක් පිරිමින් වන අතර 49.6%ක් කාන්තාවන්ය. ජනගහනයෙන් සියයට හතළිස් දෙකක් වයස අවුරුදු 18ට අඩු, ජනගහනයෙන් 48%ක් වයස අවුරුදු 19-64 අතර වන අතර ජනගහනයෙන් 10%ක් වයස අවුරුදු 65ට වැඩි අය වෙති. ජන ඝනත්වය වර්ග කි.මීටරයට 3,072කි. සම්පූර්ණ ජනගහනය 2011 ජන සංගනයට අනුව 25,412කි. සාමාන්‍ය වශයෙන් ගත් කළ සයින්දමරුදු නව නගර සභාවක් වෙන්න තිබූ සීමාව වර්ග කිලෝමීටර නවයකි. සයින්දමරුදුවට වෙනමම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඇති නමුත් පරිපාලන දිස්ත්‍රික්කය අම්පාරය.

සයින්දමරුදු කියන්නෙ ලංකාවේ නැඟෙනහිර පළාතට අයිති නගරයකි. එක පැත්තකින් මඩකළපුවට කිට්ටුය. ළඟම නගරය කල්මුණේය. දකුණේ අපේ ලොකු යාළු මිත්‍රකමක් මේ නගර සමඟ නැත. නමුත් සයින්දමරුදු තරමක දියුණුවක් සහිත නගරයකි. එක පැත්තකින් නැඟෙනහිර මුහුදය. තවත් අතකින් සරු වගාබිම්ය. මේ අතර සයින්දමරුදු යම් සැලකියයුතු ජන ඝනත්වයක් සහිත නගරයකි. අපි මේ ලිපිය ලියන මොහොත වෙනකොට සයින්දමරුදු නගර සභාව පිහිටුවීමේ තීරණය ක්‍රියාත්මක නොවන බව දැනගන්නට ලැබේ. සමහර විට එය එහෙමම නතර වෙනවාද නැත්නම් කාලයක් යට ගොස් තිබී නැවැත මතුවෙනවාද කියන්නට දන්නේ නැත. ලංකාවේ දේශපාලනයේ සෙප්පඩවිජ්ජා බහුලය. උතුරේ, දකුණේ, නැඟෙනහිර, බටහිර, උඩරට කියා වෙනසක් නැත. ජනතාව කොහොමත් ඉන්නේ එක පිලකය. දේශපාලකයෝ තව පිලකය. ඒක සයින්දමරුදුවලටත් අදාළය. ඒ නිසා මේ නගර සභා සිහිනය සමඟ සයින්දමරුදුව තවදුරටත් අතරමං නොවෙතැයි සහතික දෙන්නට අපට පුළුවන්කමක් නැත.
ලංකාවෙ අපි සයින්දමරුදු ගැන වැඩියෙන් කතා කරන්නට ලැබුණේ පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරයත් සමඟය. සහරාන්ගේ නෑසියන් යැයි කියන පිරිසක් මේ සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බයක් පුපුරුවා ගත් බව මාධ්‍ය වාර්තා කළේය. පුපුරුවා ගැනීමෙන් පහළොවකට ආසන්න ප්‍රමාණයක් මියගියේය. සයින්දමරුදු නම වැඩියෙන් ඇහෙන්න ගත්තේ ඒ සමඟය. සයින්දමරුදු කළු ලපයක් එක්විය. ත්‍රස්තයන්ගේ මර්මස්ථාන අතර සයින්දමරුදුද එක්විය. ඒ අතර සයින්දමරුදුවලින් එන්.ටී.ජේ. මුහුදු මධ්‍යස්ථානයක් යැයි සැක කෙරෙන ස්ථානයක්ද හමුවිය. මේ කතන්දර අතර මිනිස්සු සයින්දමරුදු පැත්ත පළාතකට යන්නට බිය විය.
කල්මුණේ නගර සභාව බිහිවෙන්නේ 1987දීය. ඒ වෙනකොට සයින්දමරුදු වෙනමම ගම් සභාවක් ලෙස තිබුණාය කියා අන්තර්ජාලයේ සඳහන්ව තිබුණේය. කල්මුණේ ප්‍රාදේශීය සභාව බිහිවෙද්දී සයින්දමරුදුවත් ඊට එක්විය. පසුකාලීනව කල්මුණේ නගර සභාවක් වී මහනගර සභාවක් බවටද පත්විය. කල්මුණේ මහ නගර සභාවට සයින්දමරුදුද අයිතිව තිබුණේ නැත. මේ ප්‍රදේශය දෙමළ සහ මුස්ලිම් ජන කණ්ඩායම් සිය ජීවිතය ගතකරමින් උන් ප්‍රදේශයකි.
කල්මුණේ අයිති දිගාමඬුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයටය. එහි 2019 ජනාධිපතිවරණයට අදාළ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 74,068කි. භාවිත ඡන්ද ප්‍රමාණය 57,500කි. කල්මුණේ ඡන්ද බලප්‍රදේශයෙන් සජිත් ප්‍රේමදාස ඡන්ද හතළිස්දහස් තුන්සිය නවයකි. ගෝඨාභය රාජපක්ෂ මුළු කල්මුණෙන්ම ලැබූ ඡන්ද ප්‍රමාණය හත්දහස් දෙසිය අසූ හයකි. සජිත් කල්මුණේ මනාපයෙන් සීයට අසූ තුනයි දශම බින්දුවයි අටක් ගත්තේය. ගෝඨාභයට ලැබුණේ ප්‍රතිශතයක් ලෙස දොළහයි දශම හතයි නවයකි. හිස්බුල්ලාට ලැබුණේ මනාප 644කි. ඒ සියයට එකක් පමණි. 2018 වසරේ කල්මුණේ මහ නගර සභාවේ බලය හිමිවන්නේ ඉලංකෙයි තමිල්අරසු කච්චිවලටය. ඒ මනාප 1,479ක් සමඟය. දෙවැනි තැනට පත්වන්නේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණය. ඒ මනාප 1,026කිනි.
ඡන්ද
පොදුන පෙරමුණ 10
නිදහස් පක්ෂය 16
එ.ජා.ප.ය 27
ජ.වි.පෙ. 02
ලෙස ප්‍රධාන පක්ෂ බරපතළ ලෙස පහළට වැටුණේය. විවිධ සමාජ ජාල ඔස්සේ කියන පරිදි ස්වාධීන කණ්ඩායම් මහා ඡන්ද බලයක් පෙන්වන්නේද නැත.
ඡන්ද
ස්වාධීන කණ්ඩායම් 1 20
ස්වාධීන කණ්ඩායම් 2 17
ස්වාධීන කණ්ඩායම් 3 00
ස්වාධීන කණ්ඩායම් 4 01
2011 කල්මුණේ ප්‍රාදේශීය සභා ප්‍රතිඵලය ඊට වඩා වෙනස්ය. නගර සභාවේ වැඩි බලය ලැබෙන්නේ මුස්ලිම් කොංග්‍රසයටය.

SLMC – 22,356
TNA -9,911
UPFA -8,524
UNP – 2,805
මෙහිදී සම්පූර්ණ බලය මුස්ලිම් කොංග්‍රසයට ලැබෙන්නේ ආසන එකොළහක් සමඟය.
මේ සියල්ල අතර සයින්දමරුදු ජනයාට නගර සභා හීනයක් දුන්නේ ලංකාවේ දේශපාලන පක්ෂයන්ය. මුලින්ම රනිල්ලා මේ හීනය දුන්නේය. නමුත් ඊට පොහොට්ටු පිලේ අය ඒ කාලේ හිටි තැන්වල සිටම එරෙහි විය. මෙදා මේ යෝජනාව එද්දී එරෙහි නොවුණ අය එදා එරෙහි විය. මිනිසුන්ට පාලන බලය හිමිවීමත්, පාලන බලය විමධ්‍යගත වීමත් ප්‍රජාතන්ත්‍රවාදයේ සරු ලක්ෂණයකි. නමුත් කෙසේ හෝ මේ ලියනා මොහොත වන විට ඒ තීන්දුව අකුළාගත් වග රජයේ ආරංචිමාර්ග නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. අර රතිඤ්ඤා අපරාදේ කියන අතර මේ කතාව යළි ලියන්නට දිනක් එතැයි අපි සිතමු.
සයින්දමරුදු හිතවතුනි, එතෙක් අපි ඉවසමු. මේ කතාව දමිළ, මුස්ලිම් ගැටුමකින් කෙළවර නොවෙන තැනකට ආ එක ගැන අපි සතුටු වෙමු.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සිංගර් ෆැෂන් ඇකඩමිය ස්වයංරැකියා සඳහා අත්වැල සපයයි

Next Post

COMING SOON නළු නිළි ‌කෝලම

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.