• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විවාහය රස කරන ලලනාවෝ

February 23, 2020
in Astrology
Reading Time: 1 min read
A A
විවාහය රස කරන ලලනාවෝ
Share on WhatsAppShare on Facebook

විවාහ ජීවිත රුවන් මාලිගයේ පිවිසුම් මංගල දොරටුවේ රන් යතුර ඇත්තේ බිරිය අතේය. සෑම කාන්තාවකටම යුගදිවිය වාසනාවන්ත කිරීමේ හැකියාව, දක්‍ෂතාව, උපක්‍රමශීලීත්වය නොමැත. සාර්ථක යුග දිවියක් ගතකිරීමට බලපාන්නේ ඇගේ බාහිර රූපය නොවේ. ආදරය, ප්‍රේමය, ළෙන්ගතුකම මිශ්‍ර වූ සියුම් වින්දනීය සෞන්දර්යාත්මක රාගය සම්මිශ්‍රණය වූ බිරියකට යුගදිවිය සාර්ථක කරගැනීමට හැකිවෙයි. මවක්, මිතුරියක්, උපදේශිකාවියක්, බිරියක් මෙන්ම සයනයේදී වෛශ්‍යාවක් බඳු බිරියක් සිය සැමියාට උපරිම තෘප්තිය ලබා දෙන්නීය. යුගදිවිය රසයෙන් සපිරි මංජුසාවක් කරගැනීම ඉතාම පහසුය. විවාහය සාර්ථක කරන ශ්‍රේෂ්ඨම ගති ලක්‍ෂණ ඇගේ ජන්ම පත්‍රය තුළ සටහන්ව ඇත. එහිදී 2-7 ලග්න හා සඳුගේ, සිකුරුගේ බලය ඉවහල් වෙයි. 2.7 ලග්නයට වැටෙන සුබ ග්‍රහ දෘෂ්ටියද දෙවනුව බලපෑම් කෙරේ. 2-7 ලග්නයට පාපීන් සිටීම පෙනීම අහිත කරවෙයි. ලග්නයට ඍජුවම 7 වැන්න පෙනීම හරහා විවාහයටද තදින්ම බලපෑම් එල්ල වෙයි.

පුරපස නවවක, දසවක, පසළොස්වක තිථියකින් 7 බුධ – ශුක්‍ර සංයෝගවී උපත ලද කාන්තාව සිය සැමියා ගතින්, සිතින් දෙකෙන්ම සනහාලන්නීය. ඇය සමඟ එක්වීම සුරලොවට පිවිසීමක් බඳුය.

බුධ සමඟ සඳු සංයෝගවී 7 වැන්නට සුබ දෘෂ්ටි ගතවී ග්‍රහ හැසිරීම බලවත් වූ විට සිය සැමියාගේ ආදරය දිනාගන්නා අතර, සැමියාට එක් රැයක්වත් ඇය නොමැතිව සිටීමට නොහැකි වනු ඇත.
සුබ ග්‍රහයෝ ලග්නගතව සිට ශ-කු-රා පාපීන් නොදැක සුබයන්ගේ දෘෂ්ටි සහිතව නම් එය යුග දිවියේ රස ආකරයකි.

බු-ච, ගු-ශු බලවත්ව 1- හෝ 7 ඇත්නම් යුග දිවියට කාම කොවුලකුට අඹදළු වැනිය.
5 වැන්නේ ගුරු – ශුක්‍ර සංයෝගයෙන් පින්වත් දරුවන් ලබයි. සැප සම්පත් ලැබීමේ ජන්ම වාසනාව ලබන්නීය. වාසනාව සපිරී යනු ඇත.

සඳු 11 සිට 7 වැන්නේ බුධ – ශුක්‍ර දෙදෙනාම යෝග වීම නිසා සැමියාත් ජනයාත් අතර, ඇය ආකර්ෂණය ලබන්නීය. ඇය සීදේවියකි.

ලග්නයේ සියලුම සුබයන් සිටීම නිසාද, 7 වැන්නේ ග්‍රහ හැසිරීමත්, පෙනීමත් හරහා අති සාර්ථකව යුග දිවියක් ගෙවීම උත්පත්ති වාසනාව එකී බිරිය ලබන්නීය. ඇය සැමියාට මරකත මිණකි. වාලම්පූරියකි.

ලග්නාධිපතියා 7 අධිපතියා සමඟ 7 සිට ගුරුගේ පෙනීම හෝ සඳුගේ පෙනීමක් ඇත්නම් ඇයද විවාහයේ රස ගුලාවකි. ඇය දකින සැමියාට අමෘතයකි. යුගදිවිය අතිශයින්ම සාර්ථක වෙයි.
බුධ – ශුක්‍ර දෙදෙනාම ලග්නයට පැමිණීම හේතුවෙන් රාගාධික රූමත් කතක් වෙයි. පින් ඇත්තියකි.

බුධ – ගුරු – කිවි ත්‍රියෝගය සැපසම්පත් ලබන යුග දිවියේ රසපහස විඳින බලවත් කතක් වෙයි. ලග්නයේ සුබයන්ද, 7 වැන්නේ සුබයන් හෝ සුබ දෘෂ්ටි ගතවීමද, 2, 8, 9 බලවත් වූ විට එකී බිරිය සැමියාගේ ආදරය දිනා ගනිමින් ඔහුට මෙලොව සැප සම්පත් ළඟාකර දෙන්නීය.

සම්භෝගයේ රසවිඳීමටත්, සුරාන්තය දක්වාම වින්දනයට පත්වීමටත්, 7 වැන්නේ බලවත් සුබ ග්‍රහ පිහිටීම අනිවාර්ය වෙයි. ස්පර්ශ, කටුක, කෲර ග්‍රහ පිහිටීම් නිසා උපරිම වින්දනය අතෘප්තිකර තත්ත්වයට පත්වෙයි.

විවාහ දිවිය යනු මෙලොව රස ආකරයකි. දෙදෙනාගේම කායික හා මානසික සතුට, සැපත, උත්තරීතර තෘප්තිය ලැබීමට ජන්ම පත්‍රයේ ඉතාම සුබවාදී ධනාත්මක පැතිකඩ මත ග්‍රහ පිහිටීම යෝග වීම හා දෘෂ්ටිය අනිවාර්ය වන බැව් සනිටුහන් කරමු.
‘ලොව ඇති උතුම්ම භාණ්ඩය ස්ත්‍රී භාණ්ඩය වෙයි’ – දුස්සරිය සූත්‍රය
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

ගුවන්යානා අනතුරු වැළකූ අමුතු භූතයෝ

Next Post

ඊතලය ඉලක්කයටද

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.