• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මං ඉතාලියේ තනිවුණා I Sri Lanka Latest News

June 18, 2023
in Exclusive, Holiday, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ඉඳන් ගොඩක් ඈතින් පිහිටලා තියෙන රටක් වුණත් ඉතාලිය අපට හරිම සමීපයි. ඒකට ප්‍රධානතම හේතුව අපේ රටේ බොහෝ දෙනෙක් ඉතාලියේ ඉන්න එක. රැකියාවල නියුතු අය වගේම ඉතාලියේ ස්ථිර පදිංචිය හිමි ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුත් ඉන්නවා.(Sri Lanka Latest News)

සාමාන්‍යයෙන් අපි දන්න කියන කවුරුම හරි ඉතාලියේ ඉන්නවනේ. අඩු ගානේ ඉන්න කෙනෙක් ගැන අහලා හරි තියෙනවා. එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් ඒ ඉතාම අඩුවෙන්. ඒ තරමටම ඉතාලිය අපට හරිම සමීපයි. බොහෝවිට අතීතයේ නම් වැඩි වශයෙන් ඉතාලි ගියේ මීගමුව, වෙන්නප්පුව අවට පිරිස්. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. මීගමුවට පුංචි ඉතාලිය කියන්නෙත් ඒකනේ.

මීට දශක දෙක තුනකට කලින් නම් ඒ බොහෝ දෙනෙක් ඒ ගමන ගියේ බෝට්ටුවෙන්. මෙච්චර රටවල් තියෙන ලෝකේ බෝට්ටුවලින් ඇයි ඉතාලිම යන්නේ කියන එකත් මට කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබුණා. මොකද ලෝක සිතියමට අනුව ලංකාවේ ඉඳන් බෝට්ටුවේ ඉතාලි එන්න නම් අප්‍රිකා මහද්වීපය වටෙන් එන්න ඕනේ. ඒ අතරමඟ තව යුරෝපා රටවලුත් පහුවෙනවා. ඒත් ඔය බෝට්ටු ගමන ගොඩක්ම ආවේ ඉතාලියට. ලංකාවේ ඉඳන් විතරක් නෙවෙයි, පාකිස්තානේ, ඉන්දියාව වගේ අසල්වැසි රටවල බහුතරයකුත් ඔය වගේ ඇවිත් තියෙනවා.

ඉතාලියේ ක්‍රියාත්මක වෙන ලිහිල් සංක්‍රමණ නීති තමයි ඒ ගමනට ඉතාලියම තෝරාගන්න හේතුව. සාමාන්‍යයෙන් ඉතාලි මුහුදු සීමාවට ඇතුළු වෙන සංක්‍රමණිකයන්ව හරවා යැවීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම අතීතයේදී ඉතා පහසුවෙන් ඒ අයට නීත්‍යනුකූල ලියකියවිලි හදාගැනීමේ පහසුවත් ඉතාලියේ තිබිලා තියෙනවා. කතාවට ‘කොල නීති’ කියන්නේ ඒවට. අද වෙද්දී නම් ඒ තත්ත්වය බොහෝ දුරට වෙනස්. බෝට්ටුවෙන් එන ඉතාලි ගමන දැන් නම් බොහෝ දුරට නැවතිලා. ඒ වෙනුවට දැන් භාවිත වෙන්නේ වෙනත් ක්‍රම. ඒත් ඉතාලිය එක්ක අපට දැනුණු සමීප බව තාමත් එහෙමමයි.

ලංකාවෙන් පිට වෙනත් රටක් ගැන කියවෙන සින්දු, චිත්‍රපට, ටෙලිනාට්‍ය ගත්තත් ඒ අතර වැඩියෙන්ම කියැවෙන්නේ ඉතාලිය ගැන කියන එකට විවාදයක් නැහැ. චිත්‍රපට ගත්තොත් අපේ මතකයට මුලින්ම එන්නේ ‘මිල්ලෙ සොයා’. මෑතකාලීන ගීත ගත්තොත් ‘චාවෝ මල්ලී’, ‘මං ඉතාලියේ තනි වුණා’ වගේ ගීත උදාහරණයට ගන්න පුළුවන්. ධනපාල උඩවත්ත ගායනා කරන ඒ ගීතයේ ඉතාලියේ බොහෝ නගර සහ ස්ථාන ගැන කියැවෙනවා. ඒ වගේම බොහෝ ටෙලිනාට්‍යවලත් ඉතාලියේ ඉන්න චරිත ගැන අපට අහන්න දකින්න ලැබෙනවා.

අතීතයේ බෝට්‍ටුවලින් ඉතාලි ආව ගමන ගැන තමයි ‘මිල්ලෙ සොයා’ චිත්‍රපටයෙන් කියැවෙන්නේ. මිල්ලෙ කියන්නේ ඒ කාලේ ඉතාලියේ තිබුණු මුදල් ඒකකය. ඒත් අද වෙද්දී ඉතාලියේ මිල්ලේ සොයාගන්න නැහැ. යූරෝ තමයි දැන් ඉතාලියේ මුදල් ඒකකය විදියට භාවිත වෙන්නේ.

ලංකාවේ ඉඳන් ඉතාලිය ගැන අහද්දී අපට මැවෙන්නේ වෙනම ලෝකයක්. දන්න වචනවලින් කිව්වොත් දිව්‍ය ලෝකයක් වගේ එකක්. මට වුණත් එහෙමයි. ඉතාලියේ ඉඳන් නිවාඩුවට ලංකාවට ආව කෙනෙක් වුණත් දැක්කම අපේ හිතට එහෙම හැඟී මක් එනවනේ. ලස්සනට අඳින පලඳින, සුවඳ හමන මිනිස්සු තමයි අපට ඉතාලිය කිව්ව ගමන් මතක් වෙන්නේ.

ඒ කතාව 100%ම බොරු නෙවෙයි. ඒත් ඒක 100%ක් ඇත්තත් නෙවෙයි කියලා තේරෙන්න නම් ඉතාලියටම එන්න ඕනේ. මොකද ඉතාලිය කියන්නේ බහුවාර්ගික රටක්. විවිධ රටවල ජනතාව එකට ජීවත් වෙන රටක්. ඉතාලියේ බස් රථයකදී හෝ දුම්‍රියකදී සුදු හම තියෙන මිනිස්සු එක්ක හරි හරියට කළු හම තියෙන මිනිස්සුත් දැකගන්න පුළුවන්. ආව ගමන් නම් ඒක ටිකක් අසාමාන්‍ය දෙයක් විදියට තමයි තේරෙන්නේ.

ඒත් පහු වෙද්දී නම් ඒක සාමාන්‍ය අතට හැරෙනවා. ඒ කළු හම සහිත අප්‍රිකානුවන් බහුතරය ඉතාලි ජාතිකයන්. ඉතාලිය අප්‍රිකා මහද්වීපයට නුදුරින් පිහිටලා තියෙන හින්දා අප්‍රිකා ජාතිකයන් තමයි විශාල වශයෙන් සංක්‍රමණිකයන් විදියට ඉතාලියට එන්නේ. එහෙම ආව බොහෝ දෙනෙක් අද වෙද්දී ඉතාලි පුරවැසිභාවය හිමිකරගෙන තියෙනවා. ඒ හින්දා ඉතාලි පාසලක් තුළ වුණත් හරි හරියට කළු හම සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැකගන්න පුළුවන්.

වර්තමානය වෙද්දිත් අප්‍රිකා රටවලින් ඉතාලියට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ අඩුවක් නැහැ. ඒ වගේම ඉතාලියේ නිදහස් සහ සාමකාමී වාතාවරණයට මේ ඇතැම් අප්‍රිකානුවන්ගෙන් වෙන බලපෑමත් සුළුපටු නැහැ. අද වෙද්දිත් ඉතාලියේ බොහෝ නගරවල යටිබිම් පදික මාරු බොහෝ කළු ජාතිකයන්ගේ රාත්‍රී නවාතැන් බවට පත්වෙලා තියෙනවා.

ඒ හේතුවෙන් එම උමං මාර්ග අපිරිසිදු සහ අනාරක්ෂිත ස්ථාන බවටත් පත්වෙලා තියෙනවා. ඔව්. දුගඳ හමන උමං ඉතාලියෙත් තියෙනවා. ඒ වගේම දුම්රියවල හොරෙන් ගමන් කිරීම, සිඟමන් ඉල්ලීම මෙන්ම බලහත්කාරයෙන් මුදල්, බඩු බාහිරාදිය පැහැර ගැනීම සම්බන්ධයෙනුත් ඔවුන්ට චෝදනා එල්ල වෙනවා. රාත්‍රී කාලයට තනිවම ගමන් කරන්න සුදුසු නැති ප්‍රදේශ අදටත් ඉතාලියේ තියෙනවා. හැබැයි ඕනෑම නගරයක වීදියක් හෝ දෙකක් පමණයි මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.

ඒ එක්කම නීති වීරෝධී මත්ද්‍රව්‍ය අලෙවියේත් ඉදිරියෙන්ම ඉන්නේ මේ කළු ජාතිකයන්. ලෝකයේ බොහෝ තහනම් මත්ද්‍රව්‍ය ඉතාලියේ අලෙවි වෙනවා. හමේ පාට අනුව මිනිස්සු වෙන් කරන එක පහත් වැඩක් වුණත් මේ දේවල් විස්තර කරන්න වෙන ක්‍රමයක් නැති හින්දා එහෙම කළ බවත් කියන්න ඕනෑ.

මීට අමතරව ඉතාලිය ගැන තව කතාකරන්න බොහෝ දේවල් තියෙනවා. ඇවිදින්න බොහෝ තැන් තියෙනවා. ඉතාලියේ ඉන්න අපේ අය කරන කියන බොහෝ දේවල් තියෙනවා. සුදු කළු ඉතාලියේ ඒ හැම දෙයක් ගැනම අපි හීන් සීරුවේ කතා කරමු.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ආරක්ෂක නිලධාරීන් කුඩ අල්ලන් ඉඳිද්දී ආණ්ඩුවේ ඇමැතිවරු නිදහස් චතුරශ්‍රයේ ව්‍යායාම කරන වීඩියෝ එක සමාජ මාධ්‍යයේ ‘වයිරල්’ වෙයි! මෙන්න වීඩියෝ එක! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

පියාගේ ආභාෂයෙන් මමත් සසුනට අරුණෙන් සම්බුද්ධ ශාසනයට විශාල වැඩ කොටසක් කළා! රට පුරා චෛත්‍ය වහන්සේ 12 නමක් හැදුවා! ඉදිරියේදී දහසක් හදන්න සැලසුම් කරලා තියෙනවා! දහම් පාසල් ශාලා දහසක් ගොඩනගනවා! රටේම සිද්ධස්ථාන ගොඩනැගුවා! මේවා කඩාකප්පල් කරන්න මටත් බිරියටත් සමහරු අභූත චෝදනා එල්ල කරනවා! පහර පිට පහර දෙනවා! අපි මේවාට සැලෙන්නේ නෑ! මේ ශාසනික සේවාව ඉදිරියටත් කරනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.