වරකාපොළ, තුල්හිරිය ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව, පියා සහ පුතු මියගොස් තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ ත්‍රීරෝද රථයක්, ටිපර් රථයක් ගැටීමෙනි.
පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයන් අවුරුදු 40, 39 සහ 13 යන වයස්වල පසුවන්නන් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.










