අනතුරක් සිදුකර පලායෑම සම්බන්ධයෙන් යතුරුපැදිකරුවකු සහ කාන්තාවක් කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
පසුගිය 09 වැනිදා කළුතර පාලම අසලින් අපරීක්ෂාකාරී ලෙස පාර මාරුවීමට ගිය 72 හැවිරිදි පුද්ගලයකුගේ ගැටුණු මෙම යතුරුපැදිකරුවන්, අනතුරට පත් පුද්ගලයා පිළිබඳ කිසිදු සොයාබැලීමක් නොකොට එම ස්ථානයෙන් හොර රහසේ පිටව ගොස් තිබූ බවයි සී.සී.ටී.වී. දර්ශනවලින් හෙළිකරගෙන තිබුණේ.
අනතුරට පත් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව පසුදින මියගොස් තිබුණා.
කෙසේ වෙතත් සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසය කටයුතු කළා.