නවීන කාර්යාලීය ගෘහ භාණ්ඩ ක්‍ෂේත්‍රයේ දේශීය ප්‍රමුඛයා වන ජැට් හොල්ඩින්ග්ස්, පාරිභෝගිකයන් හට නවතම අත්දැකීමක් ලබාදීම අරමුණු කර ගනිමින් සිය නවතම සංකල්පයක් වූ JAT Experience Centre පසුගියදා කොළඹ One Galle Face Mallහිදී විවෘත කළේය. තෙවැනි මහල් පරිශ්‍රයේ 38/39 යන ස්ථානයෙහි පිහිටා ඇති මෙම සුවිශේෂී මධ්‍යස්ථානය තුළින් ලොව ප්‍රකට SEA Baufomat, Herman Miller, Lifewood සන්නාම ඔස්සේ උසස් තත්ත්වයේ නවීනතම පැන්ටි්‍ර, කාර්යාලයීය ගෘහ භාණ්ඩ සහ දැවමය බිම් සැකසුම් නිෂ්පාදනයන්හි විශිෂ්ටත්වය අත්විඳීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙත උදාකරදී ඇත.
මෙම “JAT Experience Centre හිදී ඔවුනගේ නිෂ්පාදන සම්බන්ධයෙන් පරිපූර්ණ නිරූපණයන් සිදුකරන අතර, පාරිභෝගිකයන් සඳහා එම නිෂ්පාදන අත්හදා බැලීමේ අවස්ථාවද ජැට් වෙතින් සලසාදී ඇත. පාරිභෝගික සම්බන්ධතාව වර්ධනය කරගනිමින්, ඔවුන් කේන්ද්‍රකරගත් සේවා කාර්යයකින් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය තුළින් පාරිභෝගිකයා, සන්නාමය සහ එහි නිෂ්පාදන සමඟ සෘජු සබඳතාවක් ඇතිකරනු ලබයි.











