ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියක් අතරතුර දී ශ්‍රී ලංකාවේ තුන්පිම්ම පැනීමේ ඉසව්වේ ජාතික සූරයා වන ශ්‍රේෂාන් ධනංජය ලියනපටබැඳිගේ අතුරුදන්වී තිබෙන බව වාර්තා වෙනවා. දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් ඔහු මෙම තරගාවලියට සහභාගී වී තිබූ බවයි කියන්නේ.
ඔහුගේ අතුරුදහන් වීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් මේ වනවිට තහවුරු කර තිබෙනවා.
තවමත් 26 හැවිරිදි ශ්‍රේෂාන් ලෝක මලල ක්‍රීඩා ශ්රීනිගත කිරීම වලට අනුව ආසියාවේ අටවන ස්ථානයේ රැඳී සිටින ක්‍රීඩකයා යි.
2017 දී කිර්ගිස්තානයේ පැවති විවෘත මලල ක්‍රීඩා උළෙලේ දී මෙන්ම 2018 තායි විවෘත විවෘත මලල ක්‍රීඩා උළෙලේ දී ද ශ්‍රේෂාන් රන් පදක්කම් දිනාගනු ලැබුවා. ඒ දුර පැනීමේ ඉසව්වෙන්.
තුන් පිම්ම වෙනුවෙන් ඔහු විසින් මීටර් 16.72ක ශ්‍රී ලංකා වාර්තාව තබනු ලැබුවේ 2023 මාර්තු 31 වෙනිදා යි. ඒ දියගම ක්‍රීඩාංගනයේ දී යි.
Shreshan Dannajaya










