• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකා පොළොව සසල වූ 1615

February 20, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලංකා පොළොව සසල වූ 1615
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව භූමිකම්පාවලින් තොර ඉන්දීය සාගරයේ සුරක්ෂිත දූපතක් බවට සමහරෙක් තර්ක කරති. එය කොතරම් සාවද්‍ය ප්‍රකාශයක්ද යන්න ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ භූ විද්‍යාත්මක ඉතිහාසය අධ්‍යයනය කිරීමෙනි.

මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ මහතා 1615දී සිදුවූ භූමිකම්පාවක් පිළිබඳ සිය වාර්තාවල සඳහන් කර ඇත. එම භූමිකම්පාව සිදුවී ඇත්තේ පෘතුගීසි පාලන සමයේදීය. එවකට කන්ද උඩරට රාජධානියේ පාලන බලය සෙනරත් රජුට හිමි වී තිබිණි.

එම භූමිකම්පාව සිදුවීමට පෙර 1615 මාර්තු 07 වැනිදා වලිග තුනකින් සමන්විත වල්ගා තරුවක් අහසේ දිස්විය. එය අසුබ පෙර නිමිත්තක් බවට රටවැසියාගේ විශ්වාසය විය. වල්ගා තරුවෙන් සිදුවුණු මහා විපත 1615 අප්‍රේල් මස 14 වැනිදා උදෑසන හතේ කණිසමත් සමඟ සිදුවිය. සමස්ත ලංකා ධරණි තලයම ශීඝ්‍රයෙන් කම්පනය විය. නිවෙස් ඇතුළේ සිටි ජනතාව භීතියෙන් මාර්ගවලට දිව ගියහ. ඇස් පනාපිටම ගේ දොර ගොඩනැඟිලි බිමට සමතලා විය.

කොළඹ නගරයේ කොටුපවුර විනාශ වූ අතර ගල්වලින් තැනූ පාලමක්ද සහමුලින් ම විනාශ විය. තවද හදිසි ගින්නක් කොළඹ නගරයේ පැතිර ගියේය. මෙම අති බිහිසුණු භූකම්පාවේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 2,000කට වඩා පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවට වාර්තාවල සඳහන් වේ. කොළඹ නගරය නැවත යථා තත්ත්වයට පත් කිරීමට පෘතුගීසිනට සෑහෙන කාලයක් ගත විය.

මෙම භූමිකම්පාව සිදුවී හරියටම වසර 199කට පසුව මඩකලපුවේදී තවත් භූමිකම්පාවක් සිදු වී ඇත. ඒ 1814 ජුනි මස 14 වැනි දිනය. කෙසේ වෙතත් එය 1615 භූමිකම්පාව තරම් දරුණු එකක් නොවීය. ඉන් පසුවද ශ්‍රී ලංකාවේ වරින් වර භූ චලන සිදුවිය. මේ සිදුවීම්වලින් ගම්‍ය වන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ භූමිකම්පා සිදුනොවන බව මිථ්‍යා ප්‍රකාශයක් බව නොවේද?

එස්.එම්. ජයසූරිය

SendShareShare
Previous Post

ඕනෑම කෙනෙක් බින්දුවට වට්ටන නිර්ධන යෝග

Next Post

සයින්දමරුදු සයින් කිරීම කල් යයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.