ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවැනි නිල සංචාරය ලෙස ජපානය තෝරාගෙන ඇති බව වාර්තාවේ.
ඒ අනුව එළැඹෙන මැයි මාසයේදී ජනාධිපතිවරයාගේ ජපන් සංචාරය සිදුකිරීමට නියමිතව තිබේ.
මීට පෙර ජනාධිපතිවරයා සිය දෙවැනි නිල සංචාරය ලෙස චීනය තෝරාගෙන තිබුණද කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් එම සංචාරය අත්හිටුවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.
ජනාධිපතිවරයාගේ පළමු නිල සංචාරය වූයේ ඉන්දියාවය.










