‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ සෙලාන් බැංකුවේ ‘සෙලාන් පැහැසර’ ප්‍රජා සත්කාර වැඩසටහනට සමගාමීව 200 වන පුස්තකාලය පසුගිය නොවැම්බර් 27 දින ග්‍රෑන්ඞ්පාස්හි විජයබා මහා විද්‍යාලයේදී විවෘත කෙරිණි. සෙලාන් පැහැසර වැඩසටහන 2013 වසරේදී ආරම්භ කරන ලද්දේ සෙලාන් බැංකුවේ 25 වන සංවත්සරය වෙනුවෙනි.
අධ්‍යාපනයට පුස්තකාල මගින් කෙතරම් විශාල මෙහෙවරක් ඉටුවන්නේද යන්න හොඳින් දන්නා සෙලාන් බැංකුව, ‘සෙලාන් පැහැසර’ වැඩසටහන යටතේ දිවයිනේ තෝරාගත් පාසල්වලට පුස්තකාල ලබාදීමට තීරණය කළේය. මේ යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 25ක පුස්තකාල 200ක් ඉදිකර, එම පුස්තකාල සඳහා පොත්පත් 40,000කට අධික ප්‍රමාණයක් ලබාදීමට සෙලාන් බැංකුව පියවර ගෙන තිබෙන අතර මෙමගින් සෙත සැලසී ඇති සිසුන් සංඛ්‍යාව 10,000 ඉක්මවයි.
මෙම පුස්තකාලවලට විවිධ විෂය ධාරාවන්ට අයත් පොත්පත් ප්‍රදානය කිරීමට සෙලාන් බැංකුව කටයුතු කර ඇත. එම නිසා අදාළ පාසල්වල දරු දැරියන්ට පුළුල් පරාසයක පැතිරුණු විෂයන්ට අදාළ කරුණු හැදෑරීමට එමගින් හැකියාව ලැබී තිබේ.











