• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලින් වන නිලධාරිනී! දැන් DG! අන්න ලන්සා කාන්තාවන්ගේ ගෙදරට ගිහින් ගහන්න කතා කරනවා I VIDEO Sri Lanka Latest News

May 27, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෝ කන්තා සංවිධාන? කෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ? කෝ මාධ්‍යකාරයෝ? මුන් ඔක්කොම නිදිද?

ගැහැනිය යන සජීවී වස්තුවට විවිධ අර්ථකථනයන් වේ. ඒ අතර ස්ත්‍රිය, කාන්තාව, ලලනාව, ලිය, කත යන හැඳින්වීම් සුවිශේෂව ගත හැකිය. වයස් මට්ටම අනුව එකී හැඳින්වීම්ද එකිනෙකට වෙනස්ය. ළදැරිය, බාල ලිය, යෞවනිය, යුවතිය, තරුණිය යන වචනත් ඒ සඳහා සමාජයෙහි භාවිතයට ගැනෙයි.(Sri Lanka Latest News)

ඒ මොන තාලෙට හැඳින්වුවද ගැහැනිය යනු මෙලොව ඇති උතුම්ම චරිතයකි. ඒ උතුම් බවෙහි විශේෂිතම අවස්ථාව වන්නේ දරු උපතකට තිඹිරිගෙය හදන මාතෘත්වය දරන්නේ මේ කියන ගැහැනියය. ලොව කෙමෙන් කෙමෙන් ඉදිවන්නේ ඒ දරු උපත් හරහාය. සරලව කියනවා නම් ලොවෙහි ජීවනාලිය උරදෙන ප්‍රධාන චරිත නිරූපණය රඟදක්වන්නේද මේ කියන ගැහැනියය. එනිසාම ලෝකයට ඈ වැදගත් කෙනෙකි.

Ladies First යන කියමන ලෝකය හමුවේ ඉබේම වාගේ සමාජගත වූයේද ඒ නිසාම වෙන්නට ඇත. එක් අයකු හෝ කිහිපදෙනකු තම ස්ත්‍රීත්වය යම් යම් කරුණු කාරණයන් හමුවේ ‘බ්ලැක් ලිස්ට්’ කරගත්තද Ladies First එහෙමත් නැතිනම් ‘කාන්තාවට මුල්තැන’ යන ඒ කියමන ලෝකය පුරා තවමත් ප්‍රචලිතය.

නමුත් කොස්ස තියෙන්නේ සමහර ආසියානු රටවල ඒ කියමනට කෙයාර් නොකරන එකය. විශේෂයෙන් ශ්‍රී ලාංකේය වශයෙන් ගත් කල කාන්තාවට මුල් තැන තියා සම තැනවත් නැති තරම්ය. ඇතැම් විට බලාගෙන යනකොට කිසිම තැනක් නැති තරම්ය.

‘මුහුණු පොතේ කාන්තාවන් රඟන විකාර රැඟිල්ල දැක්කාම කාන්තාවකගේ වැදගත්කම ඉතුරු වෙයිද?’ කුහක මිනිසුන් එහෙම අසන්නට බැරි නැත. හැබැයි අපි මේ කියන්නට යන කතාව වෙනම එකකි.

මුහුණු පොතේ රඟන ගැහැනු සුකුරුත්තං ඒ කතාවට අදාළ නැත. ටී.වී. එකේ රියැලිටි ෂෝවල නටන්නට රඟන්නට එන බාගෙට ඇඳගත්ත ගැහැනුන්ගේ විකාරරූපී මනස්ගාත එයට අදාළ නැත. රටටම අණබෙර ගසා විවාහ වී වෙඩින් ඇල්බම් එක හදන්නට මත්තෙන් ඩිවෝස් වන ශ්‍රී ලාංකේය ටෙලි නිළියන්ගේ මනස්ගාතද එයට අදාළ නැත.

මේ කියන්නට යන්නේ උත්තරීතර යැයි නම පටබැඳුණු පාර්ලිමේන්තුවට සම්බන්ධ කතාවකි.
පසුගිය දිනෙක මීගමුව පෙදෙසේ ප්‍රකට ව්‍යාපාරිකයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ නිමල් ලන්සා හරි සද්දෙට කෑගසා කියා සිටියේ කාන්තාවකට දෙරටම ගිහින් පහරදිය යුතු ක්‍රමවේදයක් ගැනය. ලන්සාගෙම පහත් වචනවලින් කියනවා නම්,

‘හරි නම් මේ වගේ නිලධාරිනියන්ට මිනිස්සුන්ව ගෙදරට යවලා ගහන්න ඕනෑ…’ යන ප්‍රකාශය ඔහු ප්‍රසිද්ධියේම පවසා සිටීම මොන තරම් නින්දිතද? මන්ත්‍රීවරයාගේ කතාවෙහි වූයේ, ‘ඔන්න අවසර දුන්නා. පුළුවන් නම් අහවල් ගෙදරට ගිහින් අහවල් නිලධාරිනියට පහර දීපල්ලා…’කියන උසිගැන්වීමය.

ලන්සා එහෙම සද්දයක් දැම්ම හේතුව?

හේතුව මහා අපරාධයක් නොව, මැරකමක් නොව, නොහොබිනාකමක් හෝ අල්ලස් ගැනීමක් නොව, එයට හේතුව වී තිබුණේ කුකුල් පැටව් සහ බිත්තර පිළිබඳ කතාන්දරයකි. කතන්දරය කෙටියෙන් කියනවා නම් බිත්තර මිල ඉහළ යෑම සහ බිත්තර හිඟය මැඩලන්නට ආණ්ඩුව ඉන්දියාවෙන් බිත්තර ගෙන එන ක්‍රමයක් දියත් කරන්නට පටන් ගත්තේය.

එතැනදී සත්ව ආහාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය එම යෝජනාවට සහ වැඩපිළිවෙළට එකහෙළා විරුද්ධ වී තිබිණි. විරුද්ධත්වයට හේතුව ලෙස දී තිබුණේ ඉන්දියාව පුරා පැතිර යන කුරුලු උණ වසංගතය ගැන අවදානමය. කෝප් කමිටුවේ උන් බොහොමයක් මන්ත්‍රීවරු එයට විරුද්ධව හඬ නැගූහ.

‘ඒක විකාරයක්…. පිස්සු අදහසක්… කුරුලු උණ තියෙන්නේ එක ප්‍රාන්තෙක විතරයි’
අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අවදානම්සහගත කතාවට සද්ද බද්ද හැම අතින්ම නැගුණේය. ඒ සද්ද බද්ද අතර මන්ත්‍රී ලන්සා අධ්‍යක්ෂ ජනරාල්වරියට පහර දුන්නත් කමක් නැතැයි යන පහත් ප්‍රකාශය මහ ලොකුකමට වාගේ තගක් දමන තාලය අතහැරියේය. අටුවා ටීකා නොලිව්වාට සංගදියෙහි අලගිය මුලගිය විස්තරය ඕකය.

බිත්තර කතාවත් කුකුළු පැටවුනුත් මෙතැනදී ටිකකට වාගේ පැත්තකින් තියමු. බිත්තර ගෙනෙන යෝජනාවත් එයට පැනනැගුණු විරෝධතාවත් ඕනෑම දේශපාලන කතාබහකදී පොදු තත්ත්වයන්ය.

නමුත්, ආණ්ඩුවෙහි ප්‍රබල නිලයක් දරන තරුණ නිලධාරිනියකට ගෙදරටම ගිහින් පහරදිය යුතු යැයි සමාජය උසිගන්වන වචන පෙළක් ලන්සා විසින් උස් හඬින් ප්‍රකාශයට පත්කිරීම කෙතරම් අශෝභනද? කාන්තාවක් හමුවේ එසේ නොවැදගත් ලෙස හැසිරීම හරි නින්දිතයි නොවේද?

මීට පළමුවද අවස්ථා කිහිපයකදීම කාන්තාවන් දේශපාලන නායකයන්ගේ අරියාදුවලට ලක්වූ සිදුවීම් තිබිණි. ගුරුවරියක දණගැස්වීම සහ වන සංරක්ෂණ නිලධාරිනී දේවානි ජයතිලකට තම හයිය පෙන්නූ සනත් නිශාන්ත මෙය කියවන කිසිවකුට අමතකව නැති බව නිසැකවම කිව හැකිය.

මන්ත්‍රීවරු තම තමන්ගේ හයිය සහ බොරු කයිවාරුව කාන්තාවන්ට පෙන්වූ නවතම අවස්ථාවන් බොහෝ පෙන්වා දෙන්නට පුළුවන. මීට වසර දහයකට පහළොවකට පෙර එවක ප්‍රබල දේශපාලකයකු තවත් විදියකට කියනවා නම් රාජපක්ෂලාට දරදිය ඇදපු මන්ත්‍රීවරයකු ලේක්හවුස් ආයතනයේ තරුණ මාධ්‍යවේදිනියකට කළ අනිසි බලපෑම් බොහෝ දුරදිග ගියා මතකය. කොහොම නමුත් අන්තිමේදී ඇයට ලේක්හවුස් ආයතනයෙන් ඉවත්ව යන්නට සිදුව තිබිණි.

ඉහත කී කිසිදු සංසිද්ධියකට විශාල වශයෙන් හෝ සැලකිය යුතු වශයෙන් නීතිමය පියවර ගැනුණේ නැත. පාර්ලිමේන්තුව තුළ හෝ එහෙව් සිදුවීමක් වෙනුවෙන් හඬක් නැගුණේ නැත. අඩුම තරමේ ප්‍රහාරාත්මක හෝ විධානශීලී ස්වභාවයක් නොවන මට්ටමේ සංයමයක් සමාදානයක් මතවත් එම සිදුවීම් ගැන කතිකාවක් කෙරුණේ නැති තරම්ය.

හොඳයි ඒ හැම දේම ටිකකට පැත්තකින් තියමු.

අපි මෙහෙම හිතමු,

පාර්ලිමේන්තුව තුළ ලොකු ලොකු නිලතල හොබවන කාන්තා මන්ත්‍රී අසුන් කීයක් නම් තියෙනවද? ඒ එකම ආසනයක්වත් ඉහත කාන්තාවන්ට සිදුවූ ප්‍රහාරයන් හමුවේ උණුවුණේ නැත්තේ ඇයි?

එක අතකට ආසනය උණුවන්නේ කය රත්වුණොත් පමණය. කය රත්වන්නට නම් හිත උණුවිය යුතුය. ඒ කියන්නේ බොරු චණ්ඩි දේශපාලකයෝ අතපය වීසිකරන්නට හයිය නැති කාන්තාවන්ට උන්ගේ සෝබන හයිය පෙන්වනකොට කටකමසෙයියාවක් නැතිකම පෙන්නනකොට පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන්ගේ හිතට ඇඟට එය දැනෙන්නට නැතුව ඇත.

එහෙම වූයේ ඇයි?

එය සදාචාරසම්පන්නද?

ටීවී චැනල්වල කාන්තා වැඩසටහන්වලට ඇවිදින් විශේෂයෙන්ම කාන්තා දිනය වැනි සුවිශේෂ දවස්වලට ඒවාට ඇවිදින් කාන්තාවන් ගැන බොහෝ සංවේදී කතා කියන, ඇස් කෙවෙනිවල ඒ සංවේදී වෙලාවට උනන කඳුළු ටිෂු එකකින් ප්‍රසිද්ධියේම පෙනෙන ආකාරයට පිසදමන අපේ කාන්තා මන්ත්‍රීවරියන් සහ ඇමැතිනියන් ඉහත සිදුවීම් හමුවේ සද්දෙ වහලා හිටියේ ඇයි?

නිමල් ලන්සා, ‘ගෙදරටම ගිහින් ගහන්න ඕනෑ’ කියා තරුණ කාන්තා නිලධාරිනියකට ප්‍රසිද්ධියේ බැණවදින විට උස් හඬින් කෑගසන විට ඒ වෙනුවෙන් එක ප්‍රකාශයක් හෝ කරන්නට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයට බැරි වූයේ ලන්සා දැමූ තග වැරැදි නැතැයි ඔවුන් අනුමත කරන නිසාද?

ගිරිය කඩාගෙන වේදිකාවල කෑගසන, කාන්තාවන්ගේ පිටිවහල සහ සරණ වෙනුවෙන් අපි ඕනෑම මොහොතක ඉන්නවාය කියා ෂෝ එකට මයික් වටකරගෙන මාධ්‍ය හමු තියන පාර්ලිමේන්තුවේ එකම එක මන්ත්‍රීවරියක් හෝ ඇමැතිවරියක්වත් සත්ව ආහාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට නිමල් ලන්සා දාපු අවිනීත චණ්ඩි පාට් එක ගැන එකම එක වචනයක්වත් කතා කෙරුවේ නැත.

එහෙම වුණේ ඇයි කියා කියන්නට දන්නේ නැත. එහෙම වෙච්ච එක කොහොමවත් හොඳ නැත.

එයට හේතුව කතා කරන්නට පුළුවන්කමක් අයිතියක් තියෙන කොට කාන්තාවක වෙනුවෙන් තවත් කාන්තාවක් සද්දෙ වසා ඉන්නා එක හෝ එය නොදැක්කා සේ අහක බලා ඉන්නා එක වටින්නේ නැත. පැහැදිලිවම කියනවා නම් ඒක කුහකකමය. නැත්නම් ‘අනේ අපට මොකෝ’ කියා ඇඟ බේරාගැනීමය.

එහෙම ඉන්න එක පනින රිළවුන්ට ඉණිමං බැඳීමකි. ඒ ඉණිමං මත කරණම් ගහන ලන්සලා වැනි මිනිසුන් තව තව චණ්ඩි පාට් කාන්තාවන් හමුවේ පෙන්වන්නට පසුබට වන්නේ නැත.
කාන්තාවන්ට පදනම් විරහිතව අපහාස කරන, අඩන්තේට්ටම් කරන වීදි බසින් කියනවා නම් තග දමන මෙවැනි ශෝචනීය සංසිද්ධීන් ගැන කතාබහ කරන විට ඇඟිල්ල දිගුකොට චෝදනා කළ යුතු තවත් එක් පාර්ශ්වයක් වන්නේ හතු පිපෙන්නාක් සේ තැනින් තැන ඉදිව තිබෙන කාන්තා සංවිධානයන්ය.

‘ගෙදරට ගිහින් හරි නම් මෙවැනි නිලධාරිනියන්ට මිනිස්සු ගහන්න ඕනෙ…’ කියා ප්‍රසිද්ධියේම ලන්සාගේ වාග් ප්‍රහාරයට මැදිවූ අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙනුවෙන් දේශපාලනික වශයෙන් එක්ව රොද බැඳුණු එකම එක කාන්තා සංවිධානයක්වත් කතා කළේ නැත. ආණ්ඩු පක්ෂය වේවා විපක්ෂය වේවා වෙනත් කුමන හෝ විරුද්ධ පක්ෂයක වේවා ඒ වෙනුවෙන් බිහිවූ එකම එක සංවිධානයක්වත් ඇය වෙනුවෙන් එකදු හෝ වචනයක් කතා කෙරුවේ නැත.

අනේ ඉතින් මේ දැනඋගත් නෝනලා පිහිටුවා ගන්නා ඔය ඊනියා කාන්තා සංවිධානවලින් ඇති ඵලය කුමක්ද? වැදගත් නිලයක් දරන කාන්තාවකට කළ ඒ ප්‍රසිද්ධ අපහාසයේදී එක්ව හඬ නඟන්නට බැරි ඔවුන්ගේ එකමුතුවට අඩුම ගානේ මේ වෙනුවෙන් මාධ්‍ය හමුවක්වත් තියන්නට බැරි වුණේ ඇයි?

බලාගෙන යනකොට මේ හැම දේම මහා විහිළුවකි. විලම්බීතයකි. අපේ මාධ්‍ය නඩය ගැනද කියන්නට ඇත්තේ ඔය ටිකමය. අනේ උන් කැමරා අටෝගෙන අතින් කටින් මයික් අරගෙන අනුන්ගේ කමකට නැති ඕපාදූප නම් සෙකර නිවුස් හදති. නමුත් කතා කළයුතු මෙවැනි නිවුස් ගැන ඔවුන්ට හාංකවිසියක් නිනව්වක් නැත.

අනේ ඉතින් නොදනිමි කාගේ දොසා…

කොහොමත් මෙවැනි සංසිද්ධියකදී අවැසිම අවස්ථාවක් වෙනුවෙන් කාන්තාවක් වෙනුවෙන් හඬක් නොනගන කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවට කුමකටදැයි කාට හෝ හිතුණොත් එය අසාධාරණ නැත. තැනින් තැන බිහිව ඇති දේශපාලනීය කාන්තා සංවිධාන ගැනද කිව යුත්තේ ඒ ටිකම නොවේද?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

කාන්තා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ගෙදරට මිනිස්සු යවලා ගස්සන්න ඕන කියලා කෝප් කමිටුවේදී කියපු ආණ්ඩුවේ ‌ප්‍රබල මන්ත්‍රී කවුද? හඬ පටයයි වීඩියෝ එකයි ලීක්වෙයි! VIDEO I Breaking News
SendShareShare
Previous Post

ජුනි 09 අලුත් අරගලයක් ඇරැඹෙනවා! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

16 ඉඳන් සජබෙත් සටන අරඹයි! රට පුරා යන්න තීන්දුයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.