ලබන 16 වැනිදා සිට පක්ෂයේ දේශපාලන කටයුතු යළි ආරම්භ කරමින් රට පුරා ආසන බලමණ්ඩල පිහිටුවීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.
ඒ අනුව ලබන 16 වැනිදා සිට ආසන මට්ටමින් බලමණ්ඩල පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෑම ආසනයකටම යෑමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී පිහිටුවන සෑම බලමණ්ඩල රැස්වීමකදීම පළාත් පාලන මැතිවරණය දිනාගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත්, ඒ සඳහා ජනතාව ඒකරාශී කිරීමටත් විපක්ෂ නායකවරයා තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.