කුරුළු උණ ඇති ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර නොදීම සම්බන්ධයෙන් සත්ත්ව ආහාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය හට කෝප් කමිටුවේදී මැතිඇමැතිවරුන් දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී වරක් නිමල් ලන්සා මහතා කියා සිටියේ මෙවැනි නිලධාරීන්ට මහජනතාව නිවෙස්වලට ගොස් පහර දිය යුතු බවකි.
එමෙන්ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය බිත්තර ආනයනය කිරීමට ඉඩ නොදෙන බවකි.
නමුත් අධ්‍යක්ෂ ජනරාල්වරිය දිගින් දිගටම කියා සිටිවේ කුරුලු උණ පවතින ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට ඉඩදීම අවදානම් සහගත බවකි.
එම සිදුවීමට සම්බන්ධ වීඩියෝ පටය පහත පළවේ. (Breaking News)










