SDB බැංකුවේ අරලගංවිල ශාඛාව ආකර්ෂණීය හා නවීන පහසුකම්වලින් සමන්විතව 2020 ජනවාරි මස 27 වැනි දින ගනුදෙනුකරුවන් වෙත වඩාත් කාර්යක්ෂම හා සුහදශීලී සේවාවක් ලබා දීමේ අරමුණ ඇතිව අංක 14/69, කොලොංගස් හන්දිය, නව නගරය, අරලගංවිල යන නව ස්ථානයේදී විවෘත විය.
SDB බැංකුවේ සභාපතිනි සාමදානි කිරිවන්දෙනිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් අරලගංවිල නව නිවහන විවෘත කළ අතර මෙම අවස්ථාවට SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි තිලක් පියදිගම මහතා ඇතුළු ආයතනික කළමනාකාරීත්වයේ මහත්ම මහත්මීන්, දිඹුලාගල සහකාර ප්‍රාදේශීය ලේකම් විද්‍යා දිසානායක මහත්මිය, විලයාය මධ්‍ය මහා විද්‍යාලයීය විදුහල්පති අග්බෝපුර නන්ද හිමි සහ අරලගංවිල නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළුව පෞද්ගලික සහ රාජ්‍ය අංශය නියෝජනය කරමින් ගනුදෙනුකරුවන් රැසක්ද සහභාගි වූහ.











