උතුරු සහ දකුණු ඉන්දියානු රස සපිරි ද්වාරකා අවන්හල් ජාලයේ දෙවැනි ශාඛාව පසුගියදා අංක 10, ඕල්ඞ් ක්වෙරි රෝඞ්, ගල්කිස්ස ලිපිනයේදී උත්සවාකාරයෙන් විවෘත විය. අමුත්තන් 100කට එකවර ආහාර ගත හැකිවන පරිදි වායුසමනය කර සියලු පහසුකම්වලින් පරිපූර්ණව ඉදිකර ඇති ගල්කිස්ස ද්වාරකා අවන්හලේ දකුණු ඉන්දියානු සහ උතුරු ඉන්දියානු ආහාර පිසීම සඳහා දකුණු ඉන්දියාවෙන් සහ උතුරු ඉන්දියාවෙන් පැමිණි සුවිශේෂ දක්ෂතාවලින් සපිරි කෝකිවරු රැසක් සිටිති. උතුරු හා දකුණු ඉන්දියානු රස එලෙසම පාරිභෝගිකයන්ට තිළිණ කිරීමේ අරමුණෙන් මෙලෙස ඉන්දියානු කෝකිවරුන් සේවයේ යොදවා සිටින අතර උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා අවන්හල විවෘතව පවතී.
ද්වාරකා අවන්හලෙන් ඔබට විවිධ රසවලින් යුත් නාන්, කුච්ලා, පරාටා, රොටී, මසාලා, චෙට්ටින, පනීර්, දෝස, ඉඳිආප්ප, බත්, නූඞ්ල්ස්, ෆ්‍රයිඞ් රයිස්, කොත්තු, වඬේ, සුප්, බිරියානි, ෂෝට් ඊට්ස්, ස්ටාටර්ස්, සැලඞ්, රයිටා, පලතුරු යුෂ, ලැසී, සිසිල් බීම, කිරි, තේ, කෝපි ආදී මෙකී නොකී රසවත් ආහාර පාන වර්ග රැසක් සාධාරණ මිලකට ලබා ගත හැකිය.











