• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංහල අවුරුද්ද මළගමක් වෙච්ච ගමක්…

April 23, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
සිංහල අවුරුද්ද මළගමක් වෙච්ච ගමක්…
Share on WhatsAppShare on Facebook

කොයි තරම් ආර්ථික දුෂ්කරතා පැවැතියත් අපේ රටේ බහුතරයක් දෙනා මෙන්ම විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවා සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්නට සූදානම් වන්නේ අවුරුදු උදාවට සති කිහිපයක් තිබියදීය. කොවුල් නද ගම්බිම් සිසාරා පැතිර යද්දී නෑගම් යන්නට බලාපොරොත්තුවෙන් කැවිලි වර්ග සකස් කිරීමටද බොහෝ අය උත්සුක වෙයි. විවිධ හැලහැප්පීම් මැද ගලාගිය අවුරුද්දට සමුදෙමින් උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද, ජීවිතයට නැවුම් අත්දැකීමක් කරගන්නට ලැබුණු මහඟු අවස්ථාවක් බව ඒ සියලු දෙනාගේ අදහසයි. බොහෝ පවුල්වල සියලු දෙනා එකට එකතු වෙන්නේ අවුරුදු දවසට පමණයි. ඒ දවසේ කාබී සතුටින් ගතකරන්න දින ගණනාවක සිට පෙරුම්පුරන්නේ පුංචි දරුවන් පමණක් නොවෙයි. තම දරු මුණුබුරන් කලකට පසු ගමට ඇවිත් අවුරුදු සිරිත් ඉටුකරන තුරු බලාසිටිනා මවුපියවරුන් ද ඕනෑ තරම්ය. ඒ සතුට කිසිදු ලෙසකින් මුදලට ගන්නට බැහැ. අලුත් අවුරුද්දේ අරුතද ඒ එකමුතුකම සහ නැවුම් බවයි. දුරාතීතයේ තරම් මෙන්ම අදත් අප රටේ එවැනි ආකාරයට පවුලේ සියලු දෙනාම ඒකරාශී වෙමින්, චාරිත්‍ර ඉටුකරමින් අලුත් අවුරුදු මිහිර විඳගන්නා පිරිස ඉතා විශාලය. එහෙත් අලුත් අවුරුදු සතුට සමරන්නට යැයි කියමින් ඇතැමුන් මත්පැන් සාද පැවැත්වුවද ඒ සාද අවසන් වන්නේ බොහෝ දෙනකුගේ සතුට අවුරුදු දිනයට පමණක් නොව, ජීවිත කාලයටම අහිමි කරමිනි. මත්පැන් මත්ද්‍රව්‍යවලින් බොහෝ දෙනකුගේ සතුට විනාශ කරන්නට ගතවන්නේ ඉතා සුළු මොහොතකි. මත්පැන් හේතුවෙන් ඇතිවූ නොයෙක් ආරවුල්, රිය අනතුරු නිසා වටිනා ජීවිත අවසන් වූ අවස්ථා අපට නිරන්තරව අසන්නට ලැබෙනවා.

මත්පැන් හේතුවෙන් අහිමි වී ගිය වටිනා ජීවිත කිහිපයක් පිළිබඳ අනුවේදනීය පුවතක් අපට පසුගිය 16 වැනිදා පස්වරුවේය. අසන්නට ලැබුණේ පොළොන්නරුව ඕනගම වෙලේකඩේ ප්‍රදේශයෙන්. තම දියණියගේ නිවෙස වෙත ගිය එකම පවුලේ සහෝදරියන් දෙදෙනකුට, මත්පැනට ලොල් වූ රියැදුරකු නිසා ජීවිතය අහිමි වී තිබුණා. එම මරණ සිදුව තිබුණේ ලොරි රථයක් සහ අත්ට්‍රැක්ටරයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් වන අතර, ලොරි රථයේ රියැදුරු එම අවස්ථාවේ මත්පැන් පානය කර සිට ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිව තිබුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ අත්ට්‍රැක්ටරයේ පුද්ගලයන් 11 දෙනකු ගමන් කර ඇති අතර, මියගිය සහෝදරියන් දෙදෙනාද එම පිරිස අතර සිට තිබෙනවා. අනතුර හේතුවෙන් ට්‍රැක්ටරයේ රියැදුරු ඇතුළු අනෙකුත් සියලු දෙනාම තුවාල ලබා තිබුණා. මියගිගොස් තිබුණේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු වන අතර, ඔවුන් 46 හැවිරිදි එච්.ඩබ්. නෙලුම් කාන්ති සහ 47 හැවිරිදි කුමුදුනී අරුණ ශාන්ති නමැති විවාහක කාන්තාවන්ය. තුවාල ලැබූවන් පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කිරීමටයි ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණේ. ලොරි රථයේ රියැදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනුරුව දින 07ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබිණා.

අනතුරින් මියගිය එක් කාන්තාවකගේ දියණියක් හැඬූ කඳුළින් මෙලෙස මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

‘ලොරියේ රියැදුරා හොඳටම බීලා හිටියේ. මම මහත්තයාගේ ගෙදර ගිහින් හිටියේ. මල්ලි තමයි කෝල් කරලා කිව්වේ අම්මා නැතිවෙලා කියලා. මමත් ගෙදර හිටියා නම් අම්මාත් එක්ක යනවා. පුතාලා දෙන්නා විතරයි බේරුණේ. නවත්තලා තියෙන ලෑන්ඩ්මාස්ටරයේ තමයි ලොරිය හප්පලා තියෙන්නේ…’

මියගිය කාන්තාවකගේ බාල සහෝදරියක් පවසා සිටියේ, ‘අම්මටයි තාත්තටයි කන්න දුන්න අක්කලා දෙන්නා අවුරුද්දට ඕනෑගම පාලින්ගල ලොකු දුවගේ ගෙදර ගියේ සතුටුවෙන්න’ යනුවෙනි.

මේ කාන්තාවන් දෙදෙනාට ජීවිත අහිමි වුණේ මත්පැන් පානය කර රිය පැදවූ රියැදුරකු නිසයි. ඒ නිසා පවුල් දෙකක් අද අසරණභාවයට පත්වෙලා. දරුවන්ට අම්මා කෙනෙක්, ස්වාමි පුරුෂයාට බිරිඳක් නැතිවුණා.

මේ දෙසොහොයුරියන් තම වැඩිමහලු දියණියගේ දුකසැප බලන්නට ඇගේ නිවෙස බලා යන අතරතුරදීයි මේ අනතුරට මුහුණපා තිබුණේ. ඔවුන්ගේ සිත්වල දහසක් බලාපොරොත්තු තිබෙන්නට ඇත. ඒත් ඒ බලාපොරොත්තු සියල්ල උදුරාගත්තේ මත්පැනින් සිහි විකල් කරගත් සිත්පිත් නැති රියැදුරකු නිසාය. මේ එක සිදුවීමක් පමණයි. දිවයින පුරාම අලුත් අවුරුදු සමයේ බීමත් රියැදුරන් නිසා සිදුවන රිය අනතුරු ප්‍රමාණය ඉතා විශාලය. අවුරුදු දිනවලදී රෝහල් කරා රැගෙන එන පුද්ගලයන්ගෙන් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇත්තේ රිය අනතුරු හේතුවෙන්ය. එම අනතුරුවලට හේතු වී ඇත්තේ බීමත්කම සහ බීමත් රියැදුරන්ය.

කෙසේ වෙතත් අලුත් අවුරුදු සමයේ බිමත්ව රිය පදවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද පසුගියදා මාධ්‍ය මගින් ප්‍රකාශ කෙරුණා. එහෙත් එම මෙහෙයුම් ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන පමණක් සිදුවීම කනගාටුවට කරුණකි. ඈත ගම් දනව්වලද ජනාකීර්ණ නොවන මාවත්වලද මෙකී බීමත් රියැදුරන් හේතුවෙන් අහිංසක ජීවිත සදහටම අපට අහිමි වෙමින් තිබේ. එසේම තවත් බොහෝ දෙනෙක් මෙම බීමත් රියැදුරන්ගේ ගොදුරක්ව සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වෙමින් සිටියි.

කොළඹ නගරයේ අස්සක් මුල්ලක් නෑරම පොලිස් නිලධාරින් යොදා තිබෙන ආකාරය අපට දක්නට ලැබුණා. නමුත් බීමත් රියැදුරන් නිසා අනතුරු සිදුවන්නේ කොළඹ නගරයේ පමණද? ඈත දුෂ්කර ගම්මානවලත් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු හෝ රාජකාරියේ යෙදෙව්වා නම් බොහෝ විට මෙවැනි කනගාටුදායක සිදුවීම්වලට වැට බැඳෙන්නට තිබුණා නොවේද?

එසේම සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් තිබේ. අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනතාවට කොළඹ නගරය ඇතුළු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා. එසේ වුවත් ප්‍රධාන නගරවලින් තරමක් ඈතට වන්නට පිහිටි ගම්වල කිසිදු පොදු ප්‍රවාහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට එම බලධාරීන් උනන්දුවක් දක්වන්නේ නැහැ. මෙම අනතුර සිදුවූ ප්‍රදේශයේද ගමනාගමන මණ්ඩලය හරහා බස් රථයක් යෙදවන්නට කටයුතු කර තිබුණා නම් ඔවුන් 11 දෙනකු සමග අත්ට්‍රැක්ටරයකින් මෙවැනි අනාරක්ෂිත ගමනක් නොයනු ඇත.

එසේම මෙවැනි බීමත් රියැදුරන් නීතියෙන් වරදකරු වී දින 14ක් හෝ මාස කිහිපයක් සිර දඬුවම් විඳ ඇප ලබා නැවත පැමිණෙන අතර, නැවතත් ඔවුන් සුපුරුදු ලෙස රිය ධාවනයට එක්වන අයුරුද දැකගත හැකිය. ඔවුන් අතින් නැවත වරක් මෙවැනි අනතුරු සිදුවිය නොහැකි යැයි කාට නම් කිව හැකිද? එබැවින් එවැනි බරපතළ වරදක් සිදුකළ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගත යුතු බව අප තරයේ විශ්වාස කරමු. අහිංසක ජීවිත තඹ සතයකට මායිම් නොකරන මෙවැනි අකාරුණික රියැදුරන් නිසා මේ වන විට ජීවිත කී දාහක් නම් අප රටට අහිමිව ඇද්ද? එවැනි වැරැදි තවදුරටත් සිදුවීම වළක්වා ගැනීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත පැවරෙන වගකීම අතිමහත්ය. කොළඹ ඇතුළු තදාසන්න නගරවලට පමණක් සීමා නොවී, මුළු දිවයිනම ආවරණය වන පරිදි බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ට නිසි දඬුවම් දීමටත් ක්‍රමවේදයක් කඩිනමින් සැකසිය යුතු බවද සඳහන් කළ යුතුය. එසේ නොමැති වුවහොත් ගතවන දිනයක් පාසා අහිංසක ජීවිත කොපමණ සංඛ්‍යාවක් අප රටට අහිමිවනු ඇද්ද යන්න සිතාගන්නට නොහැකිය.



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ඡන්දය තියන්න සල්ලි දෙන්න බෑ-ආණ්ඩුව කියයි, වහාම ඡන්දය තියන්න-ශ්‍රේෂ්ඨාධිකරණය කියයි, ඡන්දය තියන්න සල්ලි නුදුන්නොත් දඬුවම් විඳින්න ලෑස්තිවෙන්න, අගවිනිසුරු – නිළධාරීන්ට දැනුම් දෙයි, ඉම්රාන්ට බයේ පිස්සු කෙළිය පාකිස්තාන ආණ්ඩුවට අධිකරණය දුන්න ඓතිහාසික තීන්දුව… මෙන්න තීන්දුව හැමෝම කියවන්න…

Next Post

එක වහල යට එකට හිටපු ආදරණීය බුද්ධි…

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.