• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දය තියන්න සල්ලි දෙන්න බෑ-ආණ්ඩුව කියයි, වහාම ඡන්දය තියන්න-ශ්‍රේෂ්ඨාධිකරණය කියයි, ඡන්දය තියන්න සල්ලි නුදුන්නොත් දඬුවම් විඳින්න ලෑස්තිවෙන්න, අගවිනිසුරු – නිළධාරීන්ට දැනුම් දෙයි, ඉම්රාන්ට බයේ පිස්සු කෙළිය පාකිස්තාන ආණ්ඩුවට අධිකරණය දුන්න ඓතිහාසික තීන්දුව… මෙන්න තීන්දුව හැමෝම කියවන්න…

April 22, 2023
in Exclusive, Politics
Reading Time: 4 mins read
A A
ඡන්දය තියන්න සල්ලි දෙන්න බෑ-ආණ්ඩුව කියයි, වහාම ඡන්දය තියන්න-ශ්‍රේෂ්ඨාධිකරණය කියයි, ඡන්දය තියන්න සල්ලි නුදුන්නොත් දඬුවම් විඳින්න ලෑස්තිවෙන්න, අගවිනිසුරු – නිළධාරීන්ට දැනුම් දෙයි, ඉම්රාන්ට බයේ පිස්සු කෙළිය පාකිස්තාන ආණ්ඩුවට අධිකරණය දුන්න ඓතිහාසික තීන්දුව… මෙන්න තීන්දුව හැමෝම කියවන්න…
Share on WhatsAppShare on Facebook

‘පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කැපීපෙනෙන ලක්ෂණයකි. එසේම පාර්ලිමේන්තුව හෝ පළාත් සභා හෝ නොමැතිව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක්ද පැවැතිය නොහැක. ආණ්ඩුකාරවරයකු විසින් පළාත් සභාවක් විසුරුවා හරින ලද අවස්ථාවක මැතිවරණය සඳහා දිනයක් ප්‍රකාශ කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම ආණ්ඩුකාරවරයා විසින් ඉටුකළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර සිටියි. ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් සභාව විසුරුවා හරිනු නොලබන අවස්ථාවන්හිදී මහමැතිවරණය සඳහා දිනයක් ප්‍රකාශ කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම ජනාධිපතිවරයා විසින් ඉටුකළ යුතුය. එසේම පළාත් සභාවක් විසුරුවා හැරීමෙන් පසුව නියමිත කාලසීමාවක් තුළ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුකාරවරයා හෝ එම අදාළ මැතිවරණය සඳහා කඩිනමින් හා ප්‍රමාදයකින් තොරව දිනයක් නියම කළ යුතු බව අධිකරණය ප්‍රකාශ කර සිටියි. එය හැකි කෙටිම කාලය තුළ සිදුකළ යුතුය…’

කුමක්ද මේ බැරෑරුම් කතාන්දරය? මෙම සුවිශේෂ වගතුග අපට ඇසෙන්නේ ශ්‍රී ලංකාවට යාබද දේශයක් වන පාකිස්තානයෙනි. මෙයට දින කිහිපයකට පෙරදී මෙම වගතුග ඇසුණේ පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය තුළිනි. එරට උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඬුල්ලක් විසින් මෙම බැරෑරුම් ප්‍රකාශය සිදුකර තිබිණි. මෙම දිනවල පාකිස්තානයේද සිදුවන්නේ ශ්‍රී ලංකාවේද මේ දිනවල සිදුවන එක හා සමාන කතාන්දරයකි. එය නම් මැතිවරණ අරගලයයි. තවත් ආකාරයකින් කිවහොත් මැතිවරණ කොල්ලකෑමයි. තවත් සරලව පැවැසිය හැක්කේ රජයක් විසින් සිදුකරනු ලබන මහා මැතිවරණ කොල්ලයයි. අද ශ්‍රී ලංකාවේ රජයද මෙම මහා කොල්ලය මේ වන විට ඉතා සූක්ෂ්මව හා ඉතා සාර්ථකව සිදුකරමින් සිටියි. ඒ ආකාරයෙන්ම මේ වන විට පාකිස්තානයේ වත්මන් රජයද මැතිවරණ කොල්ලය බොහෝ සාර්ථකව සිදුකරමින් සිටියි. රටවල් දෙකම අයියයි මල්ලියි වාගේ මෙම මැතිවරණ පිල්ලි ගැසීම නොහොත් උලාකෑම ජයටම සිදුකරයි. දෙරටේම ජනතාව සහ විපක්ෂයන් මහා උද්ඝෝෂණයක් සහ විරෝධතාවන් නඟතත් ඒවා සියල්ල බීරි අලින්ට වෙණ වාදන කිරීමක් පමණි. මෙවැනි වටපිටාවකදී ඉහත ලියා තැබූ ආන්දෝලනාත්මක වගතුග පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක නියෝගයක් හරහා ඇසෙන්නට විය. එරට රජය මැතිරවණයක් නිසි කලදී නොපැවැත්වීම හේතුවෙන් ගොනුකෙරුණු අධිකරණ නඩුහබයකදී එම නියෝගය නිකුත් කර තිබිණි. පාකිස්තානයේ වත්මන් අගවිනිසුරු උමාර් අටා බන්ඩියල් (Chief Justice Umar Ata Bandial) ගේ අස්සනින් යුතුව ඉහත වගකිව යුතු නියෝගය නිකුත් කර තිබිණි. එසේම මෙම අධිකරණ නඩුව විභාග කළ විනිසුරු මඬුල්ලට තවත් ප්‍රධාන විනිසුරුවරුන් දෙදෙනකු වන මුනිබ් අක්තාර් සහ මුහම්මද් අලි මසාර් (Munib Akhtar and Mushammad Ali Mazhar) ද අයත් වෙති.

එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය තවදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියි.

‘පළාත් සභා විසුරුවා හැරීම සම්බන්ධයෙන් අදාළ ආණ්ඩුකාරවරුන් සභාවන් විසුරුවා හැරීමේ සාරාංශයන්ට අස්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් පළාත් මැතිවරණය සඳහා දිනයක් නියම කිරීමට ව්‍යවස්ථාපිත වගකීම ජනාධිපතිවරයා විසින් නිදහස් කළ යුතුය. මෙම තත්ත්වය ව්‍යවස්ථාපිතව වගකීම් කඩකිරීමකි. මේ අනුව මැතිවරණය පැවැත්වීමට දිනයක් යෝජනා කිරීමට උපරිම උත්සාහයක් ගන්නා ලෙසට පාකිස්තානයේ මැතිවරණ කොමිෂන් සභාවට උපදෙස් දෙනු ලැබේ. එසේම එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුකාරවරුන්ටද නියෝග නිකුත් කරනු ලබයි. මෙහිදී රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව ක්‍රියාත්මක වන බවට සහතික විය යුතුය. මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය විය හැකි සියලු පහසුකම් කාර්ය මණ්ඩල පිරිස් සහ ආරක්ෂාවද මැතිවරණ කොමිෂන් සභාව වෙත කඩිනමින් ලබාදීමට ෆෙඩරල් රජය අන්‍යෝන්‍ය වශයෙන් බැඳී සිටියි. ලාහෝර් මහාධිකරණයේ තනි විනිසුරු මඬුල්ලක් විසින් දැනටමත් මෙම කාරණයට පක්ෂව තීරණයක් ගෙන ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 184(3) වගන්තිය යටතේ ස්වෝත්සාහයෙන් නඩු පැවරීමට හෝ පෙත්සම් සලකා බැලීමට හෝ අපගේ අසාමාන්‍ය අධිකරණ බලය ඉල්ලා සිටීමද යුක්තිසහගත නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් මහාධිකරණයක් ඉදිරියේ විභාග වෙමින් පවතින විට එයට මැදිහත් නොවී පළාත් අධිකරණවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට සහාය විය යුතුය. මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන මෙන්ම 2017 මැතිවරණ පනතේ අදාළ වගන්තියද සලකා බැලීම අත්‍යාවශ්‍යය. මැතිවරණ පනතේ 57(1) වගන්තියේ දක්වා ඇති පරිදි මැතිවරණය සඳහා දිනයක් නියම කිරීම පූර්ණ වගකීමකි. ව්‍යවස්ථාමය බලධාරීන් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් සහ සමහර විට පරස්පර විරෝධී අදහස්ද දරන බව පෙනෙයි….’

එලෙස එම ආන්දෝලනාත්මක මහාධිකරණ තීන්දුව තවදුරටත් කරුණු ප්‍රකාශ කර සිටියි. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා වන අගවිනිසුරු උමාර් අටා බන්ඩියල් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි තීන්දුවක් ලබාදීමේදී පහත දැක්වෙන ප්‍රශ්න ගැන සලකා බලනු ඇති බවයි. ඒවා මෙසේ ගෙනහැර දක්වා ඇත.

★ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ඒ යටතේ අපේක්ෂා කරන විවිධ තත්ත්වයන් තුළ පළාත් සභාවක් විසුරුවා හැරීමෙන් පසු පළාත් මැතිවරණයක් පැවැත්වීමේ දිනය නියම කිරීමේ ව්‍යවස්ථාමය වගකීම සහ බලය ඇත්තේ කවුරුන් සතුවද?
★ මෙම ව්‍යවස්ථාපිත වගකීම ඉටුකරන්නේ කෙසේද සහ කවදාද?
★ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වගකිව යුතු සම්මේලනයන්හි ව්‍යවස්ථාපිත වගකීම් සහ යුතුකම් මොනවාද?

පාකිස්තානය තුළ මෙලෙස පළාත් මැතිවරණයක් පැවැත්වීම උදෙසා මුලින්ම දින නියම කර තිබුණද දැන් කලින් කලට එම දිනය වෙනස් වෙමින් මැතිවරණයක් පැවැත්වීම කල් දැමෙයි. මෙහිදී මුලින්ම මෙම මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ පාකිස්තානයේ විශාලතම ප්‍රාන්තය වන පන්ජාබ් ප්‍රාන්තයටය. පන්ජාබ් ප්‍රාන්තය යනු ශ්‍රී ලංකාව මෙන් තෙගුණයක් විශාල භූමි භාගයකි. මෙහි ජනගහනය මිලියන 110ක් වෙයි. එනම් ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් හරි අඩකි. මෙහිදී අනෙක් සුවිශේෂ කරුණක් ලෙසින් හෙළිවන්නේ පාකිස්තාන ජාතික සභාවේ (පාර්ලිමේන්තුවේ) මන්ත්‍රී ආසන 342කින් ආසන 183ක්ම නියෝජනය කරන්නේ පන්ජාබ් ප්‍රාන්තය විසිනි. මෙම ප්‍රාන්තයේ ජනතාවගේ සාක්ෂරතාව ඉතා ඉහළ අතර, එය 66.3%ක ප්‍රමාණයක් වෙයි. මේ අනුව අපට පෙනී යන්නේ පන්ජාබ් ප්‍රාන්තය යනු අති සුවිශේෂ වැදගත්කමක් ඇති භූමි භාගයක් බවයි. තවද පාකිස්තානයේ සමස්ත ජනගහනයෙන් හරි අඩක්ම වාසය කරන්නේ මෙම පන්ජාබ් ප්‍රාන්තය තුළය. පන්ජාබ් ප්‍රාන්තයට අදාළ අනෙක් සුවිශේෂ කතාන්දරය වන්නේ මෙම ප්‍රාන්තය තුළ බහුතර දේශපාලනික බලය හිමිව තිබෙන්නේ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයටය. 2022 අප්‍රේල් 10 වැනිදා විපක්ෂයේ කුමන්ත්‍රණයක් හේතුවෙන් ඔහු අගමැති පුටුවෙන් බැස ගියද, ඉම්රාන් ඛාන්ට තවද විශාල ජනතා ප්‍රසාදයක් හිමිව තිබෙයි. ඔහුට අගමැති පුටුව පමණක් නොව පසුව මන්ත්‍රී ආසනය පවා අහිමි කරවූයේය. මේ තත්ත්වය වත්මන් පාකිස්තාන පාලකයන්ගේ පලිගැනීම මත සිදුකරන බව ඔහු නිතර ප්‍රකාශ කර සිටියේය.

මෙලෙස හිටපු අගමැති ඉම්රාන් ඛාන් පසුගිය කාලයේ පළාත් මැතිවරණයක් ඉල්ලා විශාල උද්ඝෝෂණයක් දියත් කළේය. ඔහු නිරන්තරයෙන් වත්මන් රාජ්‍ය පාලකයන් සමග ගැටෙන්නට විය. පාලකයන් පළාත් මැතිවරණය පැවැත්වීම දින නියම කර තිබුණත් එය මේ වන විට කිහිප තාවක්ම කල්දැමුවේය. ඉම්රාන් ඛාන් නැවත බලයට පැමිණෙතැයි යන බිය නිසා වත්මන් රාජ්‍ය පාලකයෝ මහත් බියෙන් පසුවෙති. පසුගිය කාලයේ ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පාක්ෂිකයන් ඉතා විශාල ජනරැලි සහ රැස්වීම් සංවිධාන කරමින් රජයට විරුද්ධව මහා අරගලයක් දියත් කළේය. ඔහු එම විශාල විරෝධතාව හරහා රජයට බලපෑම් කළේ පළාත් පාලන මැතිවරණය වහා පැවැත්විය යුතුය යන්නය. එනම් දැනට කල්ගතවී තිබෙන ඉම්රාන් ඛාන් විසින් නියෝජනය කරනු ලබන පන්ජාබ් ප්‍රාන්තයේ පළාත් පාලන මැතිවරණය ප්‍රථමව පැවැත්විය යුතු යැයි ඔහු සහ ආධාරකරුවන් එක හඬින් ප්‍රකාශ කර සිටියේය. තමන්ගේ සහ තම පක්ෂයේ ජනප්‍රියත්වය ඒ හරහා හොඳින්ම අවබෝධ කරගත හැකි යැයි ඉම්රාන් ඛාන් දැඩි ලෙස කියා සිටියි. කෙසේ හෝ පන්ජාබ් ප්‍රාන්තය යනු ඉම්රාන් ඛාන්ගේ දේශපාලනික බලය ඉතා උච්ච ලෙස පවතින ප්‍රාන්තයකි. පසුගියදා පැවැති එක්තරා ග්‍රාමීය මැතිවරණයකින්ද ඔහුගේ පක්ෂය බහුතර බලය ලබාගෙන ඇත. පාකිස්තාන ටෙහ්රීක් ඊ ඉන්සාෆ් (Pakistan Tehreek-e-Insaf) යනු ඔහුගේ පක්ෂයයි. දැනට අවුරුදු 27ක් පැරැණි මේ පක්ෂයේ නිර්මාතෘවරයා සහ සභාපතිවරයාද වන්නේ ඉම්රාන් ඛාන්ය. පාකිස්තානයේ වත්මන් පාලකයන් දැඩි බියකින් පසුවන්නේ පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වුවහොත් අනිවාර්යයෙන්ම රජයට අදාළ පක්ෂ පරාජයට පත්වන හෙයිනි. එසේ වුවහොත් පාකිස්තානයේ ඉදිරි දේශපාලන බලය ඉම්රාන් ඛාන් සතුවන බව දේශපාලන විචාරකයන් පවසා ඇත. එසේම මෙම 2023 ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයේ මහ මැතිවරණයද පැවැත්වීමට නියමිතය. ඒ අනුව තවත් කෙටි කාලයක් තුළදී නැවත වතාවක් පාකිස්තානයේ අගමැති ධුරයට ඉම්රාන් ඛාන් අනිවාර්යෙන්ම පත්වන බව දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළකර ඇත. මෙම තත්ත්වය යටතේ රජය පසුවන්නේ දැඩි බියකින් වන අතර මැතිවරණයන් කල්දැමීම එහි කූට උපාය මාර්ගයක් වී ඇත. මෙම දිනවල පාකිස්තානයේ රජයද මේ සඳහා නිදහසට දක්වන කරුණ නම් මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති බව පැවැසීමය. එසේම රට තුළ නිසි ආරක්ෂිත පරිසරයක් නැති බවටද කරුණු ප්‍රකාශ කරයි.

මෙවැනි වටපිටාවක් යටතේදී පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා රජයට නියෝග කර ඇත්තේ 2023 මැයි 14 වැනිදා පන්ජාබ් පළාත් මැතිවණය පවත්වන ලෙසය. මෙලෙස පළාත් මැතිවරණය නිසි අයුරින් නොපැවැත්වීම ප්‍රබල ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත. හිටපු අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ විපක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරන ලද පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ඉහත නියෝගයන් ලබාදී ඇත. එසේම එම මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනද වහා වෙන්කරන ලෙසටද නියෝගයන් ලබාදී ඇත. පාකිස්තානයේ අගවිනිසුරුවරයා පසුගියදා ඉහත නඩු විභාගයන් පැවැත්වෙන විටදී පාකිස්තානයේ මුදල් අමාත්‍යාංශය සහ මහබැංකු නිලධාරීන් කැඳවා වහාම පළාත් මැතිවරණය සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙසට නියෝග කර ඇත. යම් හෙයකින් එලෙස කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් අධිකරණයෙන් අදාළ බලධාරීන්ට දඬුවම් ලබාදීම සිදුකරන බවටද අනතුරු හඟවා ඇත. පසුගියදා පළාත් මැතිවරණය සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට නොහැකි යැයි එරට පාර්ලිමේන්තුව තීරණයකට පැමිණ සිටියේය. ඒ සඳහා පාකිස්තාන රුපියල් බිලියන 21ක සුවිශාල මුදලක් වියදම් කිරීමට මුදල් ප්‍රතිපාදන නැතැයිද පාර්ලිමේන්තුව ප්‍රකාශ කර සිටියේය. ෆෙඩරල් ඒකාබද්ධ අරමුදල්වලින් අප්‍රේල් 17ට පෙර මුදල් ප්‍රතිපාදනය සම්බන්ධීකරණය කරන ලෙස අගවිනිසුරුවරයා මහබැංකු අධිපතිවරයාට සහ මුදල් අමාත්‍යාංශයටද නියෝග ලබාදී ඇත. මෙවර මේ තත්ත්වය යටතේ රජයට ගැලවීමට හැකියාවක් නොමැති බව පැවසෙයි. පාකිස්තානයටත්, ශ්‍රී ලංකාවටත් ඇත්තේ මැතිවරණ බාලගිරි දෝෂයන්ය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

5 දෙනෙක් එක්ක ඇවිත් අවුරුදු 18 නෝනව උස්සන් ගිය අවුරුදු 19 මහත්තයා අල්ලයි! VIDEO

Next Post

සිංහල අවුරුද්ද මළගමක් වෙච්ච ගමක්…

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.