• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක වහල යට එකට හිටපු ආදරණීය බුද්ධි…

April 23, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
එක වහල යට එකට හිටපු ආදරණීය බුද්ධි…
Share on WhatsAppShare on Facebook

බුද්ධි මල්ලි… මේක උඹට ලියන්න හිතුවේ උඹ හරියට පිස්සු කෙළින හින්දා. මට තේරෙන්නේ උඹ හරි හිතුවක්කාර එකෙක්. ඇත්තටම උඹව මම හඳුනගන්නේ ‘මව්බිම’ පත්තර කන්තෝරුවෙදී. උඹටයි මටයි වෙනම කෙමිස්ටි්‍ර එකක් තිබුණා අපි අතර ගොඩනැගිච්ච. උඹ රහට ලියන්න සහ රහට ලියන ඒවා කියවන්න දන්න එකෙක්. මම හරි ආසයි උඹේ කියවීම් සහ විචාරවලට. උඹ මම ලියන ඒවා කියවලා ඒ ගැන සමහර වෙලාවට එෆ්.බී. එකේ ලියලා තිබුණා. මට මතකයි උඹ එක තැනක ලියලා තිබුණා ‘මගේ උඩ තට්ටුවේ ඉන්න මං කැමැතිම ලියන්නා’ කියලා. උඹලා නොහිතනවා වුණාට ඒ වගේ පොඩි දේවල් බං හරියට මිනිස්සුන්ට දැනෙනවා. ඇත්තටම උඹව මට එදා දැනුණෙත් අද දැනෙන්නෙත් මේ මොහොතේ දැනෙන්නෙත් පොඩි එකෙක් විදියට. මම දන්නේ නෑ ඒ උඹගේ පෙනුම නිසාද, උඹගේ හැසිරීම නිසාද කියන එක. හැබැයි උඹ කරපු ලොකු වැඩ අස්සේ මම හැමදාම ඒ පොඩි එකාව දැක්කා. මට අදත් ඒ පොඩි එකාව තමයි පේන්නේ. ඒකට හේතුව මොකක්ද කියලා මේක කියවගෙන යද්දී උඹට පෙනේවි.

බුද්ධි මම අවංකවම තේරුම් අරගත්ත උඹ ඇතුළේ තිබිච්ච එක ලක්ෂණයක් තමයි උඹ කැමැතියි මේ සිස්ටම් එක ඇතුළේ වෙන විදියේ එකෙක් වෙන්න. ඇත්තටම උඹ මේ සිස්ටම් එක ඇතුළේ වෙන විදියේ එකෙක් තමයි. හැබැයි මම විශ්වාස කරනවා මේ සිස්ටම් එකේ කිසිම තැනකදී උඹට අවශ්‍ය කරන අවධානය ලැබුණේ නෑ කියලා. ඇත්තටම උඹ අවධානයට කැමැති මිනිහෙක්. මම එහෙම කිව්වාම උඹට සමහර විට මළපනී බලු කතා කියන්න එපා කියලා. නෑ ඒක තමයි ඇත්ත. උඹ අවධානය දිනාගන්න කැමැති මිනිහෙක්. උඹට අවශ්‍ය කරන අවධානය දිනාගැනීමේ සහජ හැකියාවක් සහ ඒකට අවශ්‍ය දක්ෂතා ටික තිබුණා. මොකද උඹ රූපයෙන් වුණත් පොඩි වෙන විදියෙ පෙනුමක් තිබුණු එකෙක්නේ. උඹගේ පත්තර ජීවිතේ ගැන මම සෑහෙන දේවල් දන්නවා. උඹ නරක මිනිහෙක් කියලා කියන්න හේතු මොනවත් මම දන්නේ නෑ. උඹ සිලෝන් ටුඩේ වෙබ් එකේ වැඩ කළේ. ඒ කාලේ උඹ ලිව්වා. ගොඩක් දේවල් කියෙව්වා. කලබලෙන් දඩබඩ ගාලා උඩ ඇවිල්ලා කතාබහ කරලා ගියා. ඊට පස්සේ උඹ කොහෙදෝ මන්දා යන්න ගිහින් තිබුණා. මම දන්නේ නෑ උඹ කොහේ ගියාද කියලා. ඊට පස්සේ උඹව අහම්බෙන් එහෙදී මෙහෙදී මුණගැහුණා. උඹ ෆේස්බුක් එකේ දාන ඒවා දැක්කා. මම සමහර වෙලාවට උඹට උපදෙස් දීලා තියෙනවා. බයිසිකල්වල යනකොට පරිස්සමෙන් යන්න වගේ දේවල්. ඇත්තටම බයිසිකල්වල පරිස්සමට යන්න කියලා මම උඹට උපදෙස් දුන්නාම උඹ කවදාවත් ඒවට ගොං පාට් දැම්මේ නෑ. එක එක්කෙනා හිතාගෙන ඉන්න තරම් බුද්ධි කියන්නේ පණ්ඩිතයෙක් නෙවෙයි.

බුද්ධි කියන්නේ අහිංසක කොල්ලෙක්. බුද්ධිට ජීවිතයේ අහිමි මොනවද කියන එක ගැන මම දන්නේ නෑ. සමහර දේවල් අහිමි ඇති. හැබැයි මට පෙනුණේ හිමි දේවල් සහිත මිනිහෙක් විදියටයි බුද්ධි. බුද්ධි රූපයක් හිමි කෙනෙක්. හොඳ අධ්‍යාපනයක් හිමි කෙනෙක්. හොඳ ඉස්කෝලෙක නමක් හිමි කෙනෙක්. කොළඹ හිමි කෙනෙක්. ඉංග්‍රීසි දන්න එකෙක්. මිතුරු පිරිසක් ඇසුරු කරපු කෙනෙක්. මේ හැමදේම බුද්ධිට තිබුණා. ඔය අස්සේ බුද්ධි මතුවෙන්නේ බුද්ධිගේ ක්‍රියේටිවිටි නිසා කියලයි මම විශ්වාස කරන්නේ. හැබැයි බුද්ධිගේ ක්‍රියේටිවිටිවලින් මේ රටේ මිනිස්සු වැඩක් අරගත්තද, නැත්නම් බුද්ධිගේ ක්‍රියේටිවිටිවලින් බුද්ධි හරියට වැඩක් ගත්තද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉතින් බුද්ධිගේ ක්‍රියේටිවිටි ගැන කතා කරලා වැඩක් නෑ. මොකද බුද්ධි දැන් ආයෙත් ක්‍රියේටිව් දේවල් කරන්න ඔය එකෙක් ගාවටවත් එන්නේ නැති හින්දා. හැබැයි බුද්ධි උඹ මේ රට වෙනුවෙන් ගත්තු එක තීරණයක් ගැන මම දැක්කා. දැන් කට්ටිය කතා කරනවා. ඒ තමයි උඹ මාර්තු 22 වැනිදා ෆේස්බුක් එකේ තියපු සටහනක් කුණුහරුපෙකුත් එක්ක ලියපු.

‘මේක හරියන්නේ නෑ. මම ගිහිල්ලා විහාරමහාදේවි පාර්ක් එක ඉස්සරහා බෝඩ් එකක් අරන් තනියම හිටගන්නවා’ කියලා. ඇත්තටම බුද්ධි තනියම හිටගත්තා. කීප වතාවක් බුද්ධි තමයි තනියම හිටගත්තේ. නැත්නම් මේ සටන පටන්ගත්තේ බුද්ධි කියලා කියන එක අපි කියන්න උත්සාහ කළත් අරගලයට පියවරු සිය දහස් ගණනක් මතුවෙලා අරගලයේ රජවරු නිර්මාණය වුණා. ඒගොල්ලෝ තමයි ඊට පස්සේ අරගලයේ වීරයෝ බවට පත්වුණේ. ඇත්තටම බුද්ධි ගැන කතා කරපු නැති තරම්. බුද්ධි ගැන සමහර මාධ්‍ය ඇතුළේ කතා කරලා තිබුණා. ඒත් බුද්ධි මේ කතාව ඇතුළේ ජයග්‍රහණයේ පියෙක් වුණේ නෑ. බුද්ධිට හැම වෙලාවටම ජයග්‍රහණයේ පියෙක් වෙනවා වෙනුවට, පියවරක් ඈතින් ඉඳන් ජයග්‍රහණය දිහා බලාගෙන ඉන්න සිදුවුණා. මම හිතනවා බුද්ධි එහෙම දේට කැමැති කෙනෙක් නෙවෙයි. ඒත් බුද්ධිට අවශ්‍ය වෙලා තිබුණු දේ සිද්ධ වුණා. දේශපාලන පෙරළියක් සිදුවුණා. දේශපාලන වීරයෝ මතුවුණා. දේශපාලන කණ්ඩායම් හැදුණා. අරගලයේ ක්‍රියාකාරීන් කියලා ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බා. කැපිලා පෙනුණා. ටී.වී. ප්‍රෝග්‍රෑම්වලට ගියා. කොහේදෝ හිටපු මාධ්‍යවේදීන් කණ්ඩායමකුත් අපි දැක්කා මොකක්දෝ එකක් අටවගෙන අරගලයේ නිර්පාක්ෂික මොකක්ද එකක් කියලා පළකරලා තිබුණා. මේවා හොඳ දේවල්. නරක දේවල් නෙවෙයි. මොකද මේක පටන් අරගනිද්දී බුද්ධි කියනවා, මම තනියම හිටගන්නවා, මගෙත් එක්ක තව ටිකක් එකතු වෙන්න කියලා. ඒ නිසා බුද්ධි වටේ එකතු වෙන හැම එකාවම සතුටින් භාරගන්නවා හැර ඒ මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කරන්න කාටවත් අයිතියක් නෑ. හැබැයි බුද්ධි කියන ක්‍රියේටිව් එකාට මොකක්ද වෙන්නේ.

බුද්ධි ෆේස්බුක් එක ඇතුළේ දිග සටහනක් ලියනවා. ඩෙඩ්ලයින් එකක් අවශ්‍යයි මිනිහෙකුගේ ජීවිතේට කියලා. ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිතවලට ඩෙඩ්ලයින් එකක් තියෙනවා. ඒ ඩෙඩ්ලයින් එක තමන්ට තීරණය කරන්න බැරි එක විතරයි මේක ඇතුළේ තියෙන කතාව. ඩෙඩ්ලයින් එක බුද්ධිට තීරණය කරන්න පුළුවන් නම් මටත් තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැමෝටම තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ලෝකයේ තියෙන සම්මත නීතිරීති ගත්තට පස්සේ ඇත්තටම එහෙම ඩෙඩ්ලයින් තීරණය කරන්න මිනිස්සුන්ට අවස්ථාව දීලා නෑ. ලංකාවේ කිසිසේත්ම නෑ. මනුෂයෙක් රෝගී වුණාට පස්සෙවත් ඒ මනුස්සයට තීරණයක් අරගන්න බෑ මම මේ ජීවිතෙන් යායුතුයි මේ මොහොතේ කියන එක සම්බන්ධව. ඒක කවුරු හරි කෙනෙක් කියනවා නම් නෑ එහෙම නෑ, ඒක ගොං කතාවක්, ඒවා කොහොමද කියන්නේ කියලා, නෑ එහෙම නෑ. ඒක තමයි ඇත්ත.

කාටවත් මියයන්න අයිතියක් නෑ. බුද්ධි ජීවිත් කරගත යුතු මිනිහෙක්. බුද්ධිගේ වටේ යාළුවෝ පිරිසක් හිටියා නම් බුද්ධිව ජීවත් කරගන්න තිබුණා. මේ මොහොතේ මේ කතාව ලියන මට විවිධ අත්දැකීම් තියෙනවා. එක අවස්ථාවක මේ ලියුම්කරුට දිලිනි චතුරිකා විජේරත්නගෙන් එනවා පණිවුඩයක් වහාම ගිහිල්ලා මෙන්න මේ ලිපිනයේ ඉන්න කෙනා සියදිවි හානි කරගන්න සූදානම් වෙනවා, පුළුවන් නම් බේරගන්න කියලා. ඇත්තටම එහෙම මිනිස්සු මේ රටේ ඉන්නවා. ගිහිල්ලා කතා කරන්න, ඔහුට උදව් කරන්න කියලා. හැබැයි බුද්ධි දාපු පෝස්ට් එකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණේ රැඩිකල් විදියට. මතක තියාගන්න මේ ලෝකෙ ඇතුළේ සමහර තීරණ ගන්න සිද්ධ වෙනවා මිනිස්සු විදියට. ඔබ විප්ලවකාරී වුණාට, විප්ලවකාරී තීරණ ගන්නවට වඩා අහිංසක විදියට හිතලා අහිංසක විදියට තීරණ අරගන්න සිදුවෙන තැන් තියෙනවා. ඉතින් මෙතැන එහෙම තැනක්.

බුද්ධි ජීවිතයෙන් යන්න තීරණය කළා නම් ඇයි බුද්ධිව බේරගන්න බැරුව ගියේ කියලා අපිට බුද්ධිගේ යාළුවන්ගෙන් අහන්න සිද්ධ වෙනවා. බුද්ධිත් එක්ක කෙළින් හිටගන්න හිටපු යාළුවන්ට ඇයි බුද්ධිව කෙළින් හිටවගන්න බැරි වුණේ? බුද්ධිට අඬන්න උරහිසක් දෙන්න බැරි වුණේ? ඒක ප්‍රශ්නයක්. දැන් කියයි ඇයි එහෙම අහන්නේ, ඇයි එහෙම කියන්නේ, උඹට මොකක්ද තියෙන අයිතිය කියලා. ඒ වගේ කතන්දරවලට වඩා ඇත්තටම බුද්ධි මට උඹෙන් අහන්න තියෙන්නේ, ඇයි උඹ හරි මිනිහෙක් ගාව ඇඬුවේ නැත්තේ කියලා. ඇයි උඹ හරි මිනිහෙක් එක්ක උඹේ ප්‍රශ්න කතා කළේ නැත්තේ කියලා. ඇත්තටම බුද්ධිට විතරක් නෙවෙයි උඹත් එක්ක ඔය තීරණය ගන්න බලාගෙන ඉන්න දහස් ගණනක් එවුන්ට කියන්න තියෙන්නේ මැරෙන්න නම් හරි ලේසියි. ජීවත් වෙන්නයි අමාරු. මැරෙන්න පෞරුෂයක් තියෙන්න ඕනෙ නෑ. මැරෙන්න කොන්දක් තියෙන්න ඕනෙ නෑ. මැරෙන්න ඕනේ පණ නැති කොන්දක්. මේ ලියන මටත් කියවන ඔබටත් තව විනාඩි පහක් ඇතුළත මියයන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබට මියයන්න පුළුවන්. හැබැයි මේ ලියන මටත් කියවන ඔබටත් තව මාසයක් ජීවත් වෙන්න කොච්චර දුෂ්කර ක්‍රියා කරන්න ඕනෙද? තව මාසයක් ජීවත් වෙන්න කොච්චර වෙහෙසෙන්න ඕනෙද? කොච්චර කට්ට කන්න ඕනෙද? මිනිස්සු ජීවත් වෙන්න කොච්චර කටු කනවද? මිනිස්සු ජීවත් වෙන්න කොච්චර වෙහෙසෙනවද? මිනිස්සු ජීවත් වෙන්න කොච්චර අසීරු තීරණ ගන්නවද? එහෙම ලෝකෙක මියයන්න තීරණ ගන්නවා කියලා කියන්නේ උඹ වීරයෙක් නෙවෙයි. හැබැයි බුද්ධි උඹ නියම වීරයෙක් විදියට මැරෙන්න හිටිය කොල්ලෙක්. හැබැයි උඹ මියගියේ වීරයෙක් විදියට නෙවෙයි. මට කියන්න බෑ උඹ වීරයෙක් කියලා. මොකද මම උඹට වීරයෙක් කිව්වොත් තව දහස් ගානක් උන් උඹේ පිටිපස්සෙන් එයි. මොකද බුද්ධි මිනිස්සු ගොඩක් පිටිපස්සේ තියාගෙන ඉස්සරහින් ගියපු මිනිහෙක්. උඹේ පිටිපස්සෙන් ආපු මිනිස්සු ඔක්කොම දැන් බලාගෙන ඉන්නේ උඹ දිහා. උඹ රටට ආදරේ කළා නම්, උඹ උඹටත් ආදරේ කරන්න තිබුණා.

උඹ අරගල කරන්න සූදානම් වුණා. උඹ ජීවිතේ විප්ලවයට සූදානම් වෙන්න තිබුණා. උඹ මීට අවුරුද්දකට කලින් ජීවත් වෙන්න රටක් අවශ්‍යයි කියලා කිව්වා. ඒත් දැන් උඹ ඒ රටේ ජීවත් වෙලා නෑ. ජීවත් වෙන්න රටක් අවශ්‍යයි කියලා අරගල කරන්නෙ නැතුව ඕනෙ එකෙකුට පුළුවන් සියදිවි හානි කරගන්න. එහෙම වුණා නම් අරගල කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. වෙන රටක ඉපදෙන්න සැලසුම් කරන්න තිබුණා. සමහර විට මතු උපදින භව ගැන අපිට තියෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක්. ඒක අවිනිශ්චිතයි. ඉපදෙනවද නැද්ද කියන එක ෂුවර් නෑ. ඒ නිසා රට හදන්න වෙහෙසෙන්නේ නැතුව උඹ වගේම හැමෝම සියදිවි හානි කරගත්තා නම් අපට රටක් හැදෙන්නේ නෑ. ඒ නිසා මැරෙන්න කලින් උඹට හිතන්න තිබුණා මල්ලි. මොකද මේ රට හදන්න පුළුවන් රටක්. උඹටත් මටත් අපි හැමෝටමත් මේ රට පරිස්සම් කරගන්න වුවමනාවක් තිබුණා. විශේෂයෙන්ම උඹට ලොකු ඇම්මක් තිබුණා මේ රට බේරගන්න. දැන් රට බේරගන්න නෙවෙයි, අපිට සිද්ධ වෙලා තියෙන්නේ උඹ බේරගන්න බැරි වීම ගැන දුක් වෙන්න. ඒ නිසා අතිශය කනගාටුයි මේ විදියේ කතාවක් ලියන්න වෙච්ච එක ගැන. ඇත්තටම බුද්ධි උඹ මහ පිස්සු කොල්ලෙක්. විකාර කරන්නේ නැතුව හිටපං ලබන ආත්මෙවත්.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සිංහල අවුරුද්ද මළගමක් වෙච්ච ගමක්…

Next Post

පොහොට්ටුවේ බල මණ්ඩල හැම තැනම තියන්න පටන් අරන්! නොපෙනී ‌හිටපු පාක්ෂිකයනුත් එන්න පටන් අරන්! PHOTOS

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.