• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

බිසව සුවපත් කළ අරුග්ගොඩ හාමුදුරුවන්ට රජුගෙන් ලැබුණු අපූරු තෑග්ග

February 11, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
බිසව සුවපත් කළ අරුග්ගොඩ හාමුදුරුවන්ට රජුගෙන් ලැබුණු අපූරු තෑග්ග
Share on WhatsAppShare on Facebook

වඳුරාදෙණිය, හරිගල, ලාහුපන යන ගම්මානවලින් හැඩ කරන කඳුපිට පත්තුවේ බෙලිගල් කෝරළයෙහි ඉද්දමල්පාන නාමය සැබැවින්ම ලෝක ප්‍රකටය. එයට හේතුව එහි ඓතිහාසිකත්වය හා බැඳුණු ලෝකයේ සුන්දරම මිටියාවතකට දිවෙන ඉද්දමල්පාන කීර්ති ශ්‍රී රාජසිංහ රජමහ විහාරස්ථානයයි. ගම්වරයක් සමඟ අරුග්ගොඩ උන්නාන්සේට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මෙම විහාරස්ථානය සඟසතු කොට ඇති ආකාරය ඓතිහාසිකත්වයට එබී බලන කල ඉතා රසවත්ය. අද අපේ කතාබහ මහනුවර රාජධානියට අයත් මෙම ඉද්දමල්පාන කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරස්ථානය ගැනය.

කීර්ති ශ්‍රී රාජසිංහ යනු විජය රාජසිංහගේ බිරියගේ වැඩිමල් සහෝදරයාය. ඔහු පැමිණියේ ‘මදුරෙයි’ නගරයෙනි. ඔහු සිහසුනට උරුමකම් ලැබූ තවත් මස්සිනා කෙනකු වූයේ එපරිද්දෙනි. එමෙන්ම ඔහු දකුණු ඉන්දීය රජ පෙළපතේ දෙවැන්නාය. කීර්ති ශ්‍රී රාජසිංහ ඔහුගේ මස්සිනාගෙන් පසුව රජු බවට පත්වන විට සියුමැලි තරුණයෙකි. ඔහුට සිහසුනේ උරුමය ලැබුණේ 1751 වර්ෂයේදීය. ඔහුගේ පාලන යුගයේ මුල් කාලය කැප කළේ සාහිත්‍ය සහ ආගමික කටයුතුවල අභිවෘද්ධිය පිණිසය. ලන්දේසීන්ගෙන් උදව් ලබාගෙන බුද්ධාගමේ දියුණුව සඳහා සියමෙන් (තායිලන්තයෙන්) භික්‍ෂුන් වහන්සේලා ගෙන්වා ගත්තේය. දන්ත ධාතුන් වහන්සේ උදෙසා දැනට දක්නට තිබෙන ඇතුළු විහාරයක්ද තනවා සිවු වැනි වික්‍රමබාහු සිට ඔහුගේ රාජ්‍ය කාලය දක්වා මහාවංශයේ විස්තරය සම්පූර්ණ කිරීමටද කටයුතු සැලැස්වීය. මෙලෙස බුද්ධාගමේ අභිවෘද්ධිය උදෙසා විශාල සේවාවක් ඉටු කිරීම මෙන්ම ලන්දේසි බලකොටුවලට පහරදීමේ වැඩපිළිවෙළද පසුව ඇති කළ රජකු ලෙස මොහුව හඳුන්වා දීමට හැකිය.

ඉද්දමල්පාන රජමහා විහාරය ගැන සඳහන් කිරීමේදී අරුග්ගොඩ උන්නාන්සේ සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අතර පැවැති සබඳතාව රසවත් කතාවකි. එනම් දිනක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු පන්හිඳෙන් රාජකාරියෙහි යෙදී සිටින අතරතුර තම අග මෙහෙසිය ඔහුට හොර රහසේම පැමිණ වැලඳ ගැනීමට උත්සාහ කරන අතරතුර පන්හිඳෙහි තුඩ බිසවුන් වහන්සේගේ ඇසෙහි ඇනී ඇස තුවාල විය. මෙයට ප්‍රතිකාර කළද සුවපත් නොවූ හෙයින් ඇමැතිවරුන්ගේ උපදෙස් මත අරුග්ගොඩ යන හිමිනම කැඳවීය. උන්නාන්සේ වශී, ගුරුකම් ආදියෙහි යෙදෙන බව දැනගත් රජ තෙමේ බිසව නොපෙන්වා තිරයක් ඇද බළලකුගේ අතෙහි නූලක් ගැටගසා නාඩි පිරික්සීමට ඉඩ සැලැස්වීය. එහිදී මෙය මිනිස් නාඩි නොවන බවත් බළලකුගේ නාඩි බවත් පැවසූ හිමිනමගේ ප්‍රකාශ ඇසූ රජ තෙමේ එයට පැහැදී බිසව පිරික්සීමට ඉඩ සැලැස්වීය. ඉන් අනතුරුව අරුග්ගොඩ උන්නාන්සේගේ ප්‍රතිකාරවලට බිසවුන් වහන්සේ සුවපත්වීමේ ප්‍රතිඵලයක් ලෙස සබරගමුව පළාතෙහි කෑගල්ල නගරයෙහි පිහිටි ඉද්දමල්පාන ප්‍රදේශයෙහි නින්දගමක් සමඟ 65 අමුණක් එනම් අක්කර 265ක් සමඟ කීර්ති ශ්‍රී රාජසිංහ රජමහ විහාරයට එනම් උන්නාන්සේට තඹ සන්නසකින් හා රිදී කරඬුවකින් පූජා කරන ලදී. වර්තමානයෙහි එහි ආරක්‍ෂාව පතා එය දළදා මාලිගාවෙහි තැන්පත් කොට ඇත.

1803දී මෙතැන කුඹුක් ගස් ආශ්‍රයෙන් එල්ලෙන පාලමක් සාදා තිබූ බවද ඈතින් පෙනෙන සුන්දර දිය ඇල්ලක් පසුබිමේ වූ එතැන මඳක් උස ගලක් මත වෙහෙරක් හා විහාරයක් ගොඩනඟා තිබූ බවද පුරාවිද්‍යා අධිකාරීව සිටි එච්. සී. පී. බෙල් මහතා කෑගලු වාර්තාවේ සඳහන් කරඇත. අතීතයේ ගුරුගොඩ ඔයෙහි ඉවුරෙහි වූ ඉද්දමලක් කෙටූ ගලක පහනක් දැල්වීය. එය සිදු කිරීමට රජු විසින් අමාත්‍යවරයකුද පත් කළේය. එනම් රැයෙහි මෙම ඔයෙන් එහා මෙහා වීමේදී ජල ප්‍රමාණය දැනගැනීමටය. අධික ජල ප්‍රමාණයක් සහිත වූ දිනවල මෙම පහන නිවී යන විට එය දැනගත් ජනතාව ඔයෙන් එගොඩ වීමෙන් වැළකී සිටියහ.

මෙවැනි සුන්දර ඉතිහාසයකට උරුමකම් කියන ඉද්දමල්පාන ජනයා සැබැවින්ම පින්වන්තය. එකල කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙම විහාරස්ථානයට සන්නසේ මායිම් ලකුණු කිරීමේදී ඊට මායිම් ලෙස ඇළවල් යොදාගත්හ. එනම් අටුගොඩ ඇල්ල, ගෝනිස්ගොඩ ඇල්ල, ලාහුපන ඇල්ල යනාදියයි. ඊට හේතුව වූයේ සාංඝික දේපොළක් භුක්ති විඳින උදවිය මහා පෙරේතයන් ලෙස උපදින බව විශ්වාස කළ හෙයිනි. එහිදී තමාගේ ශරීරයෙන් දහදිය බිඳු නන්වා සාංඝික දේපොළ භුක්තිය එසේ නොවීමට හේතුවක් ලෙසද ඔවුහු පිළිගත්හ. ඒ නිසා එක් ඉඩමක සිට සාංගික වූ ඉඩමට ගොඩවන්නේ ඇළ තරණය කොටය. එයින් පස් කැටයක් හෝ සාංඝික ඉඩමටත් වෙනත් ඉඩමකටත් නොයන්නේ ඇළෙහි දිය පහරින් සේදී යන නිසාය.

මෙලෙස දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ඓතිහාසික ඉද්දමල්පාන කීර්ති ශ්‍රී රාජසිංහ රජ මහා විහාරස්ථානය පිළිබඳව ඉංග්‍රීසි ජාතික මැක් පර්සන් 1803දී මේ ස්ථානයේ තිබූ රමණීය දර්ශනය පිළිබඳව දීර්ඝ විස්තරයක් කරමින් එය ලෝකයේ ලස්සනම ස්ථානවලින් එකක් සේ සලකයි. සිංහයන් දෙදෙනකුගෙන් හා කඩුවක් දරා සිටින රජවරු දෙදෙනකුගේ මුරකාවල් යටතේ සමාධි සුවයෙන් වැඩ සිටින අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවත්, විෂ්ණු සහ නාථ දෙවියන්ගේ ප්‍රතිමා දෙකකුත් විහාරස්ථාන ගර්භයෙහි නිර්මාණය කොට ඇති අතර, විචිත්‍ර චිත්‍ර සමුදායකුත් ඇත. නූතනයේදී අවාසනාවකට මෙම චිත්‍ර සහ පිළිම විවිධ කෘමි සතුන්ගෙන් හා ස්වභාවික විපත්වලින් දැඩි තර්ජනයකට බඳුන් වී ඇති අතර, එයට පාලකයන්ගේ අඩු සැලකිල්ලක් යොමුවී ඇත.

කෙසේ වෙතත් මෙම විහාරස්ථානය වූ කලී, ගම්වැසියන් සහ විවිධ ජනයාගේ ගරු බුහුමනට අදටත් පත්වන්නේ එහි ඇති යම් අදෘශ්‍යමාන බලවේගය හමුවේ තමාට යම් සෙතක්, ශාන්තියක් ඉටුවෙනවා යැයි දැඩි විශ්වාසය නිසාවෙනි.
ක්‍රිෂාණි මල්ලව

SendShareShare
Previous Post

උතුරු කොනට වෙනස් ගමනක්

Next Post

ගෝඨා හිරේට යයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.