2020 වසරේදී කොමර්ෂල් බැංකුව මෙරට බැංකුකරණයට පිවිස සියවසක් සපුරා තිබෙන අතර මෙරට ජනතාවට සහ ජාතික ආර්ථිකයට මෙම ශතකය තුළදී සිදුකර ඇති දැවැන්ත දායකත්වය සැමරීමට බැංකුවේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් පසුගියදා බැංකුවේ සියවස් සැමරුම එකාවන්ව සිදුකරන ලදී.
කොමර්ෂල් බැංකුවේ සියවස් සැමරුම සඳහා දිවයිනේ විසිරී තිබෙන කොමර්ෂල් බැංකුවල කාර්ය මණ්ඩලයේ 4000කට අධික පිරිසක් කොළඹ රැස්වූ අතර අනාගත බලාපොරොත්තු සහ බැංකුවේ ප්‍රෞඪ ඉතිහාසය ඒකාබද්ධ කරමින් මෙම සැමරුම පැවැත්වීම කැපී පෙනුණි.
මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුවේ කාර්ය මණ්ඩලය මෙම සියවස් සැමරුමට ඒකරාශීවීම අදාළ වසරක වැඩසටහන්වල ආරම්භය විය











