• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

විජයගේ පුතාගේ රඟපෑම

February 5, 2020
in Heart
Reading Time: 2 mins read
A A
විජයගේ පුතාගේ රඟපෑම
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරිගේ ආදරණීය පුතණුවන් රසාංජන නන්දසිරි පියා ගමන්ගත් මඟ තවත් ඉදිරියට යෑමට සිහින දකින කෙනෙක්. ඔහු නළුවකු බවට පත්වන්නේ ඔහුගේ පියාණන්ගේ ‘කුස පබාවතී’ වේදිකා නාට්‍ය හරහා. එතැනින් පටන්ගත් ඔහුගේ ගමන හිටි හැටියේම නතරවන බවක් අපට පෙනුණා. අප ඒ පිළිබඳ විමසීමක් කළා.

රසාංජන වේදිකාවට සමුදුන්නාද?
තාත්තාගේ වේදිකා නාට්‍යවල මම රඟපෑවා. ඒත් පසුගිය කාලේ රටේ ඇතිවුණ විපර්යාසය නිසා එය අපටත් බලපෑවා.
ඒ කියන්නේ ඔබ ඉදිරියේදී තාත්තාගේ අඩුව පුරවනවා?
තාත්තාගේ අඩුව මට හෝ වෙනත් කිසිම කලා ශිල්පියකුට පුරවන්න ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි තාත්තාගේ වේදිකා නාට්‍ය තාත්තා රඟපෑ චරිත මම නිරූපණය කරනවා.
පසුගිය වසරේ ‘කුස පබාවතී’ නැවැත වේදිකාවට ගේනවා. කොහොමද ලැබුණ ප්‍රතිචාර?
අපි හිතුවාට වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. මම ‘කුස පබාවතී’ වේදිකා නාට්‍යයේ ජයම්පතිගේ චරිතය නිරූපණය කළා. මම හිතුවේ නැහැ මට ඒ තරම් හොඳට ප්‍රතිචාර ලැබෙයි කියලා. අනෙක මම ප්‍රධාන චරිතයක් රඟපාපු පළමු අවස්ථාව. හැමෝම කිව්වා මම හොඳට රඟපෑවා කියලා. ඉතින් මට තාත්තා තරම් රඟපාන්න බැරිවෙයි. නමුත් මම උත්සාහ කරනවා සාර්ථකව ඒ චරිත රඟපාන්න.
ඔබට හාස්‍ය චරිත නිරූපණය කළ හැකිද?
ඔය අහන්නේ මගේ තාත්තා හාස්‍ය චරිත නිරූපණය කළ නිසා. නමුත් විජය නන්දසිරි මගේ තාත්තා හාස්‍ය නළුවෙක් නොවේ. ඔහු චරිතාංග රංගන ශිල්පියෙක්. තාත්තා අවසාන කාල වකවානුවේ හාස්‍ය චරිත නිරූපණය කළා. නමුත් ඔහු කොපි කිරීමක් කළේ නැහැ. කාලයක් පුහුණුවීම් කරලා ඔහු හදාගත්ත හාස්‍ය රසයක් තමයි නිර්මාණය කළේ.
ඉදිරියේදී ඔබ සිනමා තරුවක් වීමටත් සූදානම්ලු නේද?
ගිරිරාජ් කෞශල්‍ය අධ්‍යක්ෂණය කළ ‘හතුරු මිතුරු’ චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතය රඟපානවා. මගේ තාත්තා විදියට රඟපාන්නේ අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න තමයි. ප්‍රවීණ ශිල්පීන් රැසක් සමඟ මම වැඩ කරනවා. වෙලාවකට හිතෙනවා තව ටිකක් වේදිකාවේ ඉඳලාම සිනමාවට ආවා නම් හොඳයි කියලා. මොකද මට වේදිකාවෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තිබෙන නිසා.
ඔබට රඟපෑම විතරක් නෙවේ තවත් සහජ කුසලතා තිබෙන බව අප දන්නවා?
ගායනය, නර්තනය, වාදනය මේ හැම දේම මට ලැබුණේ මගේ පවුලේ අභාසයෙන් තමයි. මම එය වැඩිදුරටත් හැදෑරීම් කරලා ප්‍රගුණ කරගත්තා.
මේ ගෙවෙන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
ගෙවෙන ජීවිතය හරිම සුන්දරයි. නමුත් තාත්තා නැති අඩුව මටත්, මගේ අම්මටත් පවුලෙ අපටත් තදින්ම දැනෙනවා. ඒක අමතක වෙන්නෙ නෑ කවදාවත්.
ඉදිරි සැලැසුම?
තාත්තා නිර්මාණය කළ අලුත් වේදිකා නාට්‍ය පිටපත් කිහිපයක් තිබෙනවා. හිතාගෙන ඉන්නේ ඒ නිර්මාණ සහ නතර වුණ අනෙකුත් වේදිකා නාට්‍ය ටිකත් රට පුරා වේදිකාගත කරන්න තමයි. ඒත් දැන්ම නෙමේ. මේ දවස්වල මම අම්මා සමඟ ඒ ගැන කතා කරගෙන යනවා. මමයි, අම්මයි මූලික වෙලා නැවැත වේදිකාවට නිර්මාණ ගේනවා සුදුසු කාලය ආවාම.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කරු පිරිපහදුවකට සූදානම් ‌වෙයි

Next Post

කොමර්ෂල් බැංකුව සියවස සමරයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.