• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සිංහලයා රජකු නැතිව යුද්ධ දිනපු හැටි

February 6, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
සිංහලයා රජකු නැතිව යුද්ධ දිනපු හැටි
Share on WhatsAppShare on Facebook

එදා සිංහල රාජ්‍ය පාලන සමයන්හි අභීත ලෙස දස්කම් පෑ සෙන්පතිවරු සිටියහ. ඔවුන්ගේ අභීත යුද සටන් රැසක් ඉතිහාසයේ තිබුණද ඒවා කාලයේ වැලිතලාවෙන් වැසීගොස් තිබේ.
පඬි රටේ රජුටද සෙන්පතියෙක් සිටියේය. හේ නමින් ආර්ය චක්‍රවර්තිය. එවකට හෙළදිව පැවැති රාජ්‍ය පාලන සමයේදී මෙම සෙන්පතියා සටනක් දියත් කොට යාපනයද ඇතුළුව උතුරු ප්‍රදේශයම සිය අණසක යටතට ගැනීමට සමත් විය.

ඔවුහු කිසි ලෙසකින් ද්‍රවිඩයෝ නොවූ බවද පැවැසේ. ඉහත කී ආර්ය චක්‍රවර්ති සෙන්පතියාගේ ඥාති සහ සම්බන්ධය විමසා බැලීමේදී එදා සමාජ පිළිගැනීමට පාත්‍රව සිටි මාඝ මෙන්ම චන්ද්‍රභානු වැන්නන් පරිදිම ජාවක, මලල යනාදී වශයෙන් කාලිංගයන්ට ඥාති සහ සම්බන්ධතා තිබූ ගංගා වංශයට අයත් වූවෝය. ඒ ගැන නව අයුරකින් පැවැසුවොත් හෙතෙම රාමනාඞ් ප්‍රදේශයේ පාලන බලය ගෙන ගියාවූ ආර්ය වංශික බ්‍රාහ්මණ වංශිකයකුද වූ බව පැහැදිලිය.

එසේම විචය කුලංගෙයි ආර්යන් යාපනයේ ආර්ය පරපුරේ ආරම්භකයා ලෙසද පිළිගැනේ. මොහුගේ සම්භවයද කාලිංග මාඝ ලෙස සැලකෙයි. මෙම තොරතුරු එදා ද්‍රවිඩ ඉතිහාසඥයකු වූ ඥාන ප්‍රගාසර් පවා පිළිගෙන ඇති බව පෙනේ.

මෙම කරුණු එවකට 1981 වසරේදී ආචාර්ය විමල විජයසූරිය විසින් එළිදැක්වූ උතුරෙහි කාලිංග රජය සහ ද්‍රවිඩ රාජ්‍ය වාදයේ ඉතිහාසය නමැති ග්‍රන්ථය මඟින් මොනවට පැහැදිලි කරදී තිබේ.
තවද ආචාර්ය විමල විජයසූරියයන් එම ඉතිහාසය ගෙන හැර පා ඇති ඉතිහාස ග්‍රන්ථය මඟින් ආචාර්ය චක්‍රවර්තිවරු පිළිබඳව අනාවරණය කර ඇත්තේ මෙසේය.

කාලිංග පරපුරට පමණක් මෙකී ආර්ය චක්‍රවර්ති යන වංශ නාම උපාංගය යෙදී ඇති බව එමඟින් පැවැසෙයි. මෙම ආර්ය චක්‍රවර්ති නාමය තමිල්නාඩුවෙ, මදුරාවේ (වත්මන් මදුරාසි) තමිලන්, අන්ද්‍රා, කර්ණාට, කේරළ යන ආර්ය මිශ්‍ර ද්‍රවිඩ හෝ උත්තර භාරතයේ වෙනත් ආර්ය හෝ කිසිදු රජ පරපුරක් භාවිත කර නොමැති බව එහි පැහැදිලිවම දක්වා ඇත.

එය ආර්යයන්ම මිස වචනවලින්වත් ද්‍රවිඩ වී නැති බව පැහැදිලිය. මෙම ආර්යය නාම භාවිතය කොට ඇත්තේ කාලිංග රජවරුන්ට පමණක් බවද එහි මනාව පැහැදිලි කර දී ඇති බවද පෙනේ.
අපගේ හෙළ නරපතියකු වූ නිශ්ශංකමල්ල රජු පවා කාලිංග ආර්ය චක්‍රවර්ති රාජවංශයට අයත් බව එම රජුගේ රුවන්වැලි මහ සෑ භූමියේ ඇති නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපි මඟින් හෙළිවී තිබෙන බවද ආචාර්ය විමල විජයසූරිය සිය ග්‍රන්ථය තුළින් මනාව පැහැදිලි කොට ඇත.

ඉහත කී සෙල්ලිපියේ දක්වා ඇති අන්දමට එහි කියැවෙන ඔකාවස් රජ පරපුරෙන් පැමිණි කාලිංග චක්‍රවර්ති රාජ වංශයට තිලකාය මානවසිංහ පුරෙහි සඤ්ජාතවූ රජකු ලෙස තමාව හඳුන්වා දීමට පසුබට නොවී ඇති බව නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපිය කදිමට සාක්‍ෂි දරා ඇත.
වරක් මුස්ලිම්වරු උතුරු ඉන්දියාව අල්ලා ගැනීමත් සමඟම, එවකට තම රජයේ ආරක්‍ෂාව ගැන දැඩි අවධානයක් යොදවා කටයුතු කිරීමට දකුණු ඉන්දියාවේ එවකට පැවැති දෙමළ රාජ්‍යවලටද සිදුව තිබේ.

එදා පාණ්ඩ්‍යයන්ගේද දකුණු ඉන්දියාවේ බලවත්ව සිටි දෙමළ රාජ්‍යයෙහිද විජය නගර අධිරාජ්‍යයේද බලය පිරිහී ගිය අවස්ථාවක් තිබේ. එයට ප්‍රබල ලෙස බලපා ඇත්තේ මලික් කපූර් නමැති සෙනවියා දකුණු ඉන්දියාව ආක්‍රමණය කිරීමේ සිද්ධිය නිසා ඇති වූවක් බවද පැහැදිලිය.
මෙම තත්ත්වය එදා දකුණු ඉන්දියාවේ ආර්ය චක්‍රවර්තිවරුන්ගේ බලය බිඳවැටීමත්, එකී හේතුව නිසාම ආර්ය චක්‍රවර්තිවරු අපගේ ‘හෙළදිව’ වැනි නව වාසභූමි සොයා පැමිණීමටත් හේතු වී ඇති බවද පෙනේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වසර තුන්සියයක (300) පමණ දිගුකලක් ආර්ය චක්‍රවර්තිවරු පාලනය ගෙනගොස් ඇති බවද එකී කාලය තුළ ආර්ය චක්‍රවර්තිවරු දොළොස් දෙනකු (12) පමණ උතුරේ පාලනය ගෙනගොස් ඇති අයුරු පැහැදිලි වෙයි.
මෙම පාලකයන් ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ දරා ඇති බව පෙනෙන්නට ඇතත්, ඔවුනට ඊට අවකාශ ලැබී ඇති බවක්ද නොපෙනේ.

වසර තුන්සියයක පමණ දිගු කාලයක් මෙම ආර්ය චක්‍රවර්තිවරු උතුර පාලනය ගෙන ගොස් ඇත්තේ එදා කෝට්ටේ රජුට හෝ උඩරට රාජ්‍යයන්ට කප්පම් ගෙවමිනි. එය එසේ වුවත් ඔවුන් ක්‍රමක්‍රමයෙන් යාපනය (උතුරු) ප්‍රදේශයේ ඕනෑවටත් වඩා බලවත් වීමට උත්සාහ දරා ඇති බවක්ද කියැවෙයි.

එබඳු අවස්ථාවල ඉහත කී ආර්ය චක්‍රවර්ති රජවරුන්ට එදා ‘හෙළදිව’ රජ කළ සිංහල රජවරු දඬුවම් කළ අවස්ථා ඇති බවද සඳහන්ය.
එදා ඔවුන්ගේ පාලන බලය විටින් විට බිඳ දැමීමට කටයුතු කර ඇත්තේ ‘හෙළදිව’ රාජ්‍යත්ව ඉසිලූ පළමු වැනි විජයබාහු, පළමුවැනි පරාක්‍රමබාහු, දෙවැනි පරාක්‍රමබාහු, හයවැනි පරාක්‍රමබාහු මෙන්ම සපුමල් කුමරා ලෙසද, සෙන්පතිවරයකු ලෙසද, ඊට පසුව හයවැනි බුවනෙකබාහු යන රජවරුය.

මෙම කාලයේ යාපනයේ දෙමළ ජනාවාසයක් ඇති කිරීමට ක්‍රියා කොට ඇත්තේද ආර්ය චක්‍රවර්ති පරපුරෙන්ම පැවැත ආ පාලකයෙකි. හේ නමින් සංගිලි විය. මෙකී පාලකයාගේ කුරිරුකම කෙසේද යත් ඒ වන විටත් පාරම්පරිකව යාපනයේ විසූ සිංහල බෞද්ධ ජනතාව එම ප්‍රදේශයෙන් පලවා හරිනු ලැබුවේද සංගිලි නම් පාලකයාය. එසේ සිංහල බෞද්ධයන් යාපනයෙන් එළවා දමා මෙකී සංගිලි නමැති පාලකයා එසේ හිස්වූ ඉඩම්වල මෙන්ම එම ගෙවල්වල දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ පවුල් ගෙන්වා පදිංචි කරවා ඇත. උතුර (යාපනය) ද්‍රවිඩ ජනාවාස බවට පත්වන්නේ ඒ ආකාරයටය. අදටත් උතුරේ වෙසෙන ඇතැම් අන්තවාදී දෙමළ දේශපාලන නායකයන්, උතුරු ප්‍රදේශවලින් අදටද ඉතිරිව සිටින බෞද්ධයන් මෙන්ම, බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා පලවා හැරීමට දත කන්නේ එදා සංගිලි නමැති පාලකයා අනුගමනය කරමින් බවද මොනවට පැහැදිලි වෙයි.

කෙසේ වෙතත් පසුව ‘හෙළදිවට’ පැමිණි පෘතුගීසීහු සංගිලි මරා දැමුවේය. එයින් නොනැවතුණු පෘතුගීසීහු යාපනයේ පාලන බලයද සියතට ගත්තෝය. එසේම 1617දී අලකේශ්වර – ආර්ය චක්‍රවර්ති යුද්ධය ඇති වූයේය. මෙරට සිටි වීරබාහු රජු චීන දේශයට අල්ලාගෙන යනු ලැබුවේද මෙම අවධියේමය.

මෙය ‘හෙළදිව’ රජු කෙනකු නොමැති කාලපරිච්ඡේදයක් විය. මෙම කාලයේ අලකේශ්වර මන්ත්‍රී නමැත්තා රයිගමද, පරාක්‍රමබාහු රජුගේ බෑණනුවන් කෙනකු වූ බුවනෙකබාහු නමැති කුමාරයා ගම්පොළ ප්‍රදේශයේද බලවත්ව සිටියහ.

මෙම කාලය වන විට ‘හෙළදිව’ උඩරටින් මෙන්ම පහත රටින් අයබදු ලබා ගනිමින් ආර්ය චක්‍රවර්ති රජුද, තේජවන්ත බල පරාක්‍රමයෙන්ද, සේනාබලයෙන්ද දැඩි ලෙස ශක්තිමත්ව සිටියේය.

මෙසමයේ එක්තරා දිනයක අලකේශ්වරයන් සිය සේනාවේ ලේකම්වරයා කියනුයේ මා වැන්නකු බදු ගෙවන තත්ත්වයකට පත් නොවිය යුතුයි, එය මගේ බලසම්පන්න කමටද මදිකමක්.
මට ඉක්මනින් ආර්ය චක්‍රවර්ති රජු සමඟ යුද වැදීමට අවශ්‍යයි. ඊට අවැසි කළමනා ඉක්මනින් සූදානම් කරවන්නැයි පවසා තිබේ.

අලකේශවරගේ මෙම ප්‍රකාශයත් සමඟම එදා ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ අමුණු ගිල්මත් බඳිනු ලැබීය. ඒ අතර වසර ගණනාවකට අවශ්‍ය පරිදි පොහොනාවීද, සහල්ද නිපදවනු ලැබූ බව කියැවෙයි.
එසේම ආර්ය චක්‍රවර්ති රජුට මුරට සිටියවුන් අල්ලා එල්ලා දම්මවා තිබේ. මෙකී පුවතින් ආර්ය චක්‍රවර්ති රජු විසඝෝර නායකයකු මෙන් කෝප වූයේය.

හේ වහ වහා සොළී රටින් දහස් ගණනක සෙනඟක් ගෙන්වා ගත්හ. මෙම සොළී හේවායන් එකවරම ගම්පොළ ප්‍රදේශයටත්, කෝට්ටේ ප්‍රදේශයටත් එකදා ප්‍රහාරයක් එල්ල කරනු වස්, ගොඩින් මෙන්ම මුහුදු මාර්ගයෙන්ද හේවායෝ එවූහ.

එසේ ගොඩබිමෙන් එවන ලද හේවායෝ මාතලේට පැමිණ කඳවුරු බැඳගත්හ. මහ මුහුද හරහා පැමිණි හේවායෝ පානදුරා තොටින් ගොඩ බැස්සෝය. එසේ පැමිණි සොළී හේවායෝ කොළොම්තොට, දෙමටගොඩ, ගොරකාන යන ප්‍රදේශවලට විශාල ලෙස පැමිණ ලැගුම් ගත්හ.
එකල උඩරට රජ කළ රජු මෙම සිදුවීම් හමුවේ තදබල ලෙස බියට පත්ව ගම්පොළ හැර දමා වහ වහා රයිගම ප්‍රදේශයට පලාගොස් තිබේ.

මෙම සිද්ධියෙන් එදා උඩරට විසූ සිංහල සේනාවෝ තම රජු කෙරෙහි තදබල ලෙස කලකිරුණහ. අප වැනි මේසා සේනාවක් සිටියදීත් රජුගේ පලා යෑම ඔවුහු නොඉවසූහ. මෙය සිංහල සේනාවේ අපට බලවත් මදිපුංචි කමක් නොවේද ඔවුහු සිතූහ. අප වැනි සිංහල සේනාවක් දමා ගිය රජුගෙන් අපට පලක් නැත. අපි අපිම මේ තත්ත්වයට මුහුණ දෙමුයි’ ඔවුහු කතිකාකර ගත්හ.
එදා උඩරට විසූ සිංහල සේනාවේ සියල්ලෝම එක අරමුණකට ආහ.

අප කොහොමද පිටරටකින් එන හේවා පිරිසකට බියේ පලා යන්නෙ. අපි මුහුණට මුහුණ එකාවන්ව සටන් කොට ඔය කුලියට ඇවිත් සිටින සොළී හේවායෝ පරාජය කරමු. මේක අපේ රට, යමු. යමු, ඉක්මන් කරමු. හැකි විගස මාතලේ බලා පිටත් වෙමු. සොළී හේවායෝ උඩරටින් පන්නා දමමු’යි ඔවුහු කතිකාකර ගත්හ.

යුද්ධයකට අණ දීමට රජකු නොමැතිව සිටි මෙම සිංහල අභීත සේනාව එදා මාතලේ වැටලූහ. කුලී හේවායන් ලෙස උඩරටට පහර දීමට සූදානම්ව සිටි දෙමළ හේවායෝ මරා දැමූහ. මෙකී සටනින් ඉතිරි වූ සුළු දෙමළ පිරිසක් උතුරු පළාතේ යාපනය ප්‍රදේශයට පලාගියහ.
මේ අතර අලකේශ්වර කොළොම්තොටට පැමිණියේය. එසේ පැමිණි අලකේශ්වර ඒ වන විට කෝට්ටේ රාජධානියට පහර දීමට පැමිණ දෙමටගොඩ සහ ගොරකාන ප්‍රදේශවල කඳවුරුලා සිටි දෙමළුනට පහර දී ඔවුහු වනසා දැමූහ.

එයින් නොනැවතුණු අලකේශ්වර පානදුරා තොටට ගොස් සොළී රටින් පිරිසක් පැමිණ තිබූ නැව් සියල්ලද පොඩිකර විනාශ කර දමා රට වැනසෙන්නට ගිය කුරිරු යුද්ධය ජයගනු ලැබුවේ චක්‍රවර්ති රජුට මතක සිටින පාඩමක් උගන්වමිනි.
එසේ යුද්ධය ජයගත් පසු අලකේශ්වරයාණන් දැඩි අභිමානයෙන් යුතුව ජයවර්ධන පුරය බලා පැමිණ ඇත.
නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

විනාශයේ බස්නාව

Next Post

මහින්දගේ ඉන්දියා ගමනට 4යි: ‌ඉන්දියා‌වත් ‌වෙනස්කම් කරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.