• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හිරු නොබසින අධිරාජ්‍යය දෙදරවූ නව යුවළ

February 5, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
හිරු නොබසින අධිරාජ්‍යය දෙදරවූ නව යුවළ
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ හිරු නොබසින අධිරාජ්‍යය විදිහට රටම හඳුන්වන එක්සත් රාජධානියේ නැත්නම් මහා බි්‍රතාන්‍යයේ කතාව අපි පසුගිය සතියක ඔබට කිව්වා. ඒත් ඒ කියලා කට ගන්න කලින් ඔන්න ආයෙත් අපිට ඒ ගැන අලුතින්ම තව කතාවක් ලියන්න වුණා. ඒකට හේතුව මහා බි්‍රතාන්‍යයේ රජ පවුල එක්වරම දෙදරා යෑම. පසුගියදා සිදුවූ එම සිද්ධියත් එක්ක දෙස් විදෙස් මාධ්‍යවලට ඒක උණු කැවුම් මෙන් නැවුම් වගේම රහ ප්‍රවෘත්තියක් වුණා. එහෙම වෙන්නත් ලොකු හේතුවක් තිබුණා. ඒක තමයි බි්‍රතාන්‍යය රජ පවුල රට රාජ්‍ය තුළ ලබාගෙන තිබුණු ඉමහත් ජනප්‍රිය බව. ඉතින් ඔන්න ඔය හේතුව හින්දා බි්‍රතාන්‍යය රජ පවුලේ කතාව රට වටේම වේගයෙන් පැතිරුණා. අපේ රටේ මිනිස්සුත් ඒ ගැන සෑහෙන්න හොයන්න ගත්තා. ඔන්න ඒ හින්දම අපි හිතුවා ඔය කතාව ගැන ඔබට හරියටම කියන්න. ඉතින් රටම හොල්ලපු රජ පවුලේ කතාව මෙහෙමයි.

බි්‍රතාන්‍යය රජ පවුලේ කතාවට මුල් වුණේ එම රජ පවුලේ ඉන්න හැරී කුමාරයා සහ ඔහුගේ බිරිඳ මේගන් කුමරිය. ඔවුන් දෙදෙනාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හින්දයි මේ විදිහට රජ පවුලම දෙදරලා ගියේ. මුළු රජ පවුලම කලඹපු ඒ ආන්දෝලනාත්මක තීරණය තමයි රජ පවුලේ ඉහළම සාමාජිකයන් ලෙස දැනට දරනු ලබන සියලු තනතුරුවලින් ඔවුන් දෙපළ ඉවත්වීමට තීරණය කිරීම. හැරී කුමරු සහ මේගන් කුමරිය ගත් ඒ තීරණය පිළිබඳව ඔවුන් ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් මඟින් ප්‍රකාශ කරන්නත් වුණා. ඒ වගේමයි ඉදිරියේදී ඔවුන් සිය රජ පවුලෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වෙන කතාවකුත් එතැනදී නොකියාම කියවිලා තිබුණා. විශේෂයෙන්ම රජ පවුලේ මුදලින් ඔවුන් යළි නඩත්තු නොවී තමන්ගේම ආදායම් මාර්ගයක් හරහා ජීවත්වීමටයි ඔවුන්ගේ අලුත් අදහස. ඒ බවත් ඔවුන් ඔවුන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනේ පැහැදිලිව සඳහන් කරලා තිබුණා. ඉතින් ඔන්න ඔය වගේ කරුණු කාරණා කිහිපයක් හින්දා රජ පවුල කලබලයට පත්වුණා.

මේ සිදුවීමත් එක්කම දැන් මුළු රටක්ම හොයන දෙයක් තියෙනවා. ඒක තමයි මේ දේවල්වලට හේතුව මොකක්ද කියන එක. හුඟාක් අයගේ අදහස වෙන්නේ නම් මෙම රජ පවුල ඇතුළේ එළියට නොදැනුණු සීතල යුද්ධයක් තිබුණා කියන කාරණාව. ඒකට රජ පවුලේ බොහෝ පිරිසක් සම්බන්ධයි කියන කාරණාවත් අද එළියට නොආපු එක්තරා එක රහසක්. විශේෂයෙන්ම මෙතැනදී මේගන් මාර්කල් කුමරියගේ ජීවිත කතාව මෙම සිදුවීමට මූලිකත්වය ගත්තයි කියලා කියන්න පුළුවන්. මොකද මේගන් මාර්කල් කියන්නේ එවකට මේ රජ පවුලට ගැළපෙන කෙනෙක් නෙවෙයි. මොකද ඇය ඇමෙරිකාවේ හිටපු නිරූපිකාවක්. රජ පවුලකට නිරූපිකාවක් එක්ක විවාහ වෙන්න බෑ. ඒක ඔවුන්ගේ සම්ප්‍රදායට පටහැනියි. ඒත් ඒ පිළිගත් සම්ප්‍රදාය බිඳලා හැරී කුමාරයා මේගන් කුමරියව තමන්ගේ සහකාරිය කරගන්නවා. රජ පවුල එදා දෙදරන්න පටන් ගන්නේ ඔන්න ඔය සිදුවීමත් එක්ක. ඒත් එක්කම ඇයගේ මව කළු ජාතික කාන්තාවක්. ඒකත් මෙතැනදී ලොකුවටම බලපෑව එක රහසක් නෙවෙයි.

සමහර දේවල් හින්දා රජකම ලබාගන්න මිනිස්සු වගේම තවත් සමහර දේවල් හින්දා තියෙන රජකමත් අතාරින මිනිස්සු ඉන්නවා. අපේ ඉතිහාසයෙහි දුටුගැමුණු මහා රජතුමාගේ එකම පුතා විදිහට සැලකෙන සාලිය නැත්නම් සාලිරාජ කුමාරයට සිය රජකම අතාරින්න වෙනවා. ඒ එවකට නොගැළපෙන විවාහයක් හේතුවෙන්. දැන් බැලුවම බි්‍රතාන්‍යයේ රජ පවුලේ හැරී කුමාරයට වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක්. මොකද අනාගතේ ඔහුටත් ඔටුන්න අහිමිවෙන බව රහසක් නෙවෙයි. ඒත් මේගන් එක්ක එදා විවාහ වෙද්දී ඒ ගැන ඔහු හිතන් නෑ. කොහොම හරි දෙන්නා එදා රජ පවුලේ සම්ප්‍රදාය බිඳලා විවාහ වෙන්න පටන් ගන්නවා. අන්න එදා ඉඳන් එක පැත්තකින් අළු අස්සේ ගිනි පත්තු වෙනවා. තව පැත්තකින් සීතල යුද්ධයක් ඇරඹෙනවා. අන්තිමේ ඔය හේතු හින්දමද මන්දා හැරී කුමාරයා මේගන් කුමරිය එක්ක එකතුවෙලා ඉතාම අන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා. ඒත් අපි තවම දන්නේ නෑ ඔවුන් එවැනි තීරණයකට ආවේ ඔය හේතු හින්දමද කියලා. ඒත් ඉතින් රජ පවුලේ අයට ඔහොම තීරණයකට යන්න තවත් හේතු තියෙන්න විදිහක් නෑ.

මේ ලෝකයේ හැම මනුස්සයෙක්ම රජ පවුලකට එකතු වෙන්න කැමැතියි. මේගන් කුමරිය එදා කළෙත් අන්න ඒක. ඒත් මේගන් කුමරිය හැරී කුමාරයා එක්ක එකතුවෙලා රජ පවුලෙන් වෙන්වෙන්න ගත්තු දරුණු තීරණය සෑහෙන්න ප්‍රශ්නකාරී එකක්. ඒ වෙද්දිත් රජ පවුලේ සියලුම වරප්‍රසාද ඔවුන්ට හිමිවෙලයි තිබුණේ. ඒත් ඉතින් අපි මුලදී කියපු ඒ කරුණු කාරණා එක්ක ගත්තම හැරී කුමාරයා සහ මේගන් කුමරිය හිටියේ ලොකු ආතතියක. ඇත්තටම ඒක මානසික අවුලක්. කොහොම හරි මේ අස්සේ රජ පවුලේම විලියම් සහ කේට් දෙන්නත් හැරී සහ මේගන්ට ප්‍රශ්නයක් වෙලයි තිබුණේ. ඔය හතරදෙනා අතරත් සීතල යුද්ධයක් තිබුණා කියන එක රහසක් නෙවෙයි. හැබැයි ඒ රහස පසුගියදා එළියටම ආවා. ඒ හැරී සහ මේගන් පදිංචිය වෙනස් කිරීමත් එක්කයි. ඒ කියන්නේ හැරී හා මේගන් දෙන්නා කලින් හිටියේ ලන්ඩනයේ කෙන්සින්ටන් නම් මන්දිර පරිශ්‍රයේ නිවෙසක. ඊට යාබදම නිවෙසේ හිටියේ විලියම් එක්ක කේට්. ඒත් පසුගියදා හැරී සහ මේගන් එයින් ඉවත්වෙලා ලන්ඩනයේ සිට තරමක් ඈතකින් තියෙන ෆ්‍රොග්මෝර් කොටේජ් නම් නිවෙසේ පදිංචියට ගියා.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

එදා කසාද සහ අද කසාද

Next Post

මෛත්‍රී තවත් හිරවෙයි: හිටපු හමුදාපතිත් පාස්කු ප්‍රහාරය ‌මෛත්‍රී පිටින් යවයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.